Image 01 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වසනීය  දේපළ වෙළෙඳාම් සන්නාමය වන හෝම්ලෑන්ඩ්ස් සමූහය විසින් පසුගියදා සිය නිල සන්නාම තානාපතිවරයා ලෙස  ලෝක ප්‍රකට  සූපවේදියෙකු මෙන්ම  අවන්හල් හිමිකරුවෙකු වන පීටර් කුරුවිට  මහතා පත් කර ගනු ලැබීය.

හෝම්ලෑන්ඩ්ස් සමූහය දේශීය වෙළෙඳපල පමණක් නොව, ගෝලීය වේදිකාව ද ජය ගත් ශ්‍රී ලාංකික  සන්නාමයකී. විශ්වාසය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය ඔස්සේ පැහැදිලි දැක්මක් සහ සවිමත් වටිනාකම් සමඟ  හෝම්ලෑන්ඩ්ස්  විසින් දේපල වෙළෙඳාම් කර්මාන්තය වෙත  මනා නායකත්වයක් සපයනු ලබයි. සිය සූප ශාස්ත්‍රීය කුසලතා සහ නිර්මාණශීලිත්වය ඔස්සේ  ශ්‍රී ලාංකීය සංස්කෘතිය සහ ආහාර කලාව ජාත්‍යන්තරයට රැගෙන ගිය පීටර් කුරුවිට මහතා සමඟ ආරම්භ කළ මෙම සුවිශේෂී සහයෝගීතාවය මඟින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය ලෝකය සමඟ බෙදා ගැනීම කෙරෙහි  හෝම්ලෑන්ඩ්ස් සතු අභිලාෂයන්  මැනවින් ඉස්මතු වේ.
 



 

මේ පිළිබඳ අදහස් දක්වමින් හෝම්ලෑන්ඩ්ස් සමූහයේ සභාපති නලින් හේරත් මහතා මෙසේ ප්‍රකාශ කළේය. “පීටර් කුරුවිට මහතා  සූප ශාස්ත්‍රය  පිළිබඳ විශේෂඥයෙක්  පමණක් නොවේ.ඔහු ඉන් ඔබ්බට ගමන් කළ නිර්මාණශීලී කතන්දරකරුවෙක්, සංස්කෘතීන් අතර සවිමත් පාලමක් මෙන්ම ශ්‍රී ලාංකික උරුමය ලොවටම ප්‍රදර්ශනය කරන  සැබෑ තානාපතිවරයෙක්. ඔහුගේ ගෝලීය සංචාරයන් ඔස්සේ ඔහු ගොඩනඟා ගෙන ඇති ජාත්‍යන්තර  සබඳතාවයන්  සහ ශ්‍රී ලංකාව සමඟ ඇති ගැඹුරු සම්බන්ධතාවය ඔස්සේ ඔහු හෝම්ලෑන්ඩ්ස් නියෝජනය කිරීමට සුදුසුම පුද්ගල ප්‍රතිරූපය බවට පත්වෙනවා.සැබැවින්ම, ඔහුව අපගේ හෝම්ලෑන්ඩ්ස් පවුලට සාදරයෙන්  පිළිගැනීමට ලැබීම අපට  ගෞරවයක්.”

පීටර් කුරුවිට මහතා මෙම හවුල්කාරිත්වය සම්බන්ධයෙන් ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. “ඔබේ උරුමය රැකගනිමින් විශිෂ්ටත්වය වෙත ළඟා වීම සැබෑ සාර්ථකත්වය ලෙස හැඳින්විය හැකිය.හෝම්ලෑන්ඩ්ස් විසින් එය සාක්ෂාත් කරගෙන ඇති අතර එය සමාගමේ සාර්ථකත්වය කෙරෙහි ඉවහල් වී තිබේ. ශ්‍රී ලාංකික අනන්‍යතාවයට ජීවය එකතු කරන  නිවාස පමණක් නොව ඉන් ඔබ්බට ගමන් කරමින් අර්ථවත් මෙන්ම පොහොසත් ජීවන රටාවන් ගොඩනැංවීමට නිරන්තරයෙන් කැපවී සිටින සන්නාමයක් සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම පිළිබඳව මම නිහතමානීව සතුටු වෙනවා .”

ජාතික මෙන්ම ජාත්‍යන්තර වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ අංක එකේ දේපල වෙළෙඳාම් සන්නාමය සහ ගෝලීය සංස්කෘතික තානාපතිවරයෙකුගේ සුසංයෝගයෙන් මහඟු මෙහෙවරක් සිදුකළ හැකි බවට කදිම සාක්ෂියක් මෙම සහයෝගීතාවය ඔස්සේ  සපයයි.

ඡායාරූපය – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ වඩාත්  විශ්වසනීය දේපල වෙළෙඳාම් සන්නාමය වන හෝම්ලෑන්ඩ්ස් විසින් එහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ලෝක ප්‍රකට සූපවේදියෙකු මෙන්ම අවහල් හිමිකරුවෙකු  වන පීටර් කුරුවිට මහතා සිය නිල සන්නාම තානාපතිවරයා  ලෙස  සාඩම්බරයෙන්  නිවේදනය කරයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව