සෙලින්කෝ ලයිෆ් හරිත ශාඛා මෙහෙයුම් අම්බලන්තොට දක්වා ව්‍යාප්ත කරයි

Ambalantota Foundation Stone (LBN)

ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළඳපළ නායකත්වය දරන සෙලින්කෝ ලයිෆ් සමාගම් හරිත මෙහෙයුම් ආකෘතිය ව්‍යාප්ත කරමින් ශ්‍රී ලංකාවේ දකුණු දිග හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට හි නව පරිසර හිතකාමී ශාඛා ගොඩනැගිල්ලක් ඉදි කිරීම ආරම්භ කර ඇත.

වෝඩ් අංක 02, තංගල්ල පාර, අම්බලන්තොට හි සමාගමට හිමි ඉඩමක නවතම ශාඛාව සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී තුෂාර රණසිංහ මහතා, අධ්‍යක්ෂවරු සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී වන ලදී.

 



 

ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (NERD) නිර්මාණය කරන ලද පරිසර හිතකාමී පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණය නවතම ගොඩනැගිල්ල සඳහා භාවිත කරන අතර   සමාගමට අයත් ඉඩම් වල ඉදිකෙරෙන අනෙකුත් සියලුම ගොඩනැගිලි සඳහා අනුගමනය කරනු ලබන විශේෂිත පරිසරය හා අනුගත පිරිවිතරයන් සපුරනු ලබයි.

පාරිසරික පරාමිතීන්ට අනුව නව ගොඩනැගිල්ලේ වලංගුභාවය තවදුරටත් තහවුරු කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල පරිසර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය යටතේ ලියාපදිංචි කර ඇත. ජාතික හරිත වාර්තාකරණ ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා අංශයේ පාරිසරික, සමාජීය සහ ආර්ථික කාර්ය සාධනය මැනීම අනාවරණය කිරීම සහ වගවීම සඳහා වූ සහයෝගී ප්‍රයත්නයකි.

වර්ග අඩි 3250 කින් යුතු මෙම දෙමහල් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන් බලගැන්වෙන 20-kw ජාලක සූර්ය බල පද්ධතියකින් සහ ඩීසල් උත්පාදක යන්ත්‍රයක් වෙනුවට 5-kw බැටරි උපස්ථිතික බල පද්ධතියකින් සමන්විතය. එහි ප්‍රතිඵලයක් ලෙස ශූන්‍ය විදුලි බිල්පතක්, අමතර සූර්ය බලය ජාතික විදුලි බල පද්ධතියට අලෙවි කිරීමත්, ගොඩනැගිල්ල සඳහා අඛණ්ඩ බල සැපයුමත් ලබා දෙනු ඇත.

නල ජලය භාවිතය අවම කරමින් වැසි ජලය රැස් කිරීමේ පහසුකම්, අප ජලය ප්‍රතිචක්‍රීය කරණ පද්ධතියකින් මෙන්ම වැසිකිළි සේදීම හා ගෙවතු වගාව සඳහා පිරිපහදු කළ ජලය නිපදවන මල අපවහන පවිත්‍රාගාරයක් ද මෙම ගොඩනැගිල්ලෙ හි ස්ථාපිත කෙරනු ඇත. ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය ප්‍රශස්ත ලෙස භාවිත කිරීම සඳහා ගොඩනැගිල්ල සැලසුම් කෙරෙනු ඇති අතර, බලශක්ති කාර්යක්ෂමතාව ඇති කෘත්‍රිම ආලෝකකරණ හා වායු සමීකරණ පද්ධති එහි සවි කෙරනු ඇත. පෙරසවි ඉදිකිරීම් ක්‍රමය මගින් ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු වලදී දැව යොදා ගැනීම අවම වීම, පරිශ්‍රයේ පවතින ගස් සංරක්ෂණය කිරීම සහ නව ගස් වැවීමට හැකි වනු ඇති බව සමාගම පවසයි.

එම පාරිසරික තත්ත්වයන්ට අමතරව, ඉදිකිරීම් සඳහා භාවිතා කරන ලද පෙරසවි කොන්ක්‍රීට් තාක්ෂණයෙන් 10% සිට 15% දක්වා පිරිවැය ඉතිරියක්, 20% ක කාලය ඉතිරියක් සහ ගොඩනැගිල්ල ඇතුලත සිසිලසක් රැදෙන අතර නඩත්තු වියදම් ද අඩු කරනු ලබයි.

2022 සහ 2023 වසරවල ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.

සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 37 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව