‘සෙලින්කෝ ලයිෆ්’ නැවැත වරක් සේවා විශිෂ්ටත්වය උදෙසා ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්‍ෂණ සමාගම ලෙස මනාපය හිමිකර ගනී

Head Office (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්‍ෂණ ක්ෂේත‍්‍රයේ සේවා විශිෂ්ඨතාවය සඳහා ප‍්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් වී ඇත. ව්‍යාපාරයේ විවිධ අංශවලට අදාළව ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත් මට්ටම් සොයා බැලීම සඳහා, ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී ව්‍යාපාරික ප‍්‍රකාශනයක් වන LMD ව්‍යාපාරික සගරාව විසින් පවත්වන ලද පුළුල් අන්තර්ජාල සමීක්‍ෂණයකට පසුව මෙම ගෞරවය සමාගමට හිමිවිය.

ජීවිත රක්‍ෂණ ප‍්‍රමුඛයා ලෙසට සිය කාණ්ඩයේ පාරිභෝගික සේවා සඳහා, වඩාත්ම ජනප‍්‍රිය ආයතනය ලෙසට සෙලින්කෝ ලයිෆ් නොකඩවා දෙවැනි වසරටත් මෙසේ මනාපයට පත්විය. මෙම සමීක්‍ෂණයේදී සේවා අංශ 22ක් පිළිබඳව 2,800කට අධික ප‍්‍රතිචාර ලබා ගන්නා ලදී.

එම අදාල කාණ්ඩයෙහි අංක : 01 ස්ථානය ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ”සෙලින්කෝ ලයිෆ් සිය ගනුදෙනුකරුවන්ට පුද්ගලාරෝපිත සත්කාර ලබා දීම සඳහා අමතර කැපකිරීමක් සිදුකර තිබෙනවා. මේ නිසා වසංගතය ඇතිවුණු සමයේ බාධාවන් මැඩපැවැත්වීම සඳහා සමාගම සිය පාරිභෝගික සේවාවන් ඩිජිටල් වේදිකාවක් මතටද ගෙන එනු ලැබුවා. එසේම පාරිභෝගිකයන්ගේ ස්ථාවරත්වය සහතික කිරීම උදෙසා අනෙකුත් බහුවිධ ක‍්‍රියාවලීන් කෙරෙහිද පරිවර්තනයන් සිදුකරනු ලැබුවා. අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ රක්‍ෂණ ඔප්පු පවත්වාගෙන යෑම සඳහා සහ ජීවිතය පහසු කිරීම උදෙසාද තාක්‍ෂණය පදනම් කරගත් විසඳුම් ලබාදෙන ලදී. මෙවැනි ප‍්‍රයත්න නිසා පාරිභෝගික විශිෂ්ටතා සමීක්‍ෂණයේදී ඉහළම ජීවිත රක්‍ෂණ සපයන්නා ලෙසට අපගේ සමාගම ස්ථානගත කරනු ලැබුවා.”

සෙලින්කෝ ලයිෆ් විසින් තම රක්‍ෂණ ඔප්පුවක ජීවන චක‍්‍රය පුරාවටම සියලූම පාරිභෝගික අභිප‍්‍රායන් ආවරණය කිරීම සඳහා අභ්‍යන්තර හා බාහිර සමීක්‍ෂණ පවත්වනු ලබයි. සමාගම සියලූ කටයුතු සිදු කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාව විසින් නියම කර ඇති මාර්ගෝපදේශයන්ට අනුකූලවය. ඔප්පු හිමියන් තෘප්තිමත් කිරීමට මෙන්ම, ගුණාත්මක ප‍්‍රමිතීන් ඉහළ නැංවීම උදෙසා අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සිදු කිරීමටද, සමාගම සිය පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ වේදිකාව (CRM) භාවිත කරනු ලබයි. එසේම දිවයිනේ  ඕනෑම බැංකුවක මුදල් තැන්පතු යන්ත‍්‍ර, විකුණුම් ස්ථාන, සුපිරි වෙළෙඳසල් සහ ATM යන්ත‍්‍ර වැනි බහුවිධ ගෙවීම් මාර්ග ගනුදෙනුකරුවන්ගේ පහසුව වැඩි කරන අතර, සන්නාමයේ ප‍්‍රවේශය පුළුල් කරන බව සමාගම ප‍්‍රකාශ කර සිටියි.

මීට අමතරව ‘සේලයිෆ්’ පාරිභෝගික ඩිජිටල් යෙදුම (Ceylife Digital App) හරහා පාරිභෝගිකයන්ට සේවා ඉල්ලීමට, වාරික ගෙවීම් කිරීමට හෝ ලෝකයේ  ඕනෑම තැනක සිට දවසේ පැය 24 පුරා විමසීම් කිරීමටද හැකියාව ලබාදෙයි.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව