අධ්‍යයන විශිෂ්ටත්වය සමඟ ක්‍රීඩාවෙන් දස්කම් දක්වන Curtin Colombo සිසු පරපුර

Anusara Abaygunawardane (LBN)

ඕස්ට්‍රේලියාවේ Curtin විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නියෝජිත ආයතනයක් වන Curtin Colombo අනාගත නායකයන් උදෙසා විවිධ ක්ෂේත්‍රවලින් ඔවුන්ගේ විශිෂ්ටත්වය විදහා පාන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දුන් සරසවියකි. පරිවර්තනීය අධ්‍යාපනය සඳහා කේන්ද්‍රස්ථානයක් බඳු Curtin Colombo නව පරපුරේ සිසු දරු දැරියන්ට ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවල කැපී පෙනෙන දක්ෂතා දක්වන්ට මෙන්ම ක්‍රීඩා අංශයෙන් ඉදිරියට යාමටත් අවස්ථාව සලසා දී ඇත.

Curtin Colombo, සිසුන්ගේ පරිපූර්ණ සංවර්ධනයට අවශ්‍ය ක්‍රියාකාරී ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කරන්නට කටයුතු කරන අතරම, තමන්ගේ ක්ෂේත්‍රයන් වෙත සැලකිය යුතු බලපෑමක් ඇති කරන්නට සමත් වූ 240,000කට අධික ගෝලීය ශිෂ්‍ය ජාලයක් වෙත සිසුන් සම්බන්ධ කරන්නට ද කටයුතු කරයි. තිරසර බව ප්‍රජා සහභාගීත්වය වර්ධනය කිරීම කෙරෙහි ද දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන Curtin විශ්වවිද්‍යාලය, සිසුන්ට තමන්ගේ අධ්‍යයන පාඨමාලා හරහා අධ්‍යාපනික දැනුම සංවර්ධනය කරගන්නට මෙන්ම, විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද යොමු වීමට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන්නට නිරතුරුව ඇපකැප වෙයි.
 



 

සිසුන්ට අනාගත අභියෝග සඳහා මනා සූදානමක් ඇති කරන්නටත්, බුද්ධිමය, පුද්ගලික සහ වෘත්තීය වශයෙන් සංවර්ධනය වෙමින් වඩාත් සාර්ථක වෘත්තිකයන් පිරිසක් බිහි කරන්නට අවශ්‍ය වේදිකාව සැකසීමටත් මෙය ඉතා සාර්ථක ප්‍රවේශයක් සේ සැලකිය හැකිය.

කැපී පෙනෙන ජයග්‍රහණ ලැබූ Curtin Colombo ශිෂ්‍යයන් අතර විශිෂ්ට දක්ෂතාවයන් පෙන්නුම් කළ කයිල් අබේසිංහ විශේෂයෙන් සඳහන් කළ හැකි ශිෂ්‍යයෙකි. ඔහු 2024 ඔලිම්පික් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවලිවලට සහභාගි වෙමින් පිහිනුම් තරඟවල අවසන් වට නියෝජනය කළ ක්‍රීඩකයෙකු වන අතර, දැනටමත් ලෝකයේ තරඟකාරී පිහිනුම් අංශවල සිය නම සනිටුහන් කරන්නට කයිල් සමත්ව ඇත. ජාතික ශූරතාවන් සහ වාර්තා කිහිපයකට ද හිමිකම් කියන කයිල් මලල ක්‍රීඩකයෙකු ලෙස ද ජයග්‍රහණ රැසක් ලැබූවෙකි.

Curtin Colombo සමඟ කයිල්ගේ බලාපොරොත්තු අද ක්‍රීඩාවෙන් ඔබ්බට ද විහිදී ගොස් ඇත. ඔහු කළමනාකරණ උපාය මාර්ග සහ ගැටලු විසඳීමේ කුසලතාව ප්‍රමුඛ කරගත් ව්‍යාපාර පරිපාලන උපාධිය සාමාර්ථ හදාරමින් සිටින ශිෂ්‍යයෙකි. මේ පිළිබඳ අදහස් දැක්වූ කයිල්, “Curtin ව්‍යාපාර පරිපාලන උපාධිය තුළින් කළමනාකරණ උපාය මාර්ග සහ ගැටලු විසඳීමේ හැකියාව පිළිබඳ අත්‍යවශ්‍ය කුසලතා රැසක් ළඟා කරගන්න වගේම එමඟින් ව්‍යාපාර ලෝකයේ නායකත්ව භූමිකාව පිළිබඳ වඩාත් ඵලදායී අදහසක් ලබා ගන්නත් මට හැකි වුණා. ව්‍යාපාර පිළිබඳ මගේ දැනුම මූලික මට්ටමේ සිට තාක්ෂණික සහ විශ්ලේෂණාත්මක ක්‍රියාවලි වැනි සංකීර්ණ ක්ෂේත්‍ර දක්වා වැඩිදියුණු කරගන්න මේ පාඨමාලාව ඉවහල් වුණා. මගේ හැකියාවන් ගැන හොඳ විශ්වාසයක් මට මේ නිසා ලැබී තියෙනවා.”

තවත් ව්‍යාපාර පරිපාලන උපාධි ශිෂ්‍යයෙකු වන කුෂාල් සැලේ, නායකත්වය සහ ප්‍රජා සහභාගීත්වය අතින් දක්ෂතා  පෙන්නුම් කළ සිසුවෙකි. ශ්‍රී ලංකාව සහ මාලදිවයින නියෝජනය කරන Interact දිස්ත්‍රික් කවුන්සිල 3220ක හිටපු ප්‍රධානියා ලෙස කටයුතු කළ කුෂාල්, පෝල් හැරිස් මිත්‍රත්ව පදක්කම්ලාභියෙකු ද වන අතර මෙය විෂය බාහිර සහ අධ්‍යයන කටයුතු සමබරව කිරීමට ඔහු සතු හැකියාව පෙන්වන මනා නිදසුනකි.

මේ පිළිබඳ අදහස් දැක්වූ කුෂාල්, “ව්‍යාපාර පරිපාලන උපාධිය මට ව්‍යාපාර මෙහෙයුම් ගැන ගැඹුරු අවබෝධයක් ලබා දුන්නා. ඒ ලබා ගත් දැනුම, නැගී එන කර්මාන්ත 5.0 ලෝකයේ ව්‍යවසායකයෙකු ලෙස දියුණුව ළඟා කරගැනීමට අවශ්‍ය දැනුම සහ කුසලතාවලින් මාව සන්නද්ධ කළා කිව්වොත් නිවැරදියි.”

අනුසර අබේගුණවර්ධන ශිෂ්‍ය-ක්‍රීඩක සංකලනයට Curtin Colombo වෙතින් දිය හැකි තවත් සුවිශේෂී නිදසුනකි. Mechatronics පිළිබඳ ඉංජිනේරු උපාධියක් හදාරන ඔහු ක්‍රීඩාවට සහ අධ්‍යයන කටයුතු සඳහා කැපී පෙනෙන කැපවීමක් පෙන්නුම් කරන ශිෂ්‍යයෙකි. සුවිශේෂී දක්ෂතා ඇති පිහිනුම් ක්‍රීඩකයෙකු වන අනුසර, 2023 ශ්‍රී ලංකා ජාතික පිහිනුම් ශූරයා ලෙස සම්මාන දිනාගෙන ඇති අතරම, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර පිහිනුම් තරඟ කිහිපයක්ම නියෝජනය කර ඇත.‍

උපාධිය, මලල ක්‍රීඩා මානසිකත්වයට උපකාරී වන ආකාරය පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, “දිනෙන් දින වෙනස් වන තාක්‍ෂණ හා කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රධාන ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගන්න Curtin විශ්වවිද්‍යාලයේ Mechatronics Engineering උපාධිය මට උපකාරී වුණා. මෙම පාඨමාලාව මඟින්, මගේ තාක්‍ෂණික ප්‍රවීණත්වය වැඩිදියුණු කරගන්න වගේම, තාර්කික චින්තනය, නිර්මාණශීලිත්වය, සැබෑ ලෝකයේ ගැටලු විසඳීමේ හැකියාව වගේ අත්‍යවශ්‍ය කුසලතා රැසක් දියුණු කරගන්නත් ශක්තිමත් පදනමක් ලැබුණා. ඉක්මනින් යාවත්කාලීන වන ක්ෂේත්‍රයක් වන මෙකට්‍රොනික් ක්ෂේත්‍රය ඔස්සේ සාර්ථක ඉදිරි ගමනක් යන්න මේ ලබාගත් දැනුම ඉවහල් වනු ඇතැයි මම විශ්වාස කරනවා.”

හසිනි සිරිවර්ධන, Curtin Colombo හි විවිධ දක්ෂතා ඇති සිසුන් අතරේ ශිෂ්‍ය-ක්‍රීඩක සුසංයෝගය පෙන්වන තවත් සුවිශේෂී චරිතයක්. සයිබර් ආරක්ෂණය පිළිබඳ පරිගණක විද්‍යාවේදී උපාධියක් හදාරන හසිනි, ජාතික ශූරතා තරඟ නියෝජනය කළ දක්ෂ වෙඩික්කාරියක ද වේ. ඇය අදහස් දක්වමින්, “මම Curtin Colombo සමඟ ඉතා උනන්දුවෙන් මගේ අධ්‍යයන කටයුතු කරගෙන යනවා. සයිබර් ආරක්ෂණ පාඨමාලාව මඟින් සයිබර් ලෝකයේ සංකීර්ණතා විසඳීමට උපයෝගී වන අත්‍යවශ්‍ය කුසලතා දියුණු කරගන්න මට මේ නිසා අවස්ථාව ලැබුණා. විෂය මාලාව තරමක් අභියෝගාත්මක වුනත් එය ඉතා ආකර්ශනීයයි. සාර්ථක අධ්‍යයන ජීවිතයකට Curtin සරසවිය මට ඉතා හොඳ පරිසරයක් නිර්මාණය කරල දීල තියනවා. මෙවැනි ප්‍රමුඛ පෙළේ ක්ෂේත්‍රයක නායකයෙක් වෙන්න Curtin මට ලොකු සහයෝගයක් ලබා දෙනවා.”

මේ සුවිශේෂී දක්ෂතා පෙන්වන සිසුන්ගේ කතා ඇසුරින් පෙනී යන සුවිශේෂීම කරුණ නම් Curtin Colombo සිසුන්ට ලබා දෙන පරිපූර්ණ අධ්‍යාපන අත්දැකීමයි. ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන වැඩසටහන් පිරිනමන අතරතුරම සිසුන්ට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයන් තුළත් විශිෂ්ටතා දැක්වීමට Curtin Colombo, සිසුන්ට අවස්ථාව ලබා දෙන්නේ, එක් එක් වෘත්තීන් තුළ විශිෂ්ටත්වය ළඟා කරගනිමින් සමාජයට වැඩදායී පුරවැසියන් පිරිසක් බිහි කරන්නට නිරන්තරයෙන් ඇපකැප වෙමිනි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව