අඛණ්ඩව 7 වැනි වසරටත් අධ්‍යාපනික උපකරණ කට්ටල සමඟින් ග‍්‍රාමීය අධ්‍යාපනය සවිබල ගැන්වීමට ‘පියුරිටාස් සත් දියවර’ සමාජ සද්කාරමය වැඩසටහන පියවර ගනී

Webp.net-resizeimage

 



 

 

  • සමූහයේ සමස්ත දායකත්වය රු. මිලියන 111කි
  • තිරසාර ව්‍යාපෘති හරහා ග‍්‍රාමීය ප‍්‍රදේශ 19ක 43,808කට අධික පිරිසකගේ ජීවිත නැවත නගා සිටුවීම
  • ජල පිරිපහදු ඒකක, අංගසම්පූර්ණ පුස්තකාල ඉදිකිරීම, ඩිජිටල් පන්තිකාමර සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ සැපයීම ආදිය මගින් සිදුව ඇති දිගුකාලීන බලපෑම

ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන හේලීස්, සිය ප‍්‍රමුඛතම සමාජ තිරසාර වැඩසටහන වන ‘‘පියුරිටාස් සත් දියවර ඉදිරියටම’’ යටතේ අඛණ්ඩව හත්වන වසරටත් ග‍්‍රාමීය ප‍්‍රදේශවල අධ්‍යාපනය නංවාලීම සඳහා අවශ්‍ය සහයෝගයක් ලබා දුන්නේය.

නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) බලපෑමට ලක් වූ ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා Reverse Osmosis (RO) ජල පිරිපහදු ඒකක පිහිටුවමින් ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගොවි ජනතාවට ශක්තියක් වීම සඳහා ‘පියුරිටාස් සත් දියවර’ සමාජ සද්කාරමය වැඩසටහන දියත් කරන ලදී. මෙම ‘පියුරිටාස් සත් දියවර’ වැඩසටහන අද වන විට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කිරීම, ප‍්‍රජාවන්ට ජීවනෝපාය මාර්ගයන් සැලසීම, අංගසම්පූර්ණ පුස්තකාල පිහිටු වීම සහ අන්තර්ජාල පහසුකම් ලබා දීම ආදි තිරසාර ප‍්‍රජා සංවර්ධනයන් සාක්ෂාත් කිරීම සඳහා ව්‍යාප්ත වී ඇත.

හේලීස් සභාපති සහ ප‍්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා මෙහිදී පැවසුවේ ”හේලීස් සමාගම සිය වාර්තාගත වර්ධනයට සමගාමීව ක‍්‍රියාත්මක වන තිරසාර ව්‍යාපාරික ක‍්‍රමෝපායන් පිළිබඳ ආදර්ශමත් ප‍්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආකෘතියක් සමඟින් ශ‍්‍රී ලාංකේය ආර්ථික කාර්යසාධනය තුළ පෙරමුණ ගෙන සිටිනවා. ආයතනික සමාජ වගකීම ද අපගේ රුධිරටම කාවැදී තිබෙනවා.”

මේ පිළිබඳව අදහස් දක්වමින් පියුරිටාස් සහ හේකාර්බ් කළමනාකාර අධ්‍යක්ෂ, රජිත කාරියවසන් මහතා පැවසුවේ ”පියුරිටාස් සත් දියවර අප ආරම්භ කළේ ශ‍්‍රී ලංකාවේ වියළි කලාපීය ග‍්‍රාමීය ප‍්‍රජාවන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමේ හදිසි අවශ්‍යතාවය පිළිබඳ අවබෝධයකින්. දරිද්‍රතාවය අවම කිරීම, ගුණාත්මක අධ්‍යාපනය සඳහා අවස්ථා ලබා දීම සහ අසමානතා අවම කිරීම සඳහා මෙම ව්‍යාපාරය අප ග‍්‍රාමීය ජනතාව වෙත ව්‍යාප්ත කරනු ලැබුවා. එම කාලය තුළ වැඩි ළමුන් පිරිසක් විභාග සඳහා සහභාගි වීම සහ එම විභාගවලින් සමත් වන ප‍්‍රතිශතය ඉහළ යාමක් ද පැහැදිලිව දැකගැනීමට ලැබීම භාග්‍යයක් ලෙස අප සලකනු ලබනවා.” යනුවෙනි.

හේලීස් සමූහයේ සියලූම ව්‍යාපාරික අංශයන් සඳහා කැපවූ අප කණ්ඩායම සමඟ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් මූලිකත්වය ගෙන එය මනාව සම්බන්ධීකරණය කළ පියුරිටාස් හි ප‍්‍රධානී ෂර්මිලා රගුනාදන් මහත්මිය පැවසුවේ ”මෙම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වන වියදම ඉවත් කිරීම වැනි ක‍්‍රියාමාර්ග කාලීන අවශ්‍යතාවයක් වන බවත් දරුවන් පාසල් හැර යාම අවම කිරීම සඳහා මෙය හේතු වන බවත් අපි විශ්වාස කරනවා. මෙම බිම් මට්ටමේ ජනතාව ශක්තිමත් කිරීම සඳහා මෙම කාර්යය අඛණ්ඩව සිදු කරගෙන යාමට හා වසංගතයෙන් ඇති වන දැඩි ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීමට ඔවුන්ට සහාය වීමටත් අප සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා.” යනුවෙනි.

පාසල්වලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම 2014 දී දියත් කරන ලද අතර එය අද වන විට හේකාර්බ්, හේලීස් ඇඞ්වාන්ටිස් ලිමිටඞ්, හේලීස් ෆැබි‍්‍රක්, ඩිප් ප‍්‍රඩක්ට්ස්, හේලීස් ඇවෙන්චුරා, හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස්, ඇලූමෙක්ස් පීඑල්සී, මැබ්‍රොක් ටීස් හා හේලීස් ෆයිබර් යන හේලීස් සමූහයට අයත් සමාගම්වල අනුග‍්‍රාකත්වය හා සහයෝගය සමඟ පුළුල්ව ක‍්‍රියාත්මක වේ.

මෙම වසරේදී මෙම වැඩසටහන යටතේ සත්දියවර වැඩසටහනට සම්බන්ධ පවුල් සිටින උතුර, උතුරු මැද සහ ඌව පළාත් වල 14 ක සිසුන් 3,500 කට අධික සංඛ්‍යාවකට අත්‍යවශ්‍ය පාසල් ද්‍රව්‍ය සපයනු ලබයි.

2020 දී, ‘පියුරිටාස් සත් දියවර‘ වැඩසටහන මඟින් ඉගැන්වීමේ සහ ඉගෙන ගැනීමේ තුළින් විශිෂ්ටත්වය කරා යාම සඳහා කැප වූ නොමිලේ ඩිජිටල් අධ්‍යාපනික වේදිකාවක් වන DP Education සමඟ එක්ව පාසල් 12 ක සිසු දරුවන්ට මාර්ගගත (online) අධ්‍යාපනය සඳහා පහසුකම් සලසනු ලැබීය.

හේලීස් සමූහයට අනුබද්ධිත Dipped Products විසින් පරංගියාවාඩිය ප‍්‍රදේශයේ ප‍්‍රජාව සඳහා අංග සම්පූර්ණ පුස්තකාලයක් ඉදි කරන ලද අතර එය මෙම වැඩසටහන යටතේ බිම් මට්ටමේ ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ලබා දෙන ලද නව වන පුස්තකාලය වේ. මෙම පුස්තකාල මගින් සිසු දරු දැරියන්ට නොමිලේ පන්ති ද පවත්වනු ලබයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව