සෙලින්කෝ ලයිෆ් 15 වන ෆැමිලි සවාරි වැඩසටහන සඳහාද රත්තරන් ත්‍යාග පිරිනමයි

FS 15 launch (1)

 




 

 

 

  • 2021-22 වසර සඳහා රුපියල් මිලියන 30 කට අධික ත්‍යාග රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට
  • රුපියල් 10,000 ක් වටිනා සුපිරි වෙළෙඳසැල් වවුචර් 600 ක් සැනසිලි ත්‍යාග ලෙස

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් සිය සංධිස්ථානාත්මක 15 වන ෆැමිලි සවාරි වැඩසටහන ආරම්භ කර තිබෙන අතර මෙවරත් ජයග‍්‍රාහකයින් සඳහා රත්තරන් ලබාදීමට සමාගම තීරණය කර තිබේ.

මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා සඳහන් කරන්නේ මෙවර වැඩසටහන මගින් රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට ත්‍යාග වශයෙන් රත්තරන් සහ රක්ෂණ ඔප්පුහිමියන්ට තවත් සහනයක් ලෙස සුපිරි වෙළෙඳසැල් ෂොපින් වවුචර් ලබාදීමට සමාගම විසින් තීරණය කර තිබෙන බවත්, මෙවර සමස්තයක් ලෙස රුපියල් මිලියන 30 කට අධික ත්‍යාග මල්ලක් ලබාදීමට සැලසුම් කර ඇති බවත්ය. 2021 ඔක්තෝම්බර් සිට 2022 අගෝස්තු කාලය තුල මෙම ත්‍යාග රක්ෂණ ඔප්පුහිමියන්ට දිනාගත හැකි බව සෙලින්කෝ ලයිෆ් පවසයි.

මෙම ප‍්‍රවර්ධන වැඩසටහන පැවැත්වෙන කාලය තුළදී මාස දෙකකට වරක් දිනුම් ඇදීමක් සිදුකරන අතර රුපියල් මිලියන 24 ක් ඉක්මවන රත්තරන් ත්‍යාග ලබාදීම සඳහා වාසනාවන්ත ජයග‍්‍රාහකයින් 450 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තෝරාගනු ඇත. මීට අමතරව, රුපියල් මිලියන 06 ක් වටිනා සැනසිලි ත්‍යාග 600 ක් ලබාදීම සඳහාද මෙවර ජයග‍්‍රාහකයින් තෝරාගන්නා බව සමාගම සඳහන් කරයි. කොවිඞ්-19 වසංගත තත්ත්වය නිසා ගමන් සීමාවන් සහ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ පැනවීම නිසා මෙතෙක් ෆැමිලි සවාරි වැඩසටහන්වල ත්‍යාග ලෙස ලබාදුන් විදේශීය සහ දේශීය සංචාර වෙනුවට රත්තරන් ලබාදීමට 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේ සිට සමාගම කටයුතු කරන ලදී. මේ අනුව, 14 වන ෆැමිලි සවාරි වැඩසටහනේදී සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන් 618 දෙනෙකු රුපියල් මිලියන 30 ක් වටිනා රත්තරන් දිනාගත් අතර 2021 සැප්තැම්බර් මාසයේදී මෙම වැඩසටහන අවසන් විය.

මෙහිදී, 15 වන වැඩසටහන යටතේ සෑම මාස දෙකකට වරක්ම පැවැත්වෙන දිනුම් ඇදීමේදී ප‍්‍රථම ත්‍යාගය දිනාගන්නා ජයග‍්‍රාහකයාට රුපියල් මිලියනයක රත්තරන් සමාගම විසින් ප‍්‍රදානය කරන අතර තවත් ජයග‍්‍රාහකයින් 75 දෙනෙකුට රුපියල් මිලියන 03 ක් වටිනා රත්තරන් සමාගම විසින් ප‍්‍රදානය කරයි. මීට අමතරව, සමාගම සඳහන් කරන්නේ මෙවර පවත්වන සෑම දිනුම් ඇදීමකදීම රුපියල් මිලියනයක් වටිනා සැනසිලි ත්‍යාග පිරිනැමීමට සමාගම කටයුතු කර තිබෙන බවයි.

‘මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ නායකත්වය, රක්ෂණ ඔප්පුහිමියන්ට ප‍්‍රතිලාභ ලබාදීම, හිමිකම් ගෙවීම මෙන්ම ආයතනික සමාජ වගකීම වැනි බොහෝ අංශ වලින් සෙලින්කෝ ලයිෆ් සමාගම නායකත්වය දරනවා,’ යනුවෙන් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. ‘වසංගතය අපගේ ෆැමිලි සවාරි වැඩසටහනට අභියෝගයක් වීමට අපි ඉඩ දුන්නෙ නෑ. මේ නිසා, සංචාර ලබාදීම වෙනුවට ජයග‍්‍රාහකයින්ට රත්තරන් ලබාදීමට අපි කටයුතු කළා. රත්තරන් වල තිබෙන වටිනාකම ගෝලීය වශයෙන් පිළිගෙන තිබෙනවා. මේ නිසා, ප‍්‍රධාන ත්‍යාගය ලෙස රත්තරන් ලබාදීම තවත් වසරක් සිදුකරන්න අපි තීරණය කළා. මීට අමතරව, අපි සුපිරි වෙළෙඳසැල් වවුචර්ස් සහ සැනසිලි ත්‍යාගද ලබාදෙනවා.’

මෙම රත්තරන් හෝ සැනසිලි ත්‍යාග දිනාගැනීම සඳහා ප‍්‍රවර්ධන කාලය තුල සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තමන්ගේ තිබෙන ජීවිත රක්ෂණ ඔප්පුව තවදුරටත් පවත්වාගෙන යාම හෝ විශ‍්‍රාම සැලසුම්වල අවම ශේෂයක් පවත්වාගෙන යාම සිදුකළ යුතුබව සමාගම සඳහන් කරයි. මෙහිදී, සමාගමට කෙලින්ම රක්ෂණ වාරික ගෙවන ගනුදෙනුකරුවන්ට අමතර දිනුම් අවස්ථාවන් හිමිකර ගැනීමේ අවස්ථාව ලබාදී තිබෙන අතර සමාගමේ ගනුදෙනුකරුවෙකු වූ කාල සීමාව අනුව සලකා තවත් අමතර දිනුම් අවස්ථාවන් ලබාදෙන බවද සමාගම පවසයි.

සමස්තයක් ලෙස ගත්විට සෙලින්කෝ ලයිෆ් ෆැමිලි සවාරි වැඩසටහනින් මේ දක්වා ප‍්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව 26,600 කට වැඩි බව සමාගම සඳහන් කරයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට  ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප‍්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග‍්‍රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.

සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහනේ සන්නාම තානාපතිවරුන් ලෙස ජනප‍්‍රිය රංගන ශිල්පීන් වන ශ‍්‍රියන්ත මෙන්ඩිස් මහතා, සංජීවනී වීරසිංහ මහත්මිය සහ රොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප‍්‍රියබිරිඳ වන කුෂ්ලානී මහත්මිය කටයුතු කරන අතර ඔවුන් මීට පෙර දේශීය මෙන්ම විදෙස් සංචාර සඳහාද සහභාගී විය.

2021 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සමාගම ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් 2021 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් අඛණ්ඩව 15 වන වසරටත් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින්ද තෝරාගන්නා ලදී. සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 33 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබෙන අතර Great Place to Work® විසින් මෙරට සේවය කිරීමට සුදුසු උසස්ම ස්ථානයක් ලෙසින් සමාගම සහතික කර ඇත. 2020 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් අඛණ්ඩව හත්වන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් 2021 වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව ^ICCSL& සහ CIMA ආයතනය එකතුව ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 අතර සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදි.

සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

 

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව