නේපාලයේ රක්ෂණ අධිකාරියේ සභාපති සහ නේපාලයේ ජීවිත රක්ෂණ සංගමයෙහි සාමාජිකයින්, නේපාලයේ ජීවිත රක්ෂණ සමාගම් 10ක ප්‍රධාන විධායක නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයෙන් සමන්විත නියෝජිත කණ්ඩායමක් මෑතකදී සෙලින්කෝ ලයිෆ් සමාගම වෙත පැමිණ ඇත.
නේපාලයේ ජීවිත රක්ෂණ ක්ෂේත්රය සඳහා රක්ෂණ ගිවිසුම්වලට අදාළ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ සම්මුතිය වන IFRS 17 සහ අවදානම් පාදක ප්‍රාග්ධන මාදිලිය (RBC) අනුගමනය කිරීමේ පූර්විකාවක් ලෙස මේ පිළිබඳ සෙලින්කෝ ලයිෆ් හි දැක්ම සාකච්ඡා කිරීම මෙහි අරමුණ විය. මෙහිදී RBC මාදිලිය ක්‍රියාත්මක කිරීම, කාලසීමාවන්, අභියෝග සහ පශ්චාත් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලි පිළිබඳ සෙලින්කෝ ලයිෆ් හි අත්දැකීම් නියෝජිත පිරිසට විස්තර කරන ලදී.
“අපි IFRS 4 සිට SIFR 17 වෙත සංක්‍රමණය වීම උදෙසා 2025 වසර තුළ සම්මුති දෙක සමාන්තරව ක්‍රියාත්මක කිරීමටත් 2026 දී IFRS 17 වෙත පිවිසීමටත් තීරණය කර තිබෙනවා,” යනුවෙන් සෙලින්කෝ ලයිෆ් හි සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. “නේපාලයේ ජීවිත රක්ෂණ ක්ෂේත්රයට මේ පිළිබඳව අපගේ විශේෂඥතාව සැපයීමට හැකි වීම සතුටට කරුණකි. IFRS 17 වඩාත් වැදගත් වනුයේ එය රක්ෂණ ගිවිසුම්වල ගිණුම්කරණයේ සියලු අංශ සඳහා ස්ථාවර මූලධර්ම සැපයීම සහ නොගැලපීම් ඉවත් කිරීම හේතුවෙනි. එමගින් ආයෝජකයින්ට හා විශ්ලේෂකයින්ට සමාගම්, ගිවිසුම් සහ ක්ෂේත්රයන් නිරවද්‍ය අයුරෙන් සංසන්දනය කිරීමට හැකියාව ලබා දෙයි.”
2023 දී අඛණ්ඩව දෙවන වසරටත් ශ්‍රී ලංකාවේ ‘වසරේ හොඳම සන්නාමය’ ලෙස සම්මානයට පාත්‍ර වූ සෙලින්කෝ ලයිෆ් සමාගම, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) සහ කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනය (CIMA) විසින් 2023 දී ශ්‍රී ලංකාවේ වඩාත්ම අගය කරන ලද සමාගම් 10 න් එකක් ලෙස නම් වූ අතර 2023 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ යන කාණ්ඩ දෙකෙහිම ‘ශ්‍රී ලංකාවේ වඩාත් වටිනා රක්ෂණ සන්නාමය’ ලෙසත් ශ්‍රේණිගත කර ඇත.
සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 36 න් වසර 20 ක්ම මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයා බවට පත්ව ඇති අතර, සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ආවරණය කරමින් ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.