හෙද සත්කාරක සේවා උසස් අධ්‍යාපනය සඳහා Identity College of Higher Education විවෘත වූ වගයි,

Opening of Identity College of Higher Education_2

හෙද සතත්කාරක සේවාව පෝෂණය කරමින් එම සේවාවේ කැපීපෙනෙන ප‍්‍රගතියක් ලබා ගනිමින් ක්‍ැරඑසි ඛ්බන් සමූහයේ නවතම ව්‍යාපාරය වන Identity College of Higher Education (ICHE)  හි සමාරම්භය 2024 මාර්තු මස 12 වන දින උත්කර්ෂවත් ලෙස එළිදක්වන ලදී

 


 

ශ‍්‍රී ලංකාවේ හෙද සත්කාරක සේවාව සඳහා වන අධ්‍යාපනය සවිබල ගැන්වීම සඳහා දැඩි කැපවීමකින් යුතුව ICHE පුරෝගාමී මුලපිරීමක් සටහන් කරනු ලබයි. ICHE හි සමාරම්භක උත්සවය ගෞරවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් යුතුව උත්කර්ෂවත් ලෙස පැවැත්වන ලද අතර අධ්‍යයනයේ විශිෂඨත්වය සනිටුහන් කරමින් නිරන්තරයෙන් විකාශනය වන ප‍්‍රජා අවශ්‍යතා සපුරාලීම සඳහා Certis Lanka හි කැපවීම මනාව විදහා දක්වන ලදී

Identity College of Higher Education ආයතනය මගින් සිසුන්ගේ විවිධ වූ අවශ්‍යතා සපුරාලීම සඳහා සකස්කරන ලද විස්තීර්ණ විෂය මාලාවක් හඳුන්වා දී ඇති අතර සත්තාරක සේවයේ වීප්ලවීය වෙනසක් ඇතිකිරීමට හේතුවනු ඇත විහේෂිත පාඨමාලා වැඩමුලූ මෙන්ම ප‍්‍රායෝගික පුහුණු වැඩසටහන් සපයනු ලබන අතර වෘත්තියෙහි සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය ප‍්‍රායෝගික කුසලතා සහ න්‍යායාත්මක දැනුම ලබාදීමද ICHE මගින් සිදුකරයි

නවීන පන්ති කාමර දේශන ශාලා සහ අධ්‍යයන ප‍්‍රදේශ ඇතුලූ නවීන පහසුකම් වලින් සමන්විත ICHE ඉගෙනුම් පරිසරයක් ගොඩනගා ඇති අතර ගුණාත්මක සහ විශිෂ්ඨ අධ්‍යාපනයක් ලබාදීමට  කැපවූ පළපුරැදු ප‍්‍රවීන දේශක මඩුල්ලකින් ගෙන් සමන්වීත වේ

ICHE හි දැක්ම වන්නේ සෑම තරාතිරමකම සිසුන්ට ඔවුන්ගේ අධ්‍යාපන අභිලාෂයන් හඹායාමට අවස්ථාව ඇති බව සහතික කරමින් ඊට ප‍්‍රවේශයක් ලබාදීම සඳහා කැපවීමයි

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව