සෙලින්කෝ ලයිෆ් 2025 අර්ධ වාර්ෂික සම්මාන උළෙලේ දී විශිෂ්ට විකුණුම් නිලධාරීන් අගයයි

Mid Year Awards 2025 (LBN)

සෙලින්කෝ ලයිෆ් සමාගම සිය විකුණුම් බලකායේ විශිෂ්ටතමයන් අගය කරමින් හම්බන්තොට ෂැංග්‍රි-ලා හෝටලයේ දී 2025 අර්ධ වාර්ෂික සම්මාන උළෙල පවත්වන ලදී.

මෙම අති උත්කර්ෂවත් සම්මාන උළෙල සඳහා සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වය ඇතුළු ව අමුත්තන් 300 දෙනෙකු සහභාගී වූ අතර වසරේ මුල් මාස හය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ විකුණුම් නිලධාරීන් 215 දෙනෙකු ඇගයීමට පාත්‍ර විය. තව ද සියලු‍ම සම්මානලාභීන්ට සුඛෝපභෝගී නිවාඩු නිකේතනයේ නොමිලේ රාත්‍රියක් ගත කිරීමට ද අවස්ථාව උදා විය.
 



 
මෙම සන්ධ්‍යාවට අලංකාරයක් සහ කීර්තියක් එක් කරමින් සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

සෙලින්කෝ ලයිෆ් අර්ධ වාර්ෂික සම්මාන උළෙලෙහි ඉහළම සම්මානලාභීන් අතර හොඳම ශාඛා ප්‍රධානියා ලෙස උතුරු කලාපයේ කේ. පකිරතන් මහතා, හොඳම ඒකක ප්‍රධානියා ලෙස උතුරු කලාපයේම එස්. රාජීනී මහත්මිය, හොඳම ජීවිත රක්ෂණ උපදේශක සම්මානය සඳහා දකුණු කලාපයේ ඒ. අයි. පී. මංජුල මහතා සහ හොඳම ප්‍රාදේශීය විකුණුම් කළමනාකාරිනිය ලෙස කොළඹ දිස්ත්‍රික්කයේ ජේ. මීරා මහත්මිය සම්මාන ලැබූහ.

සෙලින්කෝ ලයිෆ් අර්ධ වාර්ෂික සම්මාන උළෙල සෙලින්කෝ ලයිෆ් සමාගමේ වාර්ෂික දින දර්ශනයෙහි සුවිශේෂී අවස්ථාවක් බවට පත්ව ඇති අතර තම විකුණුම් බලකායේ සුවිශේෂී ජයග්‍රහණ සැමරීම සඳහා සහ වසර අවසානය කරා ගමන් කරන විට ඔවුන්ට තවත් ඉහළ මට්ටමක් කරා ගමන් කිරීමට අභිප්‍රේරණයක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් මෙය සැලසුම් කර ඇත.

2025 වසරේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා ලෙස අඛණ්ඩව 19 වන වසරටත් ජනතා සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් 2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස ද, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස ද නම් විය.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 21 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව