අභිනවයෙන් විවෘත වූ ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, කන්ද උඩරට රාජධානියට නව යුගයක් උදා කරයි

Image 01 (1) (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශාලතම දේශීය පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලය වන ESOFTහි ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් පිරිනමන ‘ESU මහනුවර’ උසස් අධ්‍යාපන ආයතනය, පසුගියදා නිල වශයෙන් විවෘත කරන ලදී. පුළුල් විෂය පථයකින් සමන්විත මෙම උපාධි අධ්‍යන වැඩසටහන් මාලාව, ESOFT හි උපායමාර්ගික දැක්ම සනිටුහන් කරමින්, ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම කෙරෙහි විශේෂ අවධානයකින් යුතුව ක්‍රියාත්මක වේ. 2025 ජුනි මාසයේ බඳවා ගැනීම් සඳහා අයදුම්පත් භාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, ඒ අනුව මහනුවර අවට දූවා දරුවන්ට කොළඹට සංක්‍රමණය නොවී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමට අවස්ථාව උදා වනු ඇත. ESU හා සම්බන්ධ වීමේ සැබෑ වටිනාකම වන්නේ සිසු දරුවන්ට සිය අධ්‍යාපනික මුල්‍ය වියදම් අවම කර ගනිමින් ජාත්‍යන්තර තලයේ ප්‍රමිතිගත අධ්‍යාපනයක් සහිත උපාධියක් හිමි කර ගැනීමට අවකාශය සැලසීමයි.

 



 

මහනුවර නගරයේ තිබෙන විශාලතම උසස් අධ්‍යාපන ආයතනය වන ESU හි කලාව හා නිර්මාණ, ජීවන විද්‍යාව, පරිගණක විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, ව්‍යාපාර අධ්‍යනය, නීතිය, භාෂා, අධ්‍යාපනය සහ සමාජ විද්‍යාව ඇතුළු පුළුල් පරාසයකින් සමන්විත අධ්‍යන පීඨයන් ඇතුළත් වේ. පුළුල් විෂයමාලාවක් පදනම් කරගත් මෙම උපාධි වැඩසටහනට මූලික උපාධියේ සිට පශ්චාත් උපාධි හා ආචාර්ය උපාධි වැඩසටහන් දක්වා සියලු පාඨමාලාවන් රැසක් ඇතුළත් වන අතර, එමගින් සිසු දරුවන්ට සිය අනාගත සිහින හා වෘත්තීය ඉලක්කයන් සපුරා ගැනීමට ESU උසස් අධ්‍යාපන ආයතනය මහඟු තෝතැන්නක් ද වනු ඇත. එමෙන්ම ලන්ඩන්හි කිංග්ස්ටන් විශ්ව විද්‍යාලය සහ ලන්ඩන් මෙට්‍රොපොලිටන් විශ්ව විද්‍යාලය සමඟ පවතින හවුල්කාරීත්වය මත ESU මහනුවර සිසු දරුවන්ට ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම්, ඒකාබද්ධ පර්යේෂණ අවස්ථාවන් සහ බහු අධ්‍යයන ප්‍රවේශයන්ට පහසුකම් සැලසෙනු ඇත. ඒ අනුව විදෙස්ගතව උසස් අධ්‍යාපනය හැදෑරීමට අපේක්ෂා කරන සිසුන්ට උදාහරණයක් ලෙස, සිය උපාධියේ පළමු වසර දෙක ESU වෙතින් නිමා කොට අවසන් වසර බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය සමග එක් වී සම්පූර්ණ කර ගැනීමටත්, තෙවැනි හා සිවුවැනි වසර ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය සමග එක් වී සම්පූර්ණ කර ගැනීමටත් අවස්ථාව සැලසේ.

‘ESU මහනුවර’ යනු සාමාන්‍ය අධ්‍යයන ආයතනයකට එහා ගිය, අසීමාන්තික අධ්‍යාපන හැකියාවන් ගොඩනගන උගතුන්ගේ තෝතැන්නක් බව ESOFT Metro Campus හා ESU හි සභාපති සහ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ, වෛද්‍ය දයාන් රාජපක්ෂ මහතා පැවසීය. ‘‘වසර 19ක් තිස්සේ අපි මහනුවර ප්‍රදේශයේ දූ දරුවන් අධ්‍යාපනයෙන් සවිබල ගැන්වූ අතර අපගේ නවතම හඳුන්වා දීම වන, ESU මහනුවර උසස් අධ්‍යාපන ආයතනය සතු නවීන පහසුකම් තුළින් ඔවුනට ජාත්‍යන්තර තලයේ ඉගෙනුම් අත්දැකීමක් ලබා දීමට බලාපොරොත්තු වෙමු. ESU උසස් අධ්‍යාපන ජාලය අප නිර්මාණය කර තිබෙන්නේ සිසුන්ට තමන්ගේ නගරය හෝ රට හැර යාමකින් තොරව උසස් තත්ත්වයේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම උදෙසාය. සම්ප්‍රදායික පන්ති කාමර ඉගෙනුම් ක්‍රමයෙන් බැහැරට ගොස් මෙරටදීම ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අධ්‍යාපනයක් ලැබූ වෘත්තීය කුසලතාවයන්ගෙන් සැදුම්ලත් තාරුණ්‍යයක් බිහි කිරීම අපගේ මූලික පරමාර්ථයයි’’

මෙම සන්ධිස්ථානය පිළිබඳ අදහස් දැක්වූ ESU හි උපකුලපති, මහාචාර්ය වේරන්ජ කරුණාරත්න මහතා මෙසේ පැවසීය. ‘‘අපගේ උපාධි වැඩසටහන් මාලාව, න්‍යායික දැනුම සහ ප්‍රායෝගික කුසලතාවන් සමඟ ශක්තිමත් අයුරින් ඒකාබද්ධ කර ඇති අතර, නව්‍ය තාක්ෂණය හා ජාත්‍යන්තර විශ්ව විද්‍යාලවල සහාය ඇතිව අපගේ සිසු දරුවන් නවීන ලෝකයේ අනාගත වෘත්තීන් සඳහා බල ගැන්වීමට කටයුතු කරමින් සිටින්නෙමු’’

‘‘ESU හි අධ්‍යාපනය ලැබීම යනු පොත පතින් ලබන අධ්‍යාපනයට එහා ගිය බුද්ධිමය වශයෙන් හා පෞද්ගලික වශයෙන් සංවර්ධනය වීමට ඇති මහඟු අවස්ථාවකි. සිසු දරුවන්ට අනාගත ලෝකය තුළ ධනාත්මක පරිවර්තනයක් සිදු කිරීමට අවශ්‍ය නිසි මග පෙන්වීම හා අධ්‍යාපනය ලබා දීම උදෙසා අපි නිරන්තරයෙන් කැපවී සිටින්නෙමු’’ යැයි මහනුවර ESU හි සහකාර නියෝජ්‍ය උප කුලපති, ආචාර්ය හේසල් මැසෙන්ජර් මහත්මිය පැවසුවාය.

2025 වසරේ ජුනි මාසයේ බඳවා ගැනීම් සඳහා දැන් අයැදුම්පත් භාර ගැනේ. ESU මහනුවර වෙතින් උසස් අධ්‍යාපනය හැදෑරීමට කැමති සිසු දරුවන්ට සහ ඔවුනගේ දෙමාපියන්ට ESOFT උසස් අධ්‍යාපන ආයතනය වෙත පැමිණීමෙන් හෝ බඳවා ගැනීමේ කණ්ඩායම ඇමතීමෙන් හෝ වැඩිදුර විස්තර ලබා ගත හැකිය.

වැඩිදුර තොරතුරු සඳහා +94 76 6000 400 හෝ +94 76 8800 400 අමතන්න. එසේත් නැතිනම් www.esu.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව