සියැට් අග‍්‍රගන්‍ය අලෙවිසැලක් මාදම්පේ හි විවෘත කරයි

CIDO at Madampe - Composite (LBN)

 



 

 

සියැට් සමාගමේ ආයෝජනයෙන් ප‍්‍රමුඛ අලෙවි නියෝජිත අලෙවිසැල් සියැට් සන්නාමකරණය සහිත අග‍්‍රගන්‍ය අලෙවිසැල්වලට පරිවර්තනය කිරීමේ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙනයමින් සියැට් කැළණි හෝල්ඩිංග්ස් සමාගම ශ‍්‍රී ලංකාව තුල මෙම මාදිලියේ සිය දෙවන අලෙවිසැල විවෘත කරන ලදී.

හලාවත-කොළඹ ප‍්‍රධාන මාර්ගයේ මාදම්පේ, ඉරට්ටකුලම ප‍්‍රදේශයේ පිහිටි ‘අසංක ටයර් හවුස්’හි මෙම නව සියැට් අග‍්‍රගන්‍ය අලෙවිසැල නිල වශයෙන් විවෘත කිරීම පසුගියදා සිදුවිය.

‘Company Invested Dealer Operated’ හෙවත් CIDO අලෙවිසැලක් වන මෙහි විශේෂත්වය වන්නේ සියැට් නිෂ්පාදන වල ප‍්‍රමිතිය වැඩිදියුණු කිරීමට සමගාමීව සන්නාමයේ සුවිශේෂත්වය හා දෘෂ්‍යතාව මෙන්ම අලෙවිසැල්වල උසස් තත්ත්වයේ පාරිභෝගික අත්දැකීමක් ලබාදීම සඳහා සියැට් විසින් නිර්මාණය කර ඇති තුන් අවුරුදු බෙදාහැරීමේ ජාලයන් පුළුල් කිරීමේ උපාය මාර්ගයේ කොටසක් වීමය.

සියැට් කැළණි විසින් මෙම නව අග‍්‍රගන්‍ය අලෙවිසැලට නවීන මෝස්තරයේ අභ්‍යන්තර අංග රැසක් එක්කර ඇත. ආලෝකකරණ උපාංග, ගෘහ භාණ්ඩ, ටයර් ප‍්‍රදර්ශනය හා ටයර් රාක්ක, සෝෆා හා රූපවාහිනී සහිත පාරිභෝගික විවේකාගාරයක්, දුර සිට දෘෂ්‍යමාන වන පරිදි කුළුණු සංඥා සහ ආලෝකමත් කරන ලද බාහිර සහ අභ්‍යන්තර සන්නාම සංඥාද එසේ ස්ථාපිත කර ඇත.

මෝටර් රථ සහ SUV රථ සඳහා ටයර් ආශ‍්‍රිත සියලූම සේවාවන් සැපයීම කෙරෙහි අවධානය යොමු කිරීමට නව අලෙවිසැල සැලැසුම් කර ඇති අතර, ආකර්ෂණීය වට්ටම්, ටයර් නඩත්තුව සඳහා අවශ්‍ය තාක්‍ෂණික විශේෂඥතාවය, වාහන බැටරි, පරිගණකගත වීල් එලයින්මන්ට්, මෝටර් රථ අමතර කොටස්, ටයර් වායු පිරවීමට නයිට‍්‍රජන් හා වායු පොම්ප උපාංගවලින් සමන්විත වන අතර පුළුල් පරාසයක ‘සියැට්’ ටයර් වර්ග අලෙවියද සිදු කරනු ලැබේ.

නව අලෙවි සංකල්ප සඳහා සමාගමේ අඛණ්ඩව ආයෝජනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් සියැට් කැළණි කළමනාකාර අධ්‍යක්‍ෂ රවී ඩඞ්ලානි මහතා පැවැසුවේ, ‘ආර්ථික පසුබෑම නිසා නව ටයර් සඳහා ඇති ඉල්ලූම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති නමුත් ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවල විශාලතම සැපැයුම්කරු ලෙස සියැට් වෙළෙඳපොළට ඇති කැපවීමෙහි නොසැලී සිටියි. පාරිභෝගික අත්දැකීම අඛණ්ඩව වැඩිදියුණු කිරීමේ අපගේ වගකීම මෙයට ඇතුළත් වෙනවා. මෙසේ අලෙවි ජාලය වැඩිදියුණු කිරීමෙන්, අපගේ ප‍්‍රධාන අලෙවිකරුවන්ට විකුණුම් පරිමාවන් පවත්වා ගැනීමටද උපකාරී වෙනවා,’ යන්නය.

ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක් නිෂ්පාදනය කරන මෙරට නිෂ්පාදන අංශය තුළ ඉතාමත් සාර්ථක ඉන්දියා – ශ‍්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසින් සැලකෙන සියැට් කැළණි සමාගම ශ‍්‍රී ලංකාවේ ටයර් නිෂ්පාදන අංශයේ විශාලතම සමාගමයි. සමාගම මේ දක්වා ශ‍්‍රී ලංකාවේ මෙම ඒකාබද්ධ ව්‍යාපාරය සඳහා සමස්තයක් ලෙස රුපියල් බිලියන 08 කට වැඩි මුදලක් ආයෝජනය කර තිබෙන අතර සමාගම විසින් මගී මෝටර් රථ, වෑන්, SUV වාහන, වාණිජ (බයස්-ප්ලයි සහ රේඩියල්) යතුරු පැදි, ත‍්‍රිරෝද රථ සහ කෘෂි කාර්මික වාහන සඳහා ටයර් මෙරට නිෂ්පාදනය කරයි.

සියැට් සන්නාමය මේ වනවිටත් මෙරට රේඩියල් ටයර් වෙළෙඳ පොළින් 48% ක කොටසක්ද, ට‍්‍රක් රථ ටයර් වෙළෙඳ පොළින් 80% ක කොටසක්ද, සැහැල්ලූ ට‍්‍රක්රථ ටයර් වෙළඳ පොළින් 84% ක කොටසක්ද, ති‍්‍රි රෝද රථ ටයර් වෙළෙඳ පොළින් 51% ක කොටසක්ද, යතුරු පැදි ටයර් වෙළෙඳ පොළින් 36% ක කොටසක්ද, කෘෂිකාර්මික ටයර් වෙළෙඳ පොළින් 72% ක කොටසක්ද අත්පත් කර ගැනීමට සමත්ව ඇත. සියැට් ශ‍්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරන ටයර් වලින් 20% පමණ දකුණු ආසියාවේ, මැදපෙරදිග, අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් 16 ක් වෙත මේ වනවිට අපනයනය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව