සියැට් පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යටතේ තවත් පාසැල් 20 කට උපකරණ පරිත්‍යාග

Schools Road Safety Programme 2023 (LBN)

 



 

 

මාර්ග තදබදය අධික ප‍්‍රදේශවල පිහිටි තවත් පාසැල් 20 ක් සඳහා 2023 මුල් මාස තුන තුළදී මාර්ග සුරක්ෂිතතා උපකරණ ප‍්‍රදානය කරමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම මහා මාර්ගවල ගමන් කරන පාසැල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාගමේ අඛණ්ඩ කැපවීම යළිත් විදහා දක්වා ඇත.

සියැට් කැළණි සමාගමේ ‘මග යන මග’ ලෙස නම් කර ඇති පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යටතේ සමාගම විසින් මෙම පාසැල් වලට උපකරණ 330 ක් බෙදාදුන් අතර ඒවාට මාර්ග සුරක්ෂිතතාවය සම්බන්ධ සංඥා පුවරු 150 ක්, මාර්ග කේතු 160 ක් සහ පාසැල් රිය නියාමක කබා 20 ක් අයත් වේ. මෙම කැපී පෙනෙන ප‍්‍රජා වැඩසටහනට සියැට් සමාගම දීර්ඝකාලීන කැපවීමක් සිදු කර ඇත්තේ සමාගමේ සියළුම නිෂ්පාදනද මාර්ග සුරක්ෂිතතාවය හා සම්බන්ධ වන නිසා යැයි සමාගම පවසයි.

මෙවර මෙම වැඩසටහන තුළින් ප‍්‍රතිලාභ ලබාගත් පාසැල් අතරට කොළඹ 10 ආනන්ද විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍යම මහා විද්‍යාලය, නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසැල, කැළණියේ කැළණි මහා විද්‍යාලය, කොළඹ 07 කාන්තා විද්‍යාලය, කඩවත මහාමායා බාලිකා මහා විද්‍යාලය, කොළඹ 03 මහානාම විද්‍යාලය, මහරගම පිහිටි මහරගම මධ්‍යම මහා විද්‍යාලය, මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය, කැළණියේ පිහිටි පෑලියගොඩ රෝ.ක.වි., හෝමාගම ජනාධිපති විද්‍යාලය, කැළණිය ජනාධිපති විද්‍යාලය, කොළඹ 08 රත්නාවලී බාලිකා මහා විද්‍යාලය, වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලය, නුගේගොඩ ශාන්ත ජෝසප් විද්‍යාලය, වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය, හෝමාගම සුභාරතී මහාමාත්‍ය මහා විද්‍යාලය සහ කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලය අයත් වේ.

කොවිඞ් වසංගතය නිසා විරාමයක් ලබාගැනීමෙන් පසුව සියැට් විසින් පාසැල් මාර්ග සුරක්ෂිතතා වැඩසටහන යළිත් වරක් පසුගිය වසරේදී ආරම්භ කළ අතර එහිදී උපකරණ පරිත්‍යාග කිරීමේ ආකෘතිය අනුව වැඩසටහන ඉදිරියට රැගෙන ගියේය. මෙම වැඩසටහනේ මුල් අදියරේදී සෘජුවම සිසු දරුවන්, දෙමව්පියන්, ප‍්‍රවාහන සම්පාදකයින් එනම් මූලික වශයෙන් පාසැල් වෑන් රථ රියදුරන්, සමග සම්බන්ධ වූ අතර ඔවුන් වෙනුවෙන් මාර්ග සුරක්ෂිතතා වැඩමුළු පවත්වා සමාගම විසින් දැනුවත් කිරීම් කරන ලදී. එසේම, මෙම වැඩමුළු වලට සමගාමීව සහභාගී වූ සෑම පාසැලකටම මාර්ග කේතු, පාසැල් රිය නියාමක කබා, මාර්ග සංඥා සහ අනිකුත් අවශ්‍ය උපකරණ සමාගම විසින් ප‍්‍රදානය කළේය.

සමාගම විසින් මෙම ප‍්‍රජා වැඩසටහන 2010 වසරේදී ආරම්භ කළ අතර මේ දක්වා මෙමගින් කොළඹ සහ දකුණු, උතුරු, වයඹ, මධ්‍යම, නැගෙනහිර පළාත්වල පිහිටි පාසැල් 270 ක් වෙත මාර්ග සුරක්ෂිතතා උපකරණ බෙදාදී තිබේ. මාර්ග නීති නිසි ලෙස අනුගමනය නොකිරීම නිසා මෙරට සිදුවූ මාර්ග අනතුරු වලින් විශාල පිරිසක් මරණයට පත්වෙමින් තිබූ සමයක ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකමින් සමාගම විසින් මෙම වැඩසටහන ආරම්භ කිරීම කැපී පෙනේ.

ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදන අංශයේ විශාලතම සමාගමයි. සමාගම මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව