අනාගතය වෙනුවෙන් ආයෝජනයක් – විශ්‍රාම දිවිය සතුටින් ගතකරන්න ATL Life වෙතින් දීර්ඝායු PLUS

Image-1

අමානා තකාෆුල් ලයිෆ් (ATL ) දීර්ඝායු ඡඛඹී, ශ්‍රී ලාංකික ජනතාවගේ යහපත වෙනුවෙන් නිරන්තර කැපවීමකින් කටයුතු කරන අතර, විශ්‍රාම ජීවිතය සතුටින් ගතකිරීම සදහා අවශ්‍ය මුල්‍යමය ශක්තිය ලබා දෙමින් ඔවුන්ගේ ජීවිතවලට විශිෂ්ට පදනමක් එක් කරනු ලබයි. ඔබ සේවය කරන කාලය අතර තුරම විශ්‍රාම යාමෙන් පසු ජීවිතය සැලසුම් කිරීම හා ඒ වෙනුවෙන් ආයෝජනය කිරීම ඉතා වැදගත් වන අතර, විශ්‍රාම කාලයේදී ප්‍රමාණවත් මුදලකට හිමිකම් කීම නිසා ජීවිතය වඩාත් පහසු වෙයි. විශ්‍රාම දිවිය ඔබේ ජීවිතයේ ස්වර්ණමය අවධිය බවට පත්කරගැනීමට නම් දීර්ඝායු ඡඛඹී ඒ සදහා ඇති හොදම ආයෝජනයක් වනු ඇති අතර, ඔබේ මනසට සැහැල්ලූවත් තෘප්තියත් රැගෙන එයි.

මෙම විශිෂ්ට විශ්‍රාම සැලසුම සදහා පෙර එකගවූ මුදලක් මාසිකව බැර කරමින් විශ්‍රාම ජීවිතය වඩාත් ස්වාධීන, නිදහස් සැහැල්ලූ ජීවන රටාවක් බවට පත්කරගැනීමේ අවස්ථාව ඔබට හිමිව තිබේ. ඔබ මාසිකව බැර කරන මුදල වෙනම අරමුදලකට එක් වන අතර, අවුරුදු 15-30 අතර කාලයකදී කල්පිරීමෙන් පසු එම මුදල් සදහා හිමිකම් කීමට හැකියාව ඇත. මෙහි විශේෂත්වය වන්නේ විශ්‍රාම සැලසුම් හිමියා මිය යාමකදී ATL ලයිෆ් විසින් එලෙසින්ම එම වාරිකය ගෙවා විශ්‍රාම අරමුදල ගොඩනගනු ඇත. එමෙන්ම එම ආයෝජනයට හිමිකම් කීමට බිරිදට/ සැමියාට හැකියාව ලබා දෙන අතර, ඔවුන්ගේ ඉදිරි ජීවිතය තෘප්තිමත්ව සැහැල්ලූවෙන් ගත කිරීමට හැකියාව ලැඛෙන පරිදි නිර්මාණය කර තිබේ.

ඔබ බැර කරනු ලබන මුදල් කාලයත් සමග වර්ධනය වීම සහතික කරමින් මෙම විශ්‍රාම සැලසුම් හිමියන්ට අරමුදල් විසදුම් හතරකින් එකක් තෝරාගැනීමට අවස්ථාව ලබා දී ඇත. Protected Multiple Fund හෙවත් ආරක්ෂිත ගු‚ත අරමුදල නිර්මාණය කර තිඛෙන්නේ ඔබේ මුදල් සුරක්ෂිත කිරීම සදහා වන අතර, Growth Multiple Fund හෙවත් වර්ධන ගු‚ත අරමුදල මධ්‍යස්ථ අවදානම් අවස්ථාවලදී වෙළෙදපොල කාර්යසාධනයෙහි ප්‍රතිලාභ ලබාගැනීමට හැකි පරිදි නිර්මාණය කර තිබේ. මෙම එක් එක් අරමුදල අදාල කාලසීමාව තුළ වර්ධනය වීම සිදු වේ. ඔබේ දීර්ඝකාලීන මුල්‍යමය අවශ්‍යතා සදහා ගැලපෙන හොදම අරමුදල තෝරගැනීමේ හැකියාව දීර්ඝායු ඡඛඹී විසින් ලබා දී තිඛෙන්නේ ඔබට වීම තවත් සුවිශේෂී තත්ත්වයකි.

දීර්ඝායු PLUS විශ්‍රාම සැලසුම හා අනාගතය සැලසුම් කරගැනීමේ වැදගත්කම පිළිබදව අදහස් දක්වමින් ATL ලයිෆ් හි ප්‍රධාන විධායක නිලධාරී – ගෙහාන් රාජපක්ෂ මහතා “විශ්‍රාම ජීවිතයේදී ඔබ මුල්‍ය සුරක්ෂිතතාවයක් හිමි අයෙකු වීම ඉතාම වැදගත්. නමුත් වයස අවුරුදු හතළිහ පනහ වයස් කාණ්ඩයන්ට පැමිණෙන තුරු අපේ රටේ බොහෝ දෙනා ඔවුන්ගේ විශ්‍රාම ජීවිතය සැලසුම් කරගැනීමක් පිළිබදව සිතන්නේ නෑ. නමුත් එම වයස් සීමාවේදී අනාගතය වෙනුවෙන් මුදල් ඉතිරියක් ආරම්භ කිරීමෙන් ප්‍රමාණවත් මුදලක් ඉතිරි නොවන අතර ජීවිතයේ තරුණ අවධියේදීම ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම ඉතාම වැදගත් බවත් කියන්න කැමතියි. අනාගතය ස්ථාවර කරගැනීම වෙනුවෙන් මුදල් ඉතිරියක් කිරීමේ අවශ්‍යතාවය විවිධ හේතූන් නිසා ඔබේ සිතින් මගහැරී යාමට පුළුවන්. ATL දීර්ඝායු PLUS ගැනීම කදිම විසඳුමකි. ATL දීර්ඝායු PLUS ඉතාම නම්‍යශීලී වන මෙම විශ්‍රාම සැලසුමෙන් ඔබට හිමි මුදල් එක් වර හෝ මාසික ගෙවීම් වශයෙන් ලබාැගනීමට පුළුවනි. මෙම සැලසුමේ විශේෂත්වය වන්නේ ඔප්පු හිමිනේගේ අභාවයේදී වුවද, ඔප්පුව කල්පිරීම දක්වා එම වාරික ගෙවීමට ATL ලයිෆ් බැඳී සිටීමයි. එමගින් එම කාලය අවසානයේදී එම සැලසුම් කළ ආකාරයට තම බිරිඳට / ස්වාමියා හට එම මුළු මුදලම ලබා ගැනීමට පුලූුවන. ඉතිරි කිරීම ඉබේ සිදුවන්නක් නොවෙයි. අපි ඉතිරි කරන්නට ඔබට අවශ්‍ය අනුබලය දෙනවා. එම පහසුව සහ මුල්‍ය සුරක්ෂිතතාවය පිළිබද සහතිකවීම ඔබේ ඉදිරි ජීවිතයට ලබා දෙන්නේ විශාල ශක්තියක්.”

දීර්ඝායු විශ්‍රාම සැලසුම පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වන ගෙහාන් රාජපක්ෂ මහතා දීර්ඝායු ඡඛඹී විශ්‍රාම සැලසුම සමග සම්බන්ධවන බොහෝ දෙනා වයස තිස් ගණන් හෝ හතළිස් ගණන්වල මුල සිටින පිරිස් බව අපි දැක තිඛෙනවා වගේම එම පිරිසෙහි වර්ධනයක් අපි දකිනවා. විශ්‍රාම යාමට ආසන්නයේ නොසිට එවැනි තීරණයකට පැමිණීම ඉතාම යහපත් දෙයක් බව අපගේ අදහසයි. අප එකිනෙකාගේ මුල්‍ය සැලසුම්කරණය සදහා යහපත් ප්‍රවේශයක් වගේම විශාල අනුබලයක් ලැඛෙන විශ්‍රාම සැලසුමක් ලෙස අපි දීර්ඝායු PLUS දකිනවා. අපේ ජීවිතවල අවිනිශ්චිතතාවයන් බොහෝමයි. මෙහිදී මාසිකව සුළු මුදලක් ඊට බැර කරන ඔබගේ ජීවිතවල අනපේක්ෂිත අභියෝගයන්ට ඉතා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙනවා.”

ATL සමාගමේ දීර්ඝායු PLUS විශ්‍රාම යෝජනාක්‍රමය ඉතාමත් නම්‍යශීලී සැලසුමක් ලෙස එහිදී අරමුදල් විසදුම් හතරක් තෝරාගැනීමට පුළුවන්. ඊට අමතරව උපරිම වටිනාකමෙන් වසර පහක ගෙවීම සම්පූර්ණ කළ පසු මුදල් ආපසු ගැනීම් දෙකක් සදහා හිමිකම් කීමටද හැකියාව තිබේ.

පාරිභෝගික කේන්ද්‍රීය ව්‍යාපාරකරණයක යෙදී සිටින ATL සමාගම ශ්‍රී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් පාසා වෙසෙන ජනතාවයේ සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් අවශ්‍ය විසදුම් රැගෙන එයි. දිනෙන් දින සිය පාරිභෝගික පදනම පුළුල් කරගන්නා ATL සමාගම නවීන ලෝකයට ගැලපෙන නව්‍යකරණයෙන් යුතු රක්ෂණ විසදුම් සිය පාරිභෝගික පිරිස වෙත ලබා දෙයි. විවිධ ජනවර්ගවලට අයත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සැදුම් ලත් ATL සමාගම සිය ශාඛා ජාලය ඔස්සේ රටේ සියලූ ප්‍රජාවන් වෙත සමීප වෙමින් ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන සිටී.

සැහැල්ලූ මනසින් විශ්‍රාම ජීවිතය ගත කිරීමේ අපේක්ෂාවෙන් සිටින ඔබට දීර්ඝායු PLUS විශ්‍රාම යෝජනාක්‍රමය පිළිබද තොරතුරු දැනගැනීමට අපගේ සෘජු දුරකථන අංකය වන 11 7 501 000 අමතන්න. නැතිනම් අපගේ නිල වෙබ් අඩවිය වන www.takaful.lk වෙත පිවිසෙන්න.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව