සෙලින්කෝ ලයිෆ් රත්නපුර ශික්ෂණ රෝහලට ශ්වසන ආධාරක උපකරණයක් පිරිනමයි

HFNC donation - Ratnapura Hospital

 




 

 

ශ්වසන අපහසුතා සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කරන රෝහල් සඳහා දැනට ක‍්‍රියාත්මක අත්‍යවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩපිළිවෙල යටතේ, නාසයට සම්බන්ධ කරන අධි ප්රවාහ කැනියුලා (HFNC) උපකරණයක් සෙලින්කෝ ලයිෆ් සමාගම මෑතක දී රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කළේය.

ශරීරයේ ඔක්සිජන් ප‍්‍රමාණය විශාල ලෙසින් අඩු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි. ්‍යත්‍භක්‍ ක‍්‍රමයේදී මුව ආවරණයක් භාවිතා කරමින් රෝගියාට ඔක්සිජන් ලබාදෙන අතර යන්ත‍්‍ර මගින් ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද ඔක්සිජන් ලබාදීම සඳහා මෙම උපකරණ ප‍්‍රයෝජනවත් වේ. දකුණු කොළඹ ශික්ෂණ රෝහල (කළුබෝවිල), මඩකලපුව ශික්ෂණ රෝහල, කන්තලේ මූලික රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, මාතලේ දිස්ත‍්‍රික්ක මහ රෝහල සහ මාතර දිස්ත‍්‍රික්ක මහ රෝහල සඳහා සෙලින්කෝ ලයිෆ් මීට පෙර එවැනි උපකරණ පරිත්‍යාග කර ඇත.

දිගු කලක් රජයේ රෝහල්වලට පරිත්‍යාගකරුවෙකු ලෙස කටයුතු කරන සෙලින්කෝ ලයිෆ්, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අධි සත්කාර ඒකක (HDU) ඉදි කර, අවශ්‍ය උපකරණවලින් සන්නද්ධ කර පරිත්‍යාග කර තිබේ.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව