හේලීස් ඇග්‍රිකල්ච විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම “Agrotech” රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය වෙළඳපොළට හඳුන්වා දෙයි

Agrotech ground nut thresher (1) (LBN)




 

මෙරට ප්‍රමුඛතම  කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්ච සමාගම (Hayleys Agriculture Holdings Limited), දේශීය ගොවි ප්‍රජාවගේ පහසුව සඳහාත්, ඔවුන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීම සඳහාත්, නවීන කෘෂි තාක්ෂණික විසඳුම් හඳුන්වාදීමේ පුරෝගාමියා බවට නම් දරා ඇත. හේලීස් ඇග්‍රිකල්ච සමාගම  මෙම  Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය පසුගියදා ප්‍රථම වරට දේශීය වෙළඳපොළට  හඳුන්වා දෙන ලදී. නවීන තාක්‍ෂණයේ සහය ඇතිව, උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කිරීමෙන් හේලීස් ඇග්‍රිකල්ච සමාගමේ අනුබද්ධ ආයතනයක් වන ඇග්‍රෝ ටෙක්නිකා (Agro Technica Limited) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කරන ලද මෙම Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය නෙළන ලද ශාකයෙන් රටකජු කරල් කාර්යක්ෂමව වෙන් කරයි.

විදුලි බලයෙන් ක්‍රියා කරන, Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය මිනිස් ශ්‍රමය හා සැසඳීමේදී  ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුයි. අක්කරයක රට කජු වගාවක කරල් ඉවත් කිරීමට මෙම ඇග්‍රෝටෙක් කරල් ඉවත් කිරීමේ යන්ත්‍රයට දින 2ක් ගත වන අතර එම කාර්යය දින 2ක් තුළ මිනිස් ශ්‍රමය භාවිතයෙන් සිදු කිරීමට ශ්‍රමිකයන් 10-12ක් පමණ දිනකට භාවිතා කළ යුතුය.එබැවින්, එය ශ්‍රම හිඟයට කදිම විසඳුමක් වන අතර, එය ගොවියාට තනිවම ක්‍රියාත්මක කළ හැකි වීම ද සුවිශේෂත්වයකි.

හේලීස් ඇග්‍රිකල්ච සමාගමේ කෘෂි උපකරණ අංශයේ සාමාන්‍යාධිකාරී සුමිත් හේරත් මහතා මෙම නව Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය පිළිබඳව සිය අදහස් මෙසේ දැක්වීය.  “ පසුගිය දශක කිහිපය පුරාවටම උසස්ම තත්වයේ, නවීන කෘෂි-යාන්ත්‍රික විසදුම් හඳුන්වාදීමෙන්, ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමයක් බවට පත් වීමට හේලීස් ඇග්‍රිකල්ච සමාගම සමත් වී තිබෙනවා. අපගේ  නිරන්තර අවධානය යොමු වන්නේ නවීන තාක්‍ෂණයෙන්, කෘෂි යාන්ත්‍රික විසඳුම් දැරිය හැකි මිලකට ලබා දීමෙන් දේශීය ගොවීන්ට ඔවුන්ගේ ලාභය වැඩි කර ගැනීමට උපකාර කිරීමයි. මෙම නව Agrotech රටකජු කරල් ඉවත් කිරීමේ යන්ත්‍රය දේශීය කෘෂි වගා ක්ෂේත්‍රයේ වර්තමාන අවශ්‍යතා සපුරාලන තවත් විශිෂ්ට නිෂ්පාදනයක් බව මම විශ්වාස කරනවා.”

කෘෂිකර්මාන්තය සහ ඒ ආශ්‍රිත ආහාර සැකසීමේ ක්‍රියාවලින් සඳහා වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල් නවීන තාක්ෂණයේ, කාර්යක්ෂමතාවයෙන්  ඉහළ, කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතා කරයි. එවැනි යන්ත්‍රෝපකරණ දේශීය වෙළදපොලට හඳුන්වාදෙමින්, ශ්‍රී ලාංකීය ගොවි ප්‍රජාවට හොඳම කෘෂි විසඳුම් ලබාදීමටත්, ඒ හරහා දේශීය කෘෂිකර්මාන්තය නගාසිටුවිමටත් හේලීස් ඇග්‍රිකල්ච නිරතුරුවම උත්සහ කරයි.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව