අබාන්ස් ඔටෝ විසින් එකලස් කරන ලද Hyundai Grand i 10 සඳහා නිල ටයර ලෙස සියැට් කාර් රේඩියල් තෝරා ගනී

OEM for Hyundai Grand i10 (LBN)

අබාන්ස් ඔටෝ විසින් මෙරට එකලස් කරන, අලෙවි කරන සහ අලෙවියට පසු සේවා සපයන 2024 හියුන්ඩේ (Hyundai) ග්‍රෑන්ඩ් i10 මෝටර් රථ සඳහා නිල ටයරය ලෙස දේශීය වෙළඳාපොළේ ඉහළම අලෙවිය වාර්තා කරන සියැට් රේඩියල් ටයරය තෝරාගෙන ඇත.

දේශීය අගය එකතු කිරීමේ කටයුත්තෙහි ප්‍රමුඛ සමාගම් දෙකක් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ සන්නාමයක් එක් කරන මෙම හවුල්කාරිත්වය තුළින් සීදූව අබාන්ස් ඔටෝ කම්හලේ එකලස් කරන ලද හියුන්ඩේ ග්‍රෑන්ඩ් i10 රථ සඳහා ජර්මානු ඉංජිනේරු තාක්ෂණයෙන් නිපදවන ලබන අඟල් 15 සියැට් රේඩියල් සවි කිරීමට මග පාදයි.

 


 

ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් හි පිහිටි සියැට් සමාගමටම අයත් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ ජර්මානු ඉංජිනේරුවන් විසින් නිර්මාණය කර පරීක්ෂා කරන ලද මෙම ටයර්, මෙම මෝටර් රථ සඳහා නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන කාර්ය සාධන නිර්ණායක සපුරාලන අතර, වාහනයේ පෙනුම වැඩි දියුණු කිරීම පමණක් නොව උසස් ආරක්ෂාව සහ කාර්ය සාධනය සහතික කරන බව සමාගම පවසයි.

මෝටර් රථ තත්ත්ව කළමනාකරණ පද්ධති සඳහා වන ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වීම වෙනුවෙන් ජාත්‍යන්තර මෝටර් රථ කාර්ය සාධක බලකාය (IATF) විසින්  පිරිනමන IATF 16949:2016 සහතිකය ලබා ගත් දේශීයව නිෂ්පාදනය කරන ලද එකම ටයර් සන්නාමය ද සියැට් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ෂමල් ගුණවර්ධන මහතා “නිෂ්පාදකයා විසින් නිර්දේශ කරන ලද නිල ටයර සඳහා අපගේ ආයතනික ගැනුම්කරුවන් ලැයිස්තුවට අපි හියුන්ඩේ සහ අබාන්ස් ඔටෝ සාදරයෙන් පිළිගන්නවා,”යැයි පැවසූවේය. “රටේ විශාලතම ටයර් නිෂ්පාදකයා ලෙස, ආනයන මත යැපීම අඩු කිරීම සියැට් හි ප්‍රධාන අරමුණක් වන අතර, දේශීය වාහන එකලස් කරන්නන් සමඟ අපගේ හවුල්කාරිත්වය වැඩිදියුණු කර ගනිමින් දේශීය අගය එකතු කිරීම සහ විදේශ විනිමය සුරැකීමට උපකාරී වීමෙන් ජාතික අවශ්‍යතා සඳහා ද අපි සහයෝගය දක්වනවා.”

අබාන්ස් ඔටෝ හි අධ්‍යක්ෂ – උපාය මාර්ග සහ ව්‍යාපාර සංවර්ධන අමන්ද ගුණරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය:  “ශ්‍රී ලංකාවේ එකලස් කරන හියුන්ඩේ i10 ශ්‍රී ලංකාවේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තයේ සුවිශේෂි සංධිස්ථානයක් සනිටුහන් කරන අතර, එකලස් කිරීම සහ උපාංග නිෂ්පාදනය සම්බන්ධයෙන් රටේ වර්ධනය වන හැකියාවන් ප්‍රදර්ශනය කරයි. ලොව තුන්වන විශාලතම මෝටර් රථ සන්නාමය වන හියුන්ඩේ හි උසස් තත්ත්වයේ විශ්වාසනීය සහ ගෝලීය වශයෙන් පිළිගත් වාහන සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට ප්‍රවේශ වීමේ අවස්ථාව දැන් උදා වී ඇත. මෙම වාහන දේශීය මාර්ග සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර ජාත්‍යන්තරව පිළිගත් ටයර් වන සියැට් කාර් රේඩියල් සවි කර තිබේ.”

සියැට් කැළණි හවුල් ව්‍යාපාරය පසුගිය දශකය තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ සිදු කර ඇති  සමස්ත ආයෝජනය රුපියල් බිලියන 8.5 ඉක්මවයි. සියැට් කැළණි සමාගම සිය  නිෂ්පාදනයෙන් සියයට 20ක් පමණ රටවල් 16කට අපනයනය කරන අතර ආනයනික ටයර්  මත යැපීම අඩුකරමින් විදේශ විනිමය සුරැකීමට ජාතික ආර්ථිකයට උපකාර කිරීමෙහිලා  සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව