සියවසට ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රයෙන් බිහිවූ පළමු තරුණ දේශපාලන නායකයින් පනස් දෙනා සහතික සම්මාන ලබයි

Century Movement

 

 

 

 

සියවසට ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රයට සම්බන්ධව සිය අධ‍යයන කටයුතු සාර්ථකව නිම කළ පළමු තරුණ නායකයන් පනස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අද (4) සිය සම්මාන සහ ඇගයුම් සහතික ලැබීය. එම උත්සවය නියෝජ‍ය මැතිවරණ කොමසාරිස් (කොළඹ) පී.ඒ.එස් සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එම අවස්ථාවට සියවසට ශ්‍රී ලංකා උපදේශක සභාවද සහභාගි විය.

නියමිත ක්‍රමවේදයන්ට අනුව තෝරාගත් මෙම පළමු තරුණ නායකයින් කණ්ඩායමට කොළඹ, කළුතර, කල්මුණේ, මහනුවර, කුරුණැගල, මඩකලපුව, අනුරාධපුරය, ගම්පහ, මන්නාරම, යාපනය, පුත්තලම, මාතර, මුලතිව්, අම්පාර, මොණරාගල, කිළිනොච්චිය යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ජාතී ආගම් භේදයකින් තොරව නායකයින් 33ක් සහ නායිකාවන් 17ක් ඇතුළත් විය. 2021 මාර්තු මස සියවසට අධ්‍යයන කේන්ද්‍රය හා සම්බන්ධ වීමෙන් පසුව මෙම කණ්ඩායම දේශපාලනය හා රජය, විවිධත්වය සහ අන්තර්ග්‍රහණය, ආර්ථික ප්‍රතිසංස්කරණ, සෞඛ්‍යය සහ යහපැවැත්ම, පරිසරය හා කෘෂිකර්මය ආදී ක්ෂේත්‍රයන් පිළිබඳව සති 52ක් පුරා සිය අධ්‍යයනයන් සහ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර ඇත. මෙම තරුණ නායකයින් පනස් දෙනා ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා සමාජ පරිවර්තනයක ශක්තිමත් කොටස්කරුවන් වීමට පූර්ණ ශිෂ්‍යත්ව ලැබූවන් වූ අතර අධ්‍යයන කේන්ද්‍රය විසින් එක් එක් විෂය ක්ෂේත්‍රයන්ට අදාළ ප්‍රවීනයන්ගේ සම්පත් දායකත්වයෙන් වඩාත් ප්‍රායෝගික නවීන ඉගෙනුම් ක්‍රමවේද භාවිත කරමින් ඔවුන්ගේ පුහුණුව ලබා දී තිබේ. කොරෝනා උවදුර සමයේ වුවත් මාර්ගගත තාක්ෂණය ඔස්සේ නිතිපතා අධ්‍යයන කේන්ද්‍රයේ සැසිවාර පැවති අතර, එක් එක් ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් මීට සහභාගී වූ තරුණ නායකයන් හට සිය අත්දැකීම් බෙදාගැනීම තුළින් අනාගත ශ්‍රී ලංකාව සඳහා ඔවුන්ගේ සැළසුම් ගොඩනැගීමට ඉඩහසර සැලසූ නේවාසික පුහුණු සැසියකින් මෙම අධ්‍යයන කණ්ඩායමේ පාඨමාලාව අවසන් විය.

මෙම සහතික සම්මාන ප්‍රධානෝත්සවයෙන් පසුවද එක් එක් තරුණ නායකයන් හට තම සිතැඟි සහ දැනුම් පරාසය අනුව තෝරා ගන්නා ක්ෂේත්‍රයක ප්‍රතිපත්ති සම්පාදනය සහ ධනාත්මක ප්‍රවේශයක් ඇති කිරිම වෙනුවෙන් තම දායකත්වය ලබා දීමට විශේෂඥ උපදේශකවරයකුගේ සහය ලබාදේ. මෙම සුවිශේෂී උත්සව අවස්ථාවේදී සහතික පිරිනැමීමට සමගාමීව තවත් තරුණ නායකයින් කණ්ඩායමක් දෙවන අධ්‍යයන කණ්ඩායම ලෙස සියවසට ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රයට බඳවා ගනු ලැබීය.

“සියවසට ශ්‍රී ලංකා අධ්‍යයන කේන්ද්‍රය” යනු ශ්‍රී ලංකාව සඳහා ප්‍රගතශීලී, දක්ශ, පුහුණු, වගවීමක් සහිත දේශපාලන පරම්පරාවක් බිහි කිරීමටත් ඒ තුළින් ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 100ක් සපිරෙන 2048 වසර වන විට සියළුම අංශ වලින් සාර්ථක දේශයක් ගොඩනැගීම වෙනුවෙන් අද දවසේ දේශපාලන, ආර්ථික සහ සමාජයීය පරිවර්තනයක් ඉලක්ක කළ ව්‍යාපාරයකි. සියවසට ශ්‍රී ලංකා පිලිබඳ වැඩි විස්තර සඳහා ව්ව්ව්.100.ල්ක් වෙත පිවිසෙන්න. නැතහොත් 0719 192439 අමතන්න.

 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව