හච්, සේවා සැපයීම අඛණ්ඩව සිදුකිරීම සඳහා සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත නොමිලේ ඉලෙක්ට්‍රික් බයිසිකල් ලබාදෙයි

01

 



 

 

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, වර්තමානයේ පවතින ප්‍රවාහන දුෂ්කරතා සාර්ථකව ජයගැනීමට සහයක් වෙමින් සිය බෙදාහැරීමේ නියෝජිතයින් වෙත ඉලෙක්ට්‍රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී. කර්මාන්තය තුළ මෙවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වේ. 

බොහෝ දියුණු වෙමින් පවතින රටවල මෙන් ශ්‍රී ලංකාවේද ජංගම දුරකථන පාරිභෝගිකයින්ගෙන් 90% ක් පෙරගෙවුම් සේවාවන් සඳහා යොමුව සිටින බැවින් රීචාර්ජ් වවුචර් සහ ඉලෙක්ට්‍රොනික රීලෝඩ් ලබාගැනීමට ඇති පහසුකම අතිශය වැදගත් වේ. 

මෙම වැඩසටහන මඟින් හච් බෙදාහැරීමේ ජාලය වෙත ඉලෙක්ට්‍රික් බයිසිකල්  200කට අධික ප්‍රමාණයක් ලබාදෙන අතර එමඟින් දීපව්‍යාප්ත වෙළඳ මධ්‍යස්ථාන 75,000කට අධික ප්‍රමාණයක් වෙත සිය ජංගම නිෂ්පාදන අඛණ්ඩව ලබාදීම සහතික කෙරෙනු ඇත. 

සිය නවතම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මෙලෙස සඳහන් කළේය. “රටේ පවතින ඉන්ධන හිඟය නිසා යතුරුපැදි භාවිතයෙන් අපගේ ජංගම නිෂ්පාදන බෙදා හැරීම ඉතා දුෂ්කර කටයුත්තක් වී ඇති අතර එය පාපැදි සහ පොදු ප්‍රවාහන සේවා වලට සීමා කර ඇත. අත්‍යවශ්‍ය සන්නිවේදන සේවා සපයන්නෙකු ලෙස, පාරිභෝගිකයින්ට බාධාවකින් තොරව අපගේ සේවාවන් වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට නව සහ කාලෝචිත විසඳුම් අවශ්‍ය බව අපි අවබෝධ කරගත්තෙමු. එයට විසඳුමක් ලෙස හඳුන්වාදුන් මෙම ඉලෙක්ට්‍රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහන අපගේ නිෂ්පාදන වටිනා පාරිභෝගිකයින් වෙත අඛණ්ඩව ළඟා වීම සහතික කරනු ඇත.”

Hutch හි Global Fortune 500 සහ CK Hutchison Holdings Limited යන සමාගම් වල සහය ඇතිව දියත් කරන ලද වැඩසටහන් වලින් එකක් ලෙස මෙය හැඳින්විය හැක. පවතින දුෂ්කර වාතාවරණය හමුවේ ව්‍යාපාරික සහකරුවන්ට සහය වෙමින් ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාරයේ අඛණ්ඩ තිරසාරභාවය සහතික කිරීමට මව් සමාගමෙහි ඇති කැපවීම මෙමඟින් පෙන්නුම් කරයි.

කොළඹ හච් ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සහ හච් හි අලෙවිකරණ සාමාන්‍යාධිකාරී තරිඳු විජේරත්න විසින් බෙදාහැරීමේ නියෝජිතයින් වෙත ඉලෙක්ට්‍රික් බයිසිකල් පිරිනැමීම සිදුකරන ලදී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව