හෙළවුඩ් තාරකාවලෝකන – PEO TV සහ PEO TV GO වෙතින්

Tharakawalokanaya

යුගයක් පුරාවට පේ‍්‍රක්ෂකයාට උන්මාදනීය රසාස්වාදයක් ගෙන ආ හෙළවුඩ් තාරකාවන් චරිත නිරූපණය කළ සිනමා දැක්මක් PEO TV ඉදිරිපත් කරයි. ඒ සඳහා නම් තැබෙන්නේ ’හෙළවුඞ් තාරකාවලෝකන’ නමින්. මේ සිනමා පෙළහරේදී හෙළවුඩය වෙනුවෙන් රංග කාර්ය කළ අපේ අසහාය රංග වේදීන් රැුසකගේ සිනමාපට පේ‍්‍රක්ෂක ඔබට සමීප කරන්නට PEO TV සූදානම්. සිනමා සක්විති ගාමිණි ෆොන්සේකාගෙන් පටන් ගෙන අපේ සිනමා වංශය හැඩ කළ විජය කුමාරතුංග, ජෝ අබේවික‍්‍රම, මාලිනි ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ, ශ‍්‍රියානි අමරසේන, අනෝජා වීරසිංහ, ස්වර්ණා මල්ලවආරච්චි, සනත් ගුණතිලක ආදී අපේ රංග පෞරුෂයන්ගේ සිනමාපට පෙළක්, එක් මසකදී එක් රංග පෞරුෂයක් සිහි ගන්වමින් ඔබ වෙත ළඟා වෙන්නේ PEO TV සහ TV බලන හොඳම ඇප් එක PEO TV ඨද වෙතින්.

ලංකාවේ ප‍්‍රථම සහ එකම IPTV සේවා සම්පාදකයා වන PEO TV විසින් අපේ සිනමාව වෙනුවෙන් මේ මොහොතේ කරන මෙහෙවරට තවත් එකතු කරන අංගයක් ලෙස ’හළවුඞ් තාරකාවලෝකන’ හැඳින්විය හැකියි. විශිෂ්ට රසයන් අපේ පේ‍්‍රක්ෂකයන් වෙත සමීප කිරීමේ අපේ වෑයම අපේ කර්මාන්තය වන හෙළවුඩයට වන සේවයක් සේම රසය හඳුනනා සිනමා ලෝලියාව තෘප්තිමත් කිරීමත් එමගින් සිදු වනවා. ඒ සඳහා අපගේ TV බලන හොඳම ඇප් එක PEO TV Go භාවිත කරන්නේ වඩාත් හොඳ පේ‍්‍රක්ෂක ළඟා කිරීමක් අපේ සිනමාවට ලබා දීම වෙනුවෙනුයි.

හෙළවුඩ් තාරකාවලෝකන මුල්ම සිනමා පෙළහර සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා වෙනුවෙන් වෙන් කර තිබේ. සිනමා සක්විති වෙනුවෙන් එකල පේ‍්‍රක්ෂකයා සිනමාහලේදී වැඩියෙන්ම ඔල්වරසන් නැගූ සිනමාපට අතරේ තිබෙන සූර චෞරයා, චන්ඩි පුතා, සොරුන්ගෙත් සොරු, යකඩයා සහ නිධානය යන චිත‍්‍රපට ඔබ වෙනුවෙන්ම මේ සැප්තැම්බරය PEO TV සූදානම් කර තිබෙනවා.

මේ සිනමාපට පොකුර නැරඹීමට ඔබ කළ යුතු වන්නේ PEO TV ප‍්‍රධාන මෙනුවට (HOME MENU) වෙත පිවිස SVOD > HELAWOOD THARAKAWALOKANA ඔස්සේ  Subscribe කිරීම පමණයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව