සෙලින්කෝ ලයිෆ් SLIM ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ ලෙස රිදී සම්මානය දිනයි

SLIM Brand Excellence Award 2020 (2)

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය පැවැත්වූ 2020 සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් විසින් අඛණ්ඩවම සිදුකරන සමාජ සත්කාරක යුතුකම ඇගයීමට ලක්කරමින් ‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ යන අංශය යටතේ රිදී සම්මානය මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වෙත පසුගියදා පිරිනමන ලදී.

සමාගම විසින් 2019 වසරේදී සම්පූර්ණ කරන ලද ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සඳහා මෙම සම්මානය ප‍්‍රදානය කර තිබේ. පන්ති කාමර 07 ක් ඉදිකිරීම, ‘වෛද්‍ය හමුව’ නැමති නොමිල සෞඛ්‍ය කඳවුරු 12 ක් පැවැත්වීම, සමාගම විසින් ලබාදුන් පස්වන දැඩි සත්කාර ඒකකය (HDU) මහනුවර ශික්ෂණ රෝහලට පරිත්‍යාග කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වසර වෙනුවෙන් සකස්කර තිබෙන තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) වලට අනුගත වෙමින් සමාගම විසින් පරිත්‍යාග කර තිබෙන රෝහල් දැඩි සත්කාර ඒකක නඩත්තු කිරීම යන කරුණු මෙම සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට ගෙන ඇත.

මෙම සම්මානය පිළිබඳව සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘අපගේ සමාජ වගකීම් වැඩසටහන් නිර්මාණය වන්නේ සත්‍ය වශයෙන්ම ජනතාව මුහුණ දෙන අභියෝග සහ ගැටලූ නිරාකරණය කිරීමේ අභිලාෂයෙන් මිස සන්නාමය ගොඩනැගීමේ උපාය මාර්ගයක් ලෙස නොවේ. එනමුත් ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් සිදුකළ ස්වාධීන තක්සේරුවක් මගින් අපට ලබාදුන් මෙම සම්මානය අප අගය කරන අතර ඒ තුළින් යහපත් සමාජ පුරවැසියෙකු ලෙස තවත් අවස්ථාවන් සොයා බලමින් අඛණ්ඩවම මෙම සත්කාරක වැඩසටහන් කිරීමට සමාගමේ සමස්ත කණ්ඩායමටම දිරියක් ලබාදෙනවා.’

‘වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය’ ලබාදීමේ ඇගයීම් ක‍්‍රමවේදයේදී ආයතනික සන්නාමය සහ ආයතනික සමාජ වගකීම් සන්නාමයේ බලාපොරොත්තුව සහ අරමුණ අතර තිබෙන සබඳතාවය, සමාගමේ ආයතනික සමාජ වගකීමට අදාළව සන්නාමයේ දැක්ම සහ අරමුණු අතර සබඳතාවය, ආයතනික සමාජ වගකීම් වැඩසටහන් සහ සන්නාමයේ අරමුණ අතර තිබෙන උපායමාර්ගික සබඳතාවය, වැඩසටහන්වල බලපෑම සහ පාර්ශවකරුවන්ට එම වැඩසටහන සන්නිවේදනය කරන ආකාරය, වැඩසටහන් සමග කාර්යමණ්ඩලයේ එකතුවීම සහ අභ්‍යන්තර අලෙවිකරණ ක‍්‍රියාකාරකම් විශ්ලේෂණය කරනු ලබයි.

 




 

 

මෙහිදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2030 වසර සඳහා දක්වා තිබෙන තිරසර සංවර්ධන ඉලක්කවල පිළිවෙලින් ඉලක්ක අංක තුන සහ හතර වන සෞඛ්‍ය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාගමේ ආයතනික සන්නාමය සහ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් අතර තිබෙන ශක්තිමත් සබඳතාවය හේතුවෙන් මෙම ඇගයීමේ ක‍්‍රමවේදයේදී ඉහළම ලකුණු ලබාගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත්වී තිබීම කැපී පෙනේ. සමාගමේ ශාඛාවල සහ මූලස්ථානයේ ඇතුළුව සියළුම අංශවල කාර්ය මණ්ඩලය 2019 ආයතනික වැඩසටහන් ආරම්භ කිරීමට, පවත්වාගෙන යාමට සහ විමර්ශනය කිරීමට මෙන්ම සම්පූර්ණ කිරීමට මිනිස් පැය 5000 කට වැඩි ප‍්‍රමාණයක් වැයකර ඇත. එසේම, 2019 වසර තුළදී සමාගමේ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් මගින් පාසැල් සිසුන් 2,616 කටත්, මීට පෙර බටහිර වෛද්‍ය පරීක්ෂණ කර නොතිබූ පුද්ගලයින් ඇතුළුව 3,042 ක පිරිසකට සෙත සලසා තිබෙන අතර සමාගම විසින් ප‍්‍රදානය කර තිබෙන දැඩි සත්කාර ඒකකවල සලකා බැලූ වසර තුළදී රෝගීන් 1,700 කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රතිකාර ලබා තිබේ.

සමස්තයක් ලෙස ගත්විට සමාගම විසින් වසර ගණනාවක් පුරා පැවැත්වූ නොමිල සෞඛ්‍ය කඳවුරු මගින් 146,000 ක පමණ පිරිසක් ප‍්‍රතිලාභ ලබා ඇත. මේ දක්වා සමාගම විසින් පන්ති කාමර ගොඩනැගිලි 84 ක්  සහ හදිසි ප‍්‍රතිකාර ඒකක 5 ක් මෙන්ම තෝරාගත් රජයේ රෝහල් වලට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප‍්‍රදානය කර තිබෙන අතර කොවිඞ්-19 වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය උපකරණ තොගයක්ද පසුගිය වසරේදී ප‍්‍රදානය කරන ලදී.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් මෙරට වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් සෙලින්කෝ ලයිෆ් සම්මානයට පාත‍්‍රකළ අතර 2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද සෙලින්කෝ ලයිෆ් සමාගම තෝරාගන්නා ලදී. එසේම, 2020 සහ 2019 වසර වලදී ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ නම් කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සමාගමට විශේෂ සඳහනක් (Honourable Mention) ලබාදුන් අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ ශ්‍රේණිගත කිරීමේදී සමස්තයක් වශයෙන් මෙරට ප‍්‍රධානතම සමාගම් 30 අතුරින් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව