අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ බැඩ්මින්ටන් සංචිත පිහිටුවයි

WhatsApp Image 2023-08-03 at 8.38.26 AM (1) (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාව දීපව්‍යාප්ත කරමින් දෙස් විදෙස් තරග බිමට නව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් ආරම්භ කරනු ලැබූ සියලු දිස්ත්‍රික්ක සඳහා අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමේ වැඩසටහන යටතේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංචිත තෝරා ගැනීම පසුගියදා සිදු කෙරිණි.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ මඟපෙන්වීම සහ අනුග්‍රාහකත්වය යටතේ බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ කලාපීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් යුතුව පැවැති මේ වැඩසටහනේ අම්පාර දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංචිතය තෝරා ගැනීම එම දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මඩකලපුව දිස්ත්‍රික් අවුරුදු 13න් පහළ සංචිත ගොඩ නැගීමේ වැඩසටහන එම දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් සංගමයේ සභාපති රාජන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංචිතගත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එම දිස්ත්‍රික්කයේ බැඩ්මින්ටන් සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතා සහභාගි විය.

අවුරුදු 13න් පහළ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංචිතගත කිරිමේ වැඩසටහන සඳහා Mobil, 3M සහ Li Ning අනුග්‍රාහකත්වය ලැබී ඇත.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව