සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව CMA හොඳම සංකලිත වාර්තා 10 අතරට

Webp.net-resizeimage

 



 

 

 

සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව, ශ‍්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය (CMA) විසින් 7 වැනි වරටත් පිරිනමන ලදි. ‘CMA සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ වැඩසටහනෙහි එම වසරේ හොඳම සංකලිත වාර්තා 10න් එකක් ලෙස පිළිගැනීමට ලක් වී ඇත.

ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා විසින් මෙම ගෞරවනීය සම්මානය දිනා ගත්තේ, මෙතෙක් වාර්තා වූ අභියෝගාත්මකම වසර තුළ සමාගම විසින් හොඳම සංස්ථාපිත පාලන ක‍්‍රමවේද අනුගමනය කරමින් මූල්‍ය සහ මූල්‍ය නොවන යන දෙඅංශයෙන්ම තම පාර්ශ්වකරුවන්ට අගයක් එකතු කළ ආකාරය පිළිබඳව අවබෝධයක් ලබා දෙන ‘ඩිරිස්කින් ද ෆියුචර්’ (Derisking the Future) නමැති වාර්ෂික වාර්තාව සඳහා ය.

CMA නිර්ණායක සපුරාලන ඒකාබද්ධ වාර්තා 41ක්, 2013 දෙසැම්බර් මාසයේදී නිකුත් කරන ලද ‘ජාත්‍යන්තර සංකලිත වාර්තාකරණ’ <IR> රාමුවේ දක්වා ඇති මාර්ගෝපදේශ භාවිතා කරමින් සමස්තයක් ලෙස ඇගයීමට ලක් කෙරිණි. ඇගයීම සඳහා ගිණුම්කරණ සහ මූල්‍ය තොරතුරු පමණක් නොව සංකලිත වාර්තාවල සපයා ඇති මූල්‍ය නොවන තොරතුරු ද සැලකිල්ලට ගෙන ඇත. ඉදිරිපත් කරන ලද වාර්තාල කීර්තිමත් ජාත්‍යන්තර සහ දේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත පළපුරුදු ඇගයීම් මණ්ඩලයක් විසින් පරීක්ෂාවට ලක් කෙරිණි.

2011 අංක 3 දරන ‘රක්ෂණ කර්මාන්ත නියාමන’ (සංශෝධන) පනතේ 53 වැනි වගන්තිය යටතේ ජීවිත සහ සාමාන්‍ය රක්ෂණය වෙනම ව්‍යාපාරික ආයතන බවට වෙන් කිරීමෙන් පසුව, 2015 සිට සෙලින්කෝ ලයිෆ් සංකලිත වාර්තාකරණ රාමුව අනුගමනය කරයි. සංකලිත වාර්තාකරණය, සෙලින්කෝ රක්ෂණ සමාගම සිය අනේකවිධ පාර්ශ්වකරුවන් සඳහා තිරසාර වටිනාකමක් නිර්මාණය කරන ආකාරය පිළිබඳව සමස්ථ දැක්මක් ගෙන එයි.

සම්මානලාභී සෙලින්කෝ ලයිෆ් 2020 වාර්ෂික වාර්තාව නිර්මිත වාර්තාකරණ රාමු වූයේ මූල්‍ය වාර්තාකරණය, සංකලිත වාර්තාකරණය, සංස්ථාපිත පාලන වාර්තාකරණය සහ තිරසාර වාර්තාකරණයයි. වාර්තාවේ මුද්‍රිත පිටපත් අඩු කිරීමේ උත්සාහයක් ලෙස, කොටස් හිමියන්ට සහ අනෙකුත් පාර්ශ්වයන්ට සමාගමේ වෙබ් අඩවියෙන් වාර්තාව බාගත කිරීමට හෝ QR කේතයක් ස්කෑන් කිරීමෙන් ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික උපාංග හරහා වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප‍්‍රකාශ වෙත ප‍්‍රවේශ වීමට හැකියාව ලබා දෙන ලදී.

සංකලිත වාර්තාවක් සැකසීමට මූලික වන මාර්ගෝපදේශක මූලධර්මවලට, උපායමාර්ගික අවධානය සහ අනාගත නැඹුරුව, තොරතුරු අතර ඇති සහසම්බන්ධය, පාර්ශ්වකරුවන්ගේ සබඳතා, තොරතුරු වල වැදගත්කම, සංක්ෂිප්තබව, විශ්වසනීයත්වය සහ පරිපූර්ණබව සහ අනුකූලතාව සහ සංසන්දනාත්මක බව ඇතුළත් වේ. CMA ආයතනයට අනුව, සම්මාන සඳහා ඉදිරිපත් කරන ලද සංකලිත වාර්තා, ආයතනික දළ විශ්ලේෂණය සහ බාහිර පරිසරය, සංස්ථාපිත පාලනය, ව්‍යාපාර ආකෘතිය, අවදානම් සහ අවස්ථා, උපාය මාර්ග සහ සම්පත් බෙදා දීම, කාර්යසාධනය, ඉදිරි දැක්ම සහ පිළිගැන්වීමේ පදනම වැනි අංගවලින් සමන්විත විය යුතුය.

‘CMA සංකලිත වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන’ තරඟාවලිය වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ, මෙරට ජාතික වෘත්තීය කළමනාකරණ ගිණුම්කරණ ආයතනය වන ශ‍්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසිනි. ඒකාබද්ධ වාර්තාකරණයේ විශිෂ්ටත්වයෙහි අරමුණ වන්නේ ශ‍්‍රී ලාංකේය, ලැයිස්තුගත කළ සහ ලැයිස්තුගත නොකළ සමාගම් සහ රජය හිමිකාරිත්වය දරන ආයතන ආයෝජකයන්ට සහ පාර්ශ්වකරුවන්ට ප‍්‍රයෝජනවත් වන සංකලිත වාර්තාකරණයක් සිදු කිරීමට දිරිමත් කිරීමයි. කොළඹ කොටස් වෙළෙඳපොළ මෙම සම්මාන වැඩසටහනේ ‘සහාය හවුල්කරු’ වේ.

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2021 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව අටවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත්, 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව