හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය කොළඹ 7 පිහිටි නව පරිශ‍්‍රයකට පිවිසෙයි

healthyLife

 

කොළඹ ප‍්‍රමුඛ පෙළේ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වන හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය අංක 139, ධර්මපාල මාවත, කොළඹ 7 ලිපිනයෙහි පිහිටි තමන්ගේම නව නිවහනකට පිවිසීමත් සමඟම සෑම පුද්ගලයෙකුටම සුවිශේෂ වූ විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා කැප වී සිටී. 2005 දී ආරම්භ කරන ලද මෙම සායනය ළමා රෝග, භෞත චිකිත්සාව, මානසික රෝග විනිශ්චය, වයෝවෘද්ධ පුද්ගලයන්ගේ රෝග විනිශ්චය, අක්ෂි රෝග ප‍්‍රතිකාර, පාද ආශ‍්‍රිත ප‍්‍රතිකාර සහ පෝෂණවේදී ප‍්‍රතිකාර ආදී පුළුල් පරාසයක රෝග විනිශ්චය හා පූර්ව සෞඛ්‍ය කළමනාකරණ විසඳුම් ලබා දීමට අමතරව සෑම පුද්ගලයෙකුටම ගැලපෙන පරිදි පුළුල් දියවැඩියා කළමනාකරණ වැඩසටහන් හා ජංගම පවුල් වෛද්‍ය සේවාව දක්වා වර්ධනය වී ඇත.

‘‘වඩාත් පුළුල් වූත් හා කාර්යක්ෂම වූත් පාරිභෝගිකයින්ට ගැලපෙන පරිදි සොඛ්‍ය සේවාවක් ලබා දීම තමයි අපගේ අරමුණ. ඒ සඳහා අප සායනය දැඩිව කැප වී සේවය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටිනවා. මේ සඳහා නව පරිශ‍්‍රයකට පැමිණීම මහත් රුකුලක් වූ බවත් ඉතාමත් සතුටින් දැනුම් දීමට කැමතියි. කොළඹ 7 පිහිටි මෙම සායනය ඉඩ කඩ සපිරි ස්ථානයක් වීම නිසා අපගේ රෝගීන්ට සුවපහසු, ආරක්ෂිත පරිසරයක් තුළ ඉහළම තත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අප දරන උත්සාහය තවත් ශක්තිමත් කරනු ඇතැයි අප දැඩිව විශ්වාස කරනවා,’’ යනුවෙන් විශේෂඥ වෛද්‍ය හා හෙල්දි ලයිෆ් සායනික ප‍්‍රධානී, වෛද්‍ය කයාත‍්‍රී පෙරියසාමි මහත්මිය පැවසුවාය.

ඉතා ප‍්‍රසන්න පෙනුමකින් හා අභ්‍යන්තරයට හොඳින් ආලෝකය වැටෙන පරිදි නිමවා ඇති නව සායනයේ නවීන රෝග විනිශ්චය කිරීමේ උපකරණ හා ප‍්‍රතිකාර කිරීමේ මෙවලම් සහිත ප‍්‍රමාණවත් ඉඩකඩ සපිරි රෝග විනිශ්චය කිරීමේ හා ප‍්‍රතිකාර කිරීමේ අවකාශයන් ගණනාවක් ඇත. තවද, එහි .6 by 6 optics යන නමින් දෘෂ්ටි විශේෂඥ සේවාවක් ද ‘Evolve Centre’ වැඩිහිටියන් හා ළමුන් සඳහා වෙන් වූ නවීන කථන හා භාෂා චිකිත්සක හා ඉගෙනුම් එකකයක් ද ඇත.

’‘හෙල්දි ලයිෆ් ක්ලිනික් හිදී අප සෑම විටම උත්සාහ කරන්නේ රෝගයට නොව පුද්ගලයා කෙරෙහි අවධානය යොමු කර ගැටළු විසඳීමේ පූර්ණ ප‍්‍රවේශයක් ප‍්‍රවර්ධනය කිරීමටයි.

‘‘එමඟින් රෝගීන්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සෞඛ්‍යමත් හා ඵලදායී ජීවන රටාවකට හුරු වීමට හැකියාව ලැබෙනවා වගේම අපගේ පළපුරුදු, සුදුසුකම්ලත් වෘත්තීයමය විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායම හා කාර්ය මණ්ඩලය දියවැඩියාව වැනි නිදන්ගත, බෝ නොවන රෝග හඳුනා ගැනීමෙන් ඇති වන ආතතිය හා මානසික පීඩනය බෙහෙවින් අඩු කර රෝගීන්ට ඔවුන්ගේ සියලූ සෞඛ්‍ය අවශ්‍යතා එකම ස්ථානයකින් සපුරාලිය හැකි සුවපහසු පසුබිමක් නිර්මාණය කිරීමට දැඩි උත්සාහයක නිරත වනවා. අපගේ සේවය ලබා ගත් දිගු කාලීන රෝගීන්ගෙන් බොහො දෙනෙක් ඔවුන්ගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්වයෙන් ඔබ්බට ගිය ක‍්‍රියාශීලී, තෘප්තිමත් ජීවිත ගත කරන අය වීම මෙයට එක් ප‍්‍රධාන සාක්ෂියක්’’ යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

දියවැඩියා ප‍්‍රතිකාර රෝගීන් කේන්ද්‍ර කර ගත් සායනයක් ලෙස සැලකෙන හෙල්දි ලයිෆ් ක්ලිනික් සිය සායනය මගින් වසර ගණනාවක් තිස්සේ රෝගීන් දහස් ගණනකගේ සෞඛ්‍යයට සාර්ථකව ප‍්‍රතිකාර කර ඇත. දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් විසින් හෙල්දි ලයිෆ් හි සුවසේවා පැකේජ ඉතා සැලකිලිමත්ව නිර්මාණය කර ඇත්තේ එක් පරිශ‍්‍රයක් තුළ බහුවිශේෂඥතා ප‍්‍රවේශයක් භාවිතා කරමින් සෑම ආකාරයකින්ම රෝගීන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහාය.

සෞඛ්‍ය තත්වය පිළිබඳ අවධානය කරගත් වෛද්‍ය පරීක්ෂණ, අන්තරාසර්ග, විද්‍යා පෝෂණ, අක්ෂි වෛද්‍ය විද්‍යාව හා පාදය හා ඒ ආශ‍්‍රිත රෝග පිළිබඳ විශේෂඥයින් සමඟ විධිමත් උපදේශනයක්, ප‍්‍රතිකාර අවස්ථා, රෝග නිර්ණය, දියවැඩියාව පිළිබඳ දැනුවත් කිරීම හා අධ්‍යාපනය මෙන්ම ආහාර පාලනය පිළිබඳ උපදේශකයින් හා දියවැඩියාව ඉලක්ක කරගත් නිෂ්පාදන සඳහා ප‍්‍රවේශය ආදිය මෙම පැකේජවලට ඇතුලත්ය. හෙල්දි ලයිෆ් විසින් ලබා දෙන පැකේජයන් අතර එහි වඩාත් ජනප‍්‍රියතම පැකේජය වන්නේ දියවැඩියා රෝගීන් සඳහා වන Smard D වාර්ෂික ප‍්‍රතිකාර පැකේජයයි. එයට පූර්ණ රෝග නිවාරණ විසඳුම්, ත්‍රෛමාසික රුධිර පරික්ෂාව, වෛද්‍ය හමුවීම් හා සායනයෙන් විධිමත්ව සිදු කරන මතක් කිරීම් මෙන්ම නිවසේ සිට රුධිරගත සීනි ප‍්‍රමාණය මැන බැලීමට නොමිලේ ග්ලූකෝමීටරයක් ලබා දීම ආදිය ඇතුළත්ය.

හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය දෙවනුව අවධානය යොමු කරන අංශය වන්නේ, ජංගම පවුල් වෛද්‍ය සේවාවයි. එමගින් ක‍්‍රියාත්මක වන පුළුල් සෞඛ්‍ය සැලසුම සමාජයේ සෞඛ්‍ය හා යහපැවැත්ම පවත්වා ගැනීමට මහඟු පිටුවහලක් වේ.

මෙම ජංගම පවුල් වෛද්‍ය සේවාව මගින් රෝගවලට ප‍්‍රතිකාර කිරීම, රෝග විනිශ්චය හා රෝග වැළැක්වීමේ පියවර පිළිබඳ උපදෙස් ලබා දීම ඇතුළු සේවාවන් රැුසක් පිරි නැමේ. හෙල්දි ලයිෆ් ආයතනය සැම පුද්ගලයෙකුගේම එදිනෙදා ජීවිතයේ සෞඛ්‍ය ගැටළු හා මානසික ආතතිය අවම කර ගැනීමට ගොඩනැගුණු විශ්වාසදායක හා පළපුරුදු උපදේශකයෙක් ලෙස වර්ධනය වී ඇත.

ප‍්‍රතිකාර සඳහා සායනයට පැමිණෙන සෑම රෝගියෙකුටම පුද්ගලික සෞඛ්‍ය වාර්තාවක් විවෘත කරන අතර එහි රෝගියාගේ පවුලේ සෞඛ්‍ය ඉතිහාසය, ජීවන රටාව, පූර්ව ප‍්‍රතිකාර පිළිබඳ විස්තර හා මානසික සෞඛ්‍ය තත්වය ආදී දත්ත නිරන්තරයෙන් යාවත්කාලීන වේ. මෙය, මෙම සායනයේ රෝග විනිශ්චය කිරීමේ ක‍්‍රියාවලියේ අනිවාර්ය අංගයක් වේ.

මීට අමතරව, හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය මගින් පුද්ගලික ක්ෂේත‍්‍රයේ සේවය කරන අයට සෞඛ්‍ය උපදෙස් දීම හා දැනුම ලබා දීම තුළින් රෝග වැළැක්වීම් හා සෞඛ්‍යාරක්ෂාව ලබා දීම සඳහා විවිධාකාර සෞඛ්‍ය පැකේජයන් පිරිනැමේ.

මෙම පැකේජයන් අතරට වැඩිහිටි ප‍්‍රතිකාර, භෞත චිකිත්සක සැසි, ශරීර බර කළමනාකරණ විසඳුම්, සෞඛ්‍ය පරීක්ෂණ හා විවිධ රෝග විනිශ්චය ක‍්‍රම, අක්ෂි රෝග ප‍්‍රතිකාර ආදී පැකේජ ඇතුලත් වේ. රෝගීන්ට ඍජුවම සායනයට පැමිණීමට හෝ 0114700700 හෝ 0773511511 යන අංකවලට ඇමතීමෙන් වෙලාවක් වෙන් කර ගත හැකිය.

2005 දී ආරම්භ කරන ලද හෙල්දි ලයිෆ් සෞඛ්‍ය මධ්‍යස්ථානය යනු හඳවත බඳු කොළඹ නගරයේ පිහිටා ඇති වෛද්‍ය මධ්‍යස්ථානයකි. දියවැඩියා ප‍්‍රතිකාර සඳහා විශේෂයෙන්ම වෙන් වූ මෙම මධ්‍යස්ථානය පවුල් සෞඛ්‍ය සේවා, ආයතික යහපැවැත්ම හා වැඩිහිටි ප‍්‍රතිකාර සඳහා පුළුල් පරාසයක විහිදී ගිය එක් එක් පුද්ගලයින්ට විශේෂිත වූ විසඳුම් ද ලබා දෙයි.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව