අපද්‍රව්‍ය කළමනාකරණ අභියෝග ජය ගැනීම වෙනුවෙන් යාපනයේ සහ බදුල්ලේ නව අපද්‍රව්‍ය පෙර සැකසුම් (MRF) පහසුකම් විවෘත කරයි

Final MRF Badulla and Jaffna - Image 04 (LBN)

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය තුළින් තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා වන ප්‍රයත්නයේ තවත් පියවරක් පසුගියදා සනිටුහන් කරනු ලැබුවේ යාපනය හා බදුල්ල නගරවල නවීන අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් විවෘත කරමිනි. කොකා-කෝලා පදනම, Eco-Spindles සහ Janathakshan GTE Ltd සමඟ එක්ව යාපනයේ  “Golden PET Company Pvt. Ltd” සහ බදුල්ලේ “J A S Fernando” නමින් පිහිටුවන ලද මෙම නව අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් තුළින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයේදී මුහුණ දෙන අභියෝග ජයගනිමින් පාරිසරික තිරසාරභාවය ඉහළ නැංවීමේ සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වනු ඇත.

 



 

ගෝලීය වශයෙන් ප්ලාස්ටික් දූෂණය අවම කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ සුවිසල් වැඩසටහන අනුව යමින් කොකා-කෝලා පදනම විසින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළනාකරණය වෙනුවෙන් කැපවී කටයුතු කරයි. ඒ සඳහා ඉහළ තාක්ෂණය හා අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ යාන්ත්‍රණයක් තුළින් පහසුකම් සපයන ඔවුන් මේ වන විට මාසිකව අපද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 20කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීයකරණය කිරීමට සමත්ව සිටියි.

මෙම නව අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් ලබා දීමේදී උපාය මාර්ගික සාධකයන් පිළිබඳ අවධානය යොමු කරමින් යාපනය සහ බදුල්ල තෝරා ගැනීමට කටයුතු කිරීමද විශේෂත්වයකි. ඌව පළාතේ ප්‍රධාන නගරය වන බදුල්ල නාගරික වටාපිටාවක් සහ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් සහිත නගරයක් වන අතර එහි ජනගහනය 815,405ක් පමණ වේ- සංචාරකයින් 17.2%ක් පමණ වාර්ෂිකව සංචාරය කරනු ලබන බදුල්ල නගරය තුළ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එකතු වන බැවින් මෙම අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් එහි පිහිටුවීමට කටයුතු කරනු ලැබීය.

583,382ක ජනගහනයකින් යුත් යාපනය නගරයද සංචාරකයින් බෙහෙවින් පැමිණෙන හෝටල් කර්මාන්තයේ වර්ධනයක් සහිත ප්‍රදේශයකි. විශේෂයෙන් ආකර්ෂණීය ස්ථාන රැසකින් මෙන්ම සුන්දර මුහුදු තීරයකින්ද වරායන්ගෙන් සුසැදි යාපනය නගරය තුළ එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය දිරි ගැන්වීම වෙනුවෙන් මෙම නව අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් පිහිටුවීමට කොකා-කෝලා පදනම, Eco-Spindles සහ Janathakshan GTE Ltd කටයුතු කරන ලදී.

නිසි පරිදි අපද්‍රව්‍ය එකතු කිරීම් සිදු නොකරන ප්‍රජාවන් සමඟ එක්ව ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීම හා මනාව පවත්වාගෙන යාම සඳහා මෙම නව අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් ඉමහත් පහසුවක් වනු ඇත. නවීන balers සහ crushers භාවිත කරන එම පහසුකම තුළින් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි PET ප්ලාස්ටික් කාර්යක්ෂම අයුරින් වෙන් කිරීම, සම්පීඩනය හා තැලීම මෙන්ම සංයුක්ත බේල් හා ප්ලාස්ටික් කැට බවට පත් කිරීම සිදු කරනු ලබයි. තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය තවදුරටත් ඉහළ නැංවීම සඳහා මෙම PET ප්ලාස්ටික් ද්‍රව්‍ය තවදුරටත් සකස් කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණය සඳහා Eco Spindles වෙත යොමු කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොකා-කෝලා පදනමේ සභාපති Carlos Pagoaga මහතා “ශ්‍රී ලංකාවේ තිරසාරභාවය වෙනුවෙන් වන අපගේ දිගුකාලීන ප්‍රයත්නයෙහි තවත් පියවරක් ලෙස අපද්‍රව්‍ය එකතු කිරීම හා ප්‍රතිචක්‍රීයකරණය කිරීම ඉහළ නැංවීමේ වැඩසටහන් සඳහා නිරන්තරයෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමට කොකා-කෝලා පදනම කටයුතු කරනවා. මෙම නවතම අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් තුළින් අපගේ හවුල්කරුවන්ට සහයෝගය ලබා දීමෙන් ප්‍රතිචක්‍රීයකරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට මෙන්ම පිරිසිදු පරිසරයක් උරුම කර දීමට අපට හැකි වනවා. එය හරිත අනාගතයක් කරා යන අපගේ ගමනේ තවත් සුවිශේෂී සනධිස්ථානයක් බවට පත් වන අතරම ශ්‍රී ලංකාව තුළ ධනාත්මක වෙනසක් හා තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සඳහා වන අපගේ කැපවීමද ප්‍රදර්ශනය කරනවා.” යනුවෙන් පවසා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ Eco Spindles Pvt. Ltd හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසන්න මාලිම්බඩගේ මහතා සඳහන් කර සිටියේ මෙම නවීන අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් පිහිටුවීම තිරසාර අනාගතයක් සඳහා ප්‍රමුඛ පියවරක් වන බවයි. තම හවුල්කරුවන් සමඟ එක්ව වත්මන් අභියෝගයන්ට මුහුණ දෙමින් වඩා හොඳ හෙට දවසක් ශ්‍රී ලාංකිකයින් වෙත උරුම කර දීම සඳහා මෙන්ම පාරිසරික සුරක්ෂිතභාවය වෙනුවෙන් Eco Spindles හි කැපවීමද මේ තුළින් අවධාරණය කරන බවද ඒ මහතා සඳහන් කරන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් එක් කළ Janathakshan GTE Ltd හි ප්‍රධාන විධායක නිලධාරී/ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ජානක හේමතිලක මහතා පවසා සිටියේ මෙම අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම් ඉදිරියේදී යටිතල පහසුකම්වලට වඩා ප්‍රයෝජනවත් වනු ඇති බවයි. ඒ තුළින් කල්පවත්නා පරිවර්තනයක් අපේක්ෂා කළ හැකි බව පැවසූ ඒ මහතා තිරසාර වර්ධනයක් වෙනුවෙන් හවුල්කරුවන් සමඟ එක්ව දීප්තිමත් අනාගතයකට අවශ්‍ය අඩිතාලම නිර්මාණය කිරීමට Janathakshan GTE Ltd කටයුතු කරන බවද පවසා සිටියේය.

මෙම හවුල්කාරීත්වය තුළින් පිහිටවූ අපද්‍රව්‍ය පෙර සැකසුම් පහසුකම්හි 5 වන සහ 6 වන පහසුකම් ලෙසද Golden PET Company Pvt. Ltd හා J A S Fernando MRFs පහසුකම් සඳහන් කළ හැකිය. මෙරට ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා Eco Spindles සහ Janathakshan  සමඟ එක්ව කොකා-කෝලා පදනම මඟින් ක්‍රියාත්මක කරනු ලැබූ පරිසර හිතකාමී වැඩසටහනෙහි තවත් සුවිශේෂී පියවරක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව