හේමාස් ෆාමසූටිකල්ස් සමාගමට බියුරෝ වෙරිටාස් වෙතින් ‘Good Distribution Practices’ සහතිකය

IMAGE - Hemas -GDP (LBN Fill)

 



 

 

 

2022 අගෝස්තු 09, කොළඹ: රටේ ජනතාවට උසස්ම ප්‍රමිතියෙන් යුත් ඖෂධ නිෂ්පාදන ලබාදීමට කැපවී සිටින හේමාස් ෆාමසූටිකල්ස් සමාගම (Hemas Pharmaceuticals), බියුරෝ වෙරිටාස් (Bureau Veritas) වෙතින් යහපත් බෙදාහැරීම් ක්‍රමවේදයන් සහිත සමාගමක් ලෙස Good Distribution Practices – GDP සහතිකය ලැබීමට පසුගියදා සමත් විය.
මෙම සහතිකකරණය මගින්, හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සිය බෙදාහැරීමේ ක්‍රියාවලිය තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුකූල යහපත් බෙදාහැරීම් ක්‍රමවේදයන් අනුගමනය කරන බවත්, සැපයුම් දාමය පුරාම උසස් තත්ත්වය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන බවත් සහතික කෙරේ. බියුරෝ වෙරිටාස් යනු ලොව පුරා සමාගම් හා ආයතන වලට තම කාර්යසාධනය ඉහළ නංවා ගැනීමට උපකාරී වන සහතිකකරණයන් පිරිනමන ජාත්‍යන්තර ආයතනයකි.
“ඖෂධ තොග සපයා ගැනීම, ගබඩා කිරීම සහ බෙදාහැරීම තුළදී අප සෑම විටම ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට අනුව කටයුතු කරනවා. මෙම නවතම ජයග්‍රහණයත් සමග, අපගේ හවුල්කරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම අපට පෙරටත් වඩා හොඳින් සිදුකළ හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාවේ අංක එකේ ඖෂධ නිෂ්පාදන ආනයන හා බෙදාහැරීම් සමාගම වශයෙන් මේ ආකාරයට ISO 9001:2015 ප්‍රමිති සහතිකය මෙන්ම බියුරෝ වෙරිටාස් වෙතින් GDP සහතිකකරණයද හිමි වීම අපට මහත් ආඩම්බරයක්. ජාත්‍යන්තර පිළිගැනීම හිමි මෙම සහතිකකරණය මගින් තහවුරු වන්නේ හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සෑම විටම අනුකූලතාව සහ උසස් තත්ත්වය වෙනුවෙන් කැපවී සිටින බවයි.” හේමාස් ෆාමසූටිකල්ස් සහ හේමාස් සර්ජිකල්ස් ඇන්ඩ් ඩයග්නෝස්ටික්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා පැවසී ය.
“GDP සහතිකකරණය හිමිවීම සම්බන්ධයෙන් අප හේමාස් ෆාමසූටිකල්ස් සමාගමට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමනවා. එය එම සමාගම සිය සැපයුම් දාමයේ සෑම අංශයකදීම වගකීම් සහගත ලෙස කටයුතු කරන බව තහවුරු කරන සාධකයක්. මේ හවුල්කාරීත්වය පිළිබඳව අප ආඩම්බර වන අතරම, ඉදිරියේදී තවතවත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශිෂ්ටතම ක්‍රමවේදයන් භාවිතයට ගැනීම සඳහා සමාගම දක්වන උත්සාහයට සහය වීමට අප සූදානම්.” ශ්‍රී ලංකාවෙහි බියුරෝ වෙරිටාස් සාමාන්‍යාධිකාරී ශාන් නානායක්කාර මහතා පැවසී ය.
හේමාස් සමූහ ව්‍යාපාරයට අයත් හේමාස් ෆාමසූටිකල්ස් සමාගම මෙරට ඖෂධ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමකි. සිය විශිෂ්ට විකුණුම් හා බෙදාහැරීම් ක්‍රියාවලිය නිසා මේ වනවිට වෙළඳපොළෙන් 30% කට වැඩි ප්‍රතිශතයක් හිමිකර ගැනීමට එම සමාගම සමත් වී ඇත. තමන් සමග ගනුදෙනු කරන ඕනෑම පාර්ශ්වයකට ගැළපෙන විසඳුම් පිරිනැමීමේ හැකියාව හේමාස් ෆාමසූටිකල්ස් සමාගම සතු ය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව