සෙලින්කෝ ලයිෆ් වත්කම් 2023 මැයි අග වන විට රුපියල් බිලියන 200 ඉක්මවයි

ceylinco-life

 



 

 

ශී‍්‍ර ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් මෙම වසරේ මැයි මාසයේ දී සමාගමේ මූල්‍ය ශක්‍යතාව විදහා දක්වන මූල්‍ය කාර්ය සාධනයේ කැපී පෙනෙන සන්ධිස්ථාන කිහිපයක් අත්කර ගැනීමට සමත් විය.

2023 මැයි 31 වන විට සමාගමේ මුළු වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 200 සීමාව ඉක්මවා රුපියල් බිලියන 209.4 ක් වී ඇත්තේ 2022 දෙසැම්බර් 31 වැනිදා සිට මාස පහක කාලය තුළ රුපියල් බිලියන 17.9 කින් එනම් සියයට 9.4 කින් වර්ධනය වීමෙනි. මේ අතර සමස්ත කොටස් වටිනාකම ද මැයි මස අවසානයේදී රුපියල් බිලියන 50 ඉක්මවමින් රුපියල් බිලියන 51.5 ක් වූයේ, සියයට 4.3 ක වර්ධනයක් සමඟය.

සමාගමේ නිවේදනයකට අනුව සෙලින්කෝ ලයිෆ් හි මූල්‍ය වත්කම්වල ආයෝජනය ද මැයි මාසයේදී සන්ධිස්ථානයක් පසු කලේ මාස පහක් තුළදී රුපියල් බිලියන 18.6 ක එනම් සියයට 11.8 ක වර්ධනයක් පෙන්වමින් මැයි මස අග වන විට රුපියල් බිලියන 176.4 ක් බවට පත් වෙමිනි. මෙම කාලපරිච්ෙඡ්දය තුළ සෙලින්කෝ ලයිෆ් තම ආයෝජන ආදායම රුපියල් බිලියන 4.5 කින් නැතහොත් සියයට 69.4 කින් වර්ධනය කරගනිමින් මාස පහ සඳහා රුපියල් බිලියන 11.2 ක ආයෝජන ආදායමක් වාර්තා කළේය.

සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා පැවසුවේ ”මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය වෙන කවරදාකටත් වඩා අත්‍යවශ්‍ය වන මෙවන් අවස්ථාවක මෙම කාර්යසාධනය සියළුම පාර්ශවකරුවන් අතිශයින් දිරිගන්වන සුළුයි. අභියෝග මධ්‍යයේ සමාගමේ මූලික ව්‍යාපාරික අංශ කළමනාකරණය කිරීමේ කුසලතාවය හා ආයෝජන කළමනාකරණය කිරීමේ තීක්‍ෂණභාවය මෙමගින් නැවත වරක් තහවුරු වේ.”

සෙලින්කෝ ලයිෆ් වසරේ මුල් මාස පහ සඳහා රුපියල් බිලියන 10.6 ක දළ ලිඛිත වාරික ආදායමක් වාර්තා කළ අතර ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ වශයෙන් රුපියල් බිලියන 9.3 ක් ගෙවා ඇත. සමාගමේ ජීවිත අරමුදල මෙම කාලය තුළ රුපියල් බිලියන 7 කින් නැතහොත් සියයට 5.2 කින් රුපියල් බිලියන 141.9 ක් දක්වා වර්ධනය විය. මෙම වසරේ මැයි සහ ජූනි මාසවලදී සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමේ 35 වැනි සංවත්සරය සැමරීම සඳහා ගෙවන ලද විශේෂ ප‍්‍රසාද දීමනා ඇතුළුව විශ්වාසවන්ත රක්‍ෂණ ඔප්පු හිමියන්ට වාර්ෂික බෝනස් ලෙස රුපියල් බිලියන 6 කට වඩා ගෙවා ඇත.

2022 වසරේ දී ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සෙලින්කෝ ලයිෆ් ‘වසරේ සන්නාමය’ ලෙසත්, ‘වසරේ සේවා සන්නාමය’ ලෙසත් නම් කළ අතර වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් අඛණ්ඩව නව වන වසරටත් ශී‍්‍ර ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස සම්මානයට ලක් විය. 2023 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස 17 වන වසරටත් සම්මානය දිනූ සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 35 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළඳපල නායකත්වය දරා ඇත. 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් අඛණ්ඩව තුන්වැනි වසරටත් ශ‍්‍රී ලංකාවේ ‘විශිෂ්ට සේවා ස්ථානයක්’ ලෙස ද සම්මාන ලැබීය. සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව