සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා මධ්‍යස්ථානය සමග ප්‍රෝටෝන් තෙරපි සඳහා ප්‍රවේශය ලබා දෙයි

CHSL-AHEL MoU

දකුණු ආසියාවේ පළමු සහ එකම ප්‍රෝටෝන් පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍ය පාර්ශවකරුවෙකු ලෙස එක්වෙයි

ලෝකයේ වඩාත්ම දියුණු විකිරණ ප්‍රතිකාර ක්‍රමය වන ප්‍රෝටෝන් තෙරපි විකිරණ ප්‍රතිකාර ක්‍රමය ශ්‍රී ලංකාවේ පිළිකා රෝගීන්ට දැරිය හැකි මිලකට ලබාගැනීමේ අවස්ථාව උදා කර දීමට ගිනිකොණ දිග ආසියානු කළාපයේ එකම ප්‍රෝටෝන් තෙරපි මධ්‍යස්ථානය වන චෙන්නායි හි, ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා මධ්‍යස්ථානය අයත් ඉන්දියාවේ ඇපලෝ හොස්පිට්ල්ස් එන්ටර්ප්‍රයිස් ලිමිටඩ් (AHEL) සමග සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් (CHSL) සමාගම ඒකාබද්ධතාවයක් ඇති කර ගෙන ඇත.

ඇපලෝ ප්‍රොටොන් පාර්ශවාකාර ජාල වැඩසටහන හා සම්බන්ධ වීම නිවේදනය කරමින් සමාගම පවසන්නේ කොළඹ පිහිටි සමාගමට අයත් විකිරණ ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙක තුළ ප්‍රතිකාර ගන්නා රෝගීන්ට ප්‍රොටොන් ප්‍රතිකාර අවශ්‍ය නම් චෙන්නායි හි, ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන්ද ප්‍රතිකාර ලබාගත හැකි බවයි. මේ සඳහා ආයතන දෙක අතර ගිවිසුමක් අත්සන් කර ඇත.

ප්‍රෝටෝන් තෙරපි ප්‍රතිකාර ක්‍රමය මගින් ඉතාමත් සූක්ෂම ලෙස විකිරණ මුදාහැරීමත් නීරෝගි ෙසෙල හානි වීම අවම කිරීමත් නිසා පසුගිය දශකය පුරා මෙම ප්‍රතිකාර ක්‍රමය වේගයෙන් ජනප්‍රිය විය. විශේෂයෙන්ම ප්‍රතිකාර විකල්ප අඩු හෝ සාම්ප්‍රදායික විකිරණ ප්‍රතිකාර ක්‍රම අවධානම් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ක්‍රමය භාවිතා කිරීම මේ වනවිට ඉහළ යමින් තිබේ. මෙහි තිඛෙන සුවිශේෂී වාසි හේතුවෙන් පිළිකාවල මුල් අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමටද මෙම ක්‍රමය භාවිතා කිරීම වර්ධනය වෙමින් ඇත.

පටක හානිය අවම වීම නිසා ළමුන්ගේ මොළයේ සහ කොඳු නාරටියේ තිඛෙන පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට මෙම ක්‍රමය යොදාගනී. ලෝකයේ සහ ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා මධ්‍යස්ථානයේ මේ වනවිට පිළිකා සඳහා ප්‍රතිකාර කිරීමට යොදාගන්නා දියුණු තාක්ෂණය සහ විශේෂඥතාවය මගින් පුළුල්ව විහිදුණු පිළිකා ප්‍රමාණයකට ප්‍රතිකාර කළ හැකි අතර එහිදී ජීවිත බේරාගැනීමේ ප්‍රමාණය වැඩිකිරීම සහ වැඩි කාලයක් ගුණාත්මක ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව වැඩිකර තිබීම කැපී පෙනේ.

චෙන්නායි හි පිහිටි ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය පෙන්සිල් බීම් තාක්ෂණය සහ ඉන්ටෙන්සිටි මොඩ්යුලේටඩ් ප්‍රෝටෝන් තෙරපි (IMPT) ඉමේජ් ගයිඩඩ් සහ රෝගීන් ස්ථානගත කිරීමේ පද්ධති තිඛෙන අති නවීනතම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයයි. මෙම මධ්‍යස්ථානය අති නවීන ප්‍රෝටෝන් ප්‍රතිකාර සැලසුම් පද්ධති වලින් සමන්විත වේ. පිළිකා රෝගීන්ට නිසි පරිදි ප්‍රතිකාර කිරීම සඳහා මෙම මධ්‍යස්ථානයේ විශිෂ්ට සායනික, රසායනික සහ තෙරපි කණ්ඩායම් සිටින අතර ඔවුන් මනාව සැලසුම් කරමින් රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙයි.

‘පිළිකා රෝගීන්ට අති නවීන ප්‍රතිකාර ක්‍රම දැරිය හැකි මිලකට ශ්‍රී ලංකාවේදී ලබාදීම සඳහා අපි මේ වනවිට ටෝමෝ තෙරපි සහ ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර මගින් ඉතාමත් දියුණු විකිරණ ඔන්කොලොජි ප්‍රතිකාර ලබාදෙනවා’ යනුවෙන් සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් සමාගමේ සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. zඅපි මේ වනවිට ප්‍රෝටෝන් තෙරපි ප්‍රතිකාර ලබාදෙන්නේ නෑ. මේ නිසා, මෙම ප්‍රතිකාර සඳහා රෝගීන්ට ප්‍රවේශයක් ලබාදීම සඳහා අපි ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය සමග සබඳතාවයක් ගොඩනගා ගත්තා.’

‘ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රෝටෝන් තෙරපි වැඩසටහන සඳහා ප්‍රවේශ වීමට සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් සමග සායනික ඒකාබද්ධතාවයක් ඇතිකර ගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. ප්‍රෝටෝන් ප්‍රතිකාර ලබාගැනීමට බලාපොරොත්තු වන රෝගීන්ට ලෝකයේ දියුණුම පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයක සේවය දැන් ලබාගත හැකියි. මේ නිසා, ඔවුන්ට පිළිකා වලට එරෙහිව සටන් කරමින් ජීවන තත්ත්වය උසස් කර ගැනීමට අවස්ථාව ලැබී තිඛෙනවා,’ යැයි ඉන්දියාවේ ඇපලෝ හොස්පිට්ල්ස් එන්ටර්ප්‍රයිස් ලිමිටඩ් හි, සමූහ ඔන්කොලොජි සහ ජාත්‍යන්තර සභාපති, ඩිනේෂ් මාධවන් මහතා සඳහන් කළේය.

2019 ඔක්තෝම්බර් මාසයේදී ඉන්දියාවේ ඇපලෝ හොස්පිට්ල්ස් එන්ටර්ප්‍රයිස් ලිමිටඩ් (AHEL) සහ සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් (CHSL) විසින් අත්සන් කළ සහයෝගීතා ගිවිසුමට අනුව රෝගීන්ගේ අවශ්‍යතා ඇගයීමට ලක්කරමින් ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා මධ්‍යස්ථානය වෙත රෝගීන් ප්‍රතිකාර සඳහා සහ පසු ප්‍රතිකාර රැකවරණය සඳහා යොමු කිරීමේ අවස්ථාව ලැබී තිබේ.

ඇපලෝ ප්‍රෝටෝන් පිළිකා මධ්‍යස්ථානය චෙන්නායි නුවර පිහිටි ඇඳන් 150 කින් සමන්විත අති නවීන තාක්ෂණයෙන් යුක්ත පිළිකා සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහලකි. මෙය අග්නිදිග ආසියාවේ පළමු ප්‍රෝටෝන් ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අතර මෙහි අති නවීන බහු-කාමර ප්‍රෝටෝන් තාක්ෂණය භාවිතා කරනු ලැබේ. මෙමගින් විකිරණ ඔන්කොලොජි සේවාව ඉන්දියාව තුළ පමණක් නොව කළාපයේම විප්ලවීය මාවතකට රැගෙන ඒමට සමත්ව තිබේ.

වසර 26 කට අධික කාලයක් ගෝලීය තත්ත්වයේ පිළිකා ප්‍රතිකාර ලබාදෙන මෙම රෝහල ප්‍රෝටෝන් තෙරපි ප්‍රතිකාර ක්‍රමය මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල බිලියන 3.5 කට වැඩි ජනතාවකට අළුත් බලාපොරොත්තුවක් එක් කිරීමට සමත්ව තිබේ.

දැරිය හැකි මිලකට ප්‍රතිකාර ලබාදෙන මෙරට වඩාත්ම පළපුරුදු පුද්ගලික අංශයේ පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානය වන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඩ් විසින් පසුගිය දශකය පුරා ශ්‍රී ලංකාවේ රෝගීන් 5000 කට වැඩි සංඛ්‍යාවකට විකිරණ ප්‍රතිකාර ලබාදී තිබේ. සෙලින්කෝ විකිරණ ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ සෙලින්කෝ ටෝමෝ තෙරපි මධ්‍යස්ථානය විසින් වසරකට ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000 විදේශ විනිමයක් ඉතිරිකර දෙන බව මේ වනවිට ගණනය කර තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව