සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් ‘උත්තම දළදා’ සිව්වන වසර සනිටුහන් කරමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය සමඟ සහයෝගයෙන් වැඩිහිටි පුරවැසියන් සඳහා විශේෂ දුම්රිය අත්දැකීමක් පිරිනමයි.

Image (LBN)

2025 අගෝස්තු 12 : ‘දේශය පෝෂණය කිරීමේ’ අරමුණ උදෙසා නිරන්තරයෙන් කැප වූ සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස්, අඛණ්ඩව සිව්වන වසරටත් ‘උත්තම දළදා’ ව්‍යාපෘතිය මෙම වසරේදී ද දියත් කරනු ලැබුවේ අමතක නොවන සුවිශේෂී අත්දැකීමක් වැඩිහිටියන් පිරිසක් වෙත තිළිණ කරමිනි.

වැඩිහිටි සත්කාර සහ ප්‍රජා සේවය සඳහා සමාගමේ නොවෙනස් කැපවීම තවත් බලගන්වමින්, මෙම වසරේ නව ආරක වැඩසටහනක් දියත් කරන්නට සමාගම කටයුතු කරනු ලැබීය.

පසුගිය වසරවලදී, මහනුවර අවට වැඩිහිටි නිවාසවල වැඩිහිටියන් සඳහා දළදා පෙරහැර නැරඹීමට සුවපහසු බස් රථ මඟින් ප්‍රවාහන පහසුකම් සලසන ලදී. මෙම වසරේදී, ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිහිටි නිවාස හයක වැඩිහිටියන් තෝරාගෙන, ඔවුන්ට මහනුවරට පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවාවක් ලබා දෙන්නට සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් සමාගම කටයුතු කළේය.
 



 

මෙම සත්කාරය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ ද සහයෝගීතාව ඇතිව ක්‍රියාත්මක කෙරුණු අතර, විශේෂයෙන් ගම්පහ සහ මහනුවර දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩලවල උද්යෝගිමත් කාරුණික සහයෝගය ද මෙහි සාර්ථකත්වයට බෙහෙවින් දායක විය.

දුම්රිය ගමන පුරාම, වැඩිහිටියන්ගේ සුවපහසුව පිළිබඳ විශේෂ සැලකිල්ලක් යොමු කරන ලද අතර, ඔවුන්ගේ විනෝදාස්වාදය සඳහා විවිධ විශේෂාංග ද සංවිධාන කර තිබිණි. සමාගමේ පුළුල් ප්‍රජා සත්කාරක මෙහෙවරේ තවත් කොටසක් ලෙස ගම්පහ දුම්රිය ස්ථානයේදී බනිස් දන්සැලක් පවත්වා, දුම්රියේ ගමන්ගත් සියලුම මගීන් වෙත බනිස් සංග්‍රහයක් සිදු කරන්නටත් සමාගම කටයුතු කරනු ලැබීය.

වැඩිහිටි පිරිස මහනුවරට පැමිණ, පූජනීය ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනිමින්, ආශිර්වාද ලබා ගත්හ. ඉන්පසු, ඔවුන් වෙනුවෙන් සුවපහසු ආසන සහිතව විශේෂයෙන් සූදානම් කර තිබූ නැරඹුම් ප්‍රද‌ේශය වෙත ඔවුන් කැඳවා ගෙන ගිය අතර, අසිරිමත් දළදා පෙරහැර සුවපහසුවෙන් නැරඹීම සඳහා ඔවුන්ට එහිදී පහසුකම් සලසනු ලැබීය.

දවසක් මුළුල්ලේ පැවති මෙම වැඩසටහන පුරාම, වැඩිහිටි පිරිස සඳහා ඉහළම සත්කාර සේවාවන් ලබා දීමටත්, ඔවුන්ගේ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා කැපවූ වෛද්‍ය කණ්ඩායමක් සේවයේ යෙදවීමටත් සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් සමාගම කටයුතු යොදා තිබිණි. පිරිස සඳහා ප්‍රණීත ආහාරපානවලින් සංග්‍රහ කෙරුණු අතර, ඔවුන්ගේ සුවපහසුව හා යහපැවැත්ම කෙරෙහි සෑම විටම ප්‍රමුඛත්වය දෙන ලදී. එමෙන්ම, මෙම අමතක නොවන චාරිකාවේ සිහිවටනයක් ලෙස ඔවුන්ගේ රාමු කළ ඡායාරූපයක් ද ඔවුන් වෙත තිළිණ කෙරිණ. වැඩසටහන අවසානයේ, වැඩිහිටි පිරිස විශේෂිත දුම්රිය සේවාව මඟින් නැවතත් ගම්පහ කරා රැගෙන යන ලදී.

සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් විසින් දියත් කෙරුණු මෙම ‘උත්තම දළදා’ ව්‍යාපෘතිය, සමාගමේ තවත් එක් කාරුණික මෙහෙවරක් සේම, පරම්පරා අතර ගොඩනැඟූ ආදරණීය පාලමක් ලෙස ද හැඳින්විය හැකි හෘදයාංගම වැඩසටහනකි. ‘දේශය පෝෂණය කිරීමේ’ පිවිතුරු අරමුණ පෙරදැරිව කවදත් කටයුතු කරන සෙරන්ඩිබ් ෆ්ලාර් මිල්ස් විසින් ළඟ එන ලෝක වැඩිහිටි දිනය ද සිහිපත් කරමින් ඉටු කළ මෙම  සමාජ මෙහෙවර, සැබෑ වශයෙන්ම හදවතත් මනසත් පෝෂණය කිරීම උදෙසා සිදු කළ අව්‍යාජ සත්කාරයක් බව නම් අවිවාදයෙන්ම සඳහන් කළ හැකිය.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව