සෙලින්කෝ ලයිෆ් හරිත සංගමය වසර 2 ක් තුළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ටොන් 1.7 ක් පරිසරයට මුදාහැරීම වලක්වයි

E Waste Day 2021

 



 

 

 

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2021 වසරේදී සිදුකළ ‘ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනය’ තුළින් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 745 ක් හෙවත් රාත්තල් 7,200 ක කාබන් ප‍්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වැලැක්වු අතර මෙය ගස් 235 ක් ආරක්ෂා කර ගැනීමට සමාන වේ.

මේ සමඟ, සමාගම විසින් මෙම වැඩසටහන මගින් පසුගිය වසර දෙකක කාලය තුළදී මෙටි‍්‍රක් ටොන් 1.7 ක ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප‍්‍රමාණයක් පරිසරයට මුදාහැරීම වලක්වා තිබේ.

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනය මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත සංගමය (Green Club)  විසින් ආරම්භ කළ වැඩසටහනක් වන අතර මෙමගින් සමාගමේ සියළු මට්ටම්වල සේවකයින්ගේ නිවෙස් තුළ සහ සමාගමේ ශාඛා තුළ භාවිතා කළ නොහැකි ඉලෙක්ට්‍රොනික උපකරණ එකතු කර සමාගමේ ප‍්‍රධාන මූලස්ථානයට රැගෙන එන ලදී. මෙම ඉලෙක්ට්‍රොනික උපකරණ පරිසරයට මුදාහැරියා නම් පරිසරයට මෙන්ම පෘතුවියටද හානියක් සිදුකරනු ඇත.

මෙසේ එකතුකළ ඉලෙන්ට්‍රොනික අපද්‍රව්‍ය අතරට ප‍්‍රින්ටර්, පුද්ගලික පරිගණක සහ කොටස්, ලැප්ටොප් පරිගණක, නෙට්වර්කිං උපකරණ, ස්කෑනර් යන්ත‍්‍ර, ජංගම දුරකතන, සීඞී, ඞීවීඞී, ෆ්ලොපි තැටි, UPS ඒකක, වීඩියෝ කැමරා, පොකට් සහ මේස කැල්කියුලේටර්ස්, ස්ථාවර දුරකතන, වීඩියෝ ක‍්‍රීඩා උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ, ඊයම්, නිකල් සහ කැඞ්මියම් බැටරි, විදුලි සංදේශ සහ සර්වර් බැටරි අයත් වේ.

මෙම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත සංගමයේ සභාපති, තිලාන් විජේසිංහ මහතා මෙසේ අදහස් දැක්වීය. ‘මෙවැනි ක‍්‍රියා නැවත නැවත සිදු කිරීමෙන් හොඳ පුරුදු ස්ථාපිත කළ හැකියි. වාර්ෂික වැඩසටහන් තුළින් තනි පුද්ගලයින් පරිසරය සුරැකීමට ගන්නා පියවර තුළින් මෙවැනි ආකල්ප සෙලින්කෝ ලයිෆ් සාමාජිකයින්ගෙන් ඔබ්බට සමස්ත සමාජයම වෙත ගෙන යෑමට හැකි වනවා. මෙය පුරුද්දක් බවට පත්කිරීම තුළින් පෘතුවියට දිගුකාලීන යහපතක් කිරීමට අපට හැකියි.’

සමාගම විසින් මේ ආකාරයෙන් වසරේ දින ගණනාවක් එකතු කළ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රිකරණය සඳහා කීර්තියක් දිනාගෙන තිබෙන සමාගමකට භාරදෙන ලදී. මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ දිනය ආරම්භ කිරීමට පෙර මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම මගින් පරිසරයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කිරීමටද කටයුතු කළේය.

පරිසරය සහ පරිසරය මේ වනවිට මුහුණ දෙන අභියෝග අවබෝධ කරගනිමින් එම අභියෝග ජයගැනීමට අවශ්‍ය කුසලතාවය, විශේෂඥතාවය සංවර්ධනය කරමින් පරිසරය සුරැකීම වගකීමක් බවට පත්කිරීමේ අරමුණෙන් ස්වේච්ඡා කණ්ඩායමක් විසින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ හරිත සංගමය 2020 වසරේදී ආරම්භ කරන ලදී. මෙම සංගමය ආරම්භ කළ වසරේදීම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 990 ක් වගකීම් සහගත ලෙස ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමට සංගමය කටයුතු කරන ලදී.

සෙලින්කෝ ලයිෆ්හි මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය වැඩසටහනට අමතරව සමාගමේ ඉවත දමන කඩදාසි වෙනුවෙන් ප‍්‍රතිචක‍්‍රීකරණ සැලසුමක්ද සකස් කර තිබේ. 2021 වසරේදී සමාගම විසින් කිලෝග‍්‍රෑම් 21,297 ක ඉවත දමන කඩදාසි එකතුකළ අතර ඒවා කැබලි කර ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා යොමුකිරීමට කාර්යාල සහ වාණිජ කර්මාන්ත සඳහා අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් ලබාදෙන Neptune Recyclers සමාගම වෙත යොමුකරන ලදී. මෙම ප‍්‍රතිචක‍්‍රීකරණ කටයුතු තුළින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්පූර්ණයෙන්ම වැඩුණු ගස් 362 ක් ආරක්ෂා කිරීමට සමාන මෙහෙවරක් සිදුකර ඇති බව එම සමාගම සහතික කර ඇති අතර, එය ඛණිජ තෙල් ලීටර් 37,376 ක්, කිලෝවොට් 85,188 ක විදුලිය ප‍්‍රමාණයක්, ජලය ලීටර් 676,819 ක් හෝ කියුබික් මීටර් 64 ක ඉඩම් ප‍්‍රමාණයක් ආරක්ෂා කර ගැනීමට සමාන වේ. මෙයින්, කාබන් කිලෝග‍්‍රෑම් 21,297 කට සමාන හරිතාගාර වායු විමෝචනයක් අඩුකර ගැනීමට සමාගම සමත්ව ඇත.

තිරසාරත්වය වෙනුවෙන් කැපවෙමින් සිටින සෙලින්කෝ ලයිෆ් සමාගම මේ වනවිට තමන්ටම අයත් ඉඩම්වල හරිත ශාඛා ජාලයක්ද ගොඩනගමින් සිටින අතර මෙම නව ගොඩනැගිලි සූර්ය විදුලි බලය, වැසි ජලය එකතු කිරීමේ පහසුකම්, නල ජලය භාවිතා කිරීම අඩුකිරීම සඳහා වන අපජලය පිරිපහදු කිරීමේ පද්ධති වලින් සමන්විත වේ. එසේම, මෙම ගොඩනැගිලි ස්වභාවික ආලෝකය වැඩිපුර ලැබෙන ලෙස නිර්මාණය කර තිබෙන අතර නවතම බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත විදුලි ආලෝක සහ වායු සමීකරණ පද්ධති වලින් මෙම ශාඛා සමන්විත වේ.

2020 වසරේදී සමාගම විසින් අනුරාධපුර සහ යාපන නගර ශාඛාවල ඉදිකරන ලද විශාල ප‍්‍රමාණයේ සූර්ය විදුලි බල ව්‍යාපෘති දෙකක් මෙම නගරවල දැනට තිබෙන විශාලතම සූර්ය විදුලිබල ව්‍යාපෘති ලෙසින් සැලකිය හැකිය. මෙම ව්‍යාපෘති දෙක මගින් වසරකට මෙගාවොට් 120 ක විදුලි බලයක් උත්පාදනය කරන අතර ඒ තුළින් සමාගම විසින් පරිසරයට මුදා හරින කාබන් ප‍්‍රමාණය ටොන් 42.6 කින් අඩුකරන බව සමාගම සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස  නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව  (ICCSL)  සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ  (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − thirteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව