මෙරට ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් ශ්‍රී ලංකා සෝනි ඉන්ටර්නැෂනල් සමාගම හා එක්ව මෙරට ජනප්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පීන් දෙදෙනෙකු වන භාතිය සහ සන්තුෂ් සිය සන්නාම තානාපති වරුන් ලෙස පත් කිරීමට අදාළ ගිවිසුම අලුත් කරන ලදී.
මේ සඳහා වන නව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා කොළඹදී පැවැති අතර එම අවස්ථාව සදහා සිංගර් ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා, අලෙවි අධ්යක්ෂ කුමාර් සමරසිංහ මහතා, අලෙවි කළමණාකරු පියුම් ජයතිලක මහතා, සිංගර් ශ්‍රී ලංකා හි සන්නාම කළමනාකරු තාරක වර්ණකුළසූරිය යන මහත්වරු සිංගර් ශ්‍රී ලංකා වෙනුවෙන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර, සෝනි ඉන්ටර්නැෂනල් (සිංගප්පූර්) හි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානි ජස්ටින් වොන්ග් , RMDC Sony ඉන්ටර්නැෂනල් හි සභාපති අතුෂි එන්ඩො, Sony ඉන්ටර්නැෂනල් සිංගප්පුර් සමාගමේ වෙළඳ සංවර්ධන කළමනාකරු ජොශුආ Q, Sony ඉන්ටර්නැෂනල් සිංගප්පූරු සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ අලෙවි ප්‍රධානි ඩිල්ශාන් ගම්මන්පිල යන මහත්වරු Sony වෙනුවෙන් එක්ව සිටියහ.
මෙරට සංගීත ක්ෂේත්රයේ පුරෝගාමී චරිත දෙකක් වශයෙන් අතිශය ජනාදරයට පත් භාතිය හා සන්තුෂ් මෙරට සංගීත ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට සමත් වූ තම ආවේණිකත්වය ගොඩනගා ගත් දක්ෂ ගායකයින් දෙදෙනෙකු වෙයි. Sony සන්නාම තානාපති වරුන් ලෙස පසුගිය වසරේදී භාතිය සහ සන්තුෂ් පත්කිරීමෙන් අනතුරව Sony නිෂ්පාදන සන්නාමය මහජනතාව අතර වඩාත් ප්‍රසිද්ධියට සහ ආකර්ෂණයට ලක් වූ හෙයින් සිංගර් විසින් Sony නිෂ්පාදන අලෙවියෙහි විශාල ප්‍රගතියක් අත් පත් කරගන්නා ලදී. තවද වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් උසස්, සුපිරි තාක්ෂණය, මනා නිමාව,ආදිය සමගින් වෙළඳ පළට එන සෝනි ශ්‍රව්‍ය නිෂ්පාදන තවදුරටත් පාරිභෝගික හදවත් වෙත සමීප කරවීමට මෙම ජනප්‍රිය ගායකයින් දෙපළට පහසුවෙන්ම හැකි විය.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා පෙන්වා දුන්නේ මෙරට ජනප්‍රියතම ගායන ශිල්පීන් දෙපළක් වන භාතිය හා සන්තුෂ් වයස් භේදයකින් තොරව සියළුදෙනා අතර අතිශය ජනාදරයට පත් ගායන ශිල්පීන් වන බවයි. සෝනි ඉන්ටර්නැෂනල් හා එක්ව සිංගර් ශ්‍රී ලංකා විසින් සෝනි ශ්‍රව්‍ය නිෂ්පාදන (Sony Audio) සඳහා මෙම ජනප්‍රිය ගායන ශිල්පීන් වෙත නැවත මෙම සන්නාම තානාපතීත්වය පිරිනැමීමට අවස්ථාව හිමිවීම සාඩම්බර කරුණක් බවත්, මෙම ගිවිසුම හරහා සෝනි ශ්‍රව්‍ය නිෂ්පාදන තවදුරටත් පාරිභෝගික හදවත් වෙත සමීප කරවීමට මෙම ජනප්‍රිය ගායකයින් දෙපළට පහසුවෙන්ම හැකිවනු ඇති බවද හෙතෙම විශ්වාසය පල කළේය.
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සහ දක්ෂතම ගායන ශිල්පීන් දෙපළ හා එක්ව සිය නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ගෙනයාමට අවස්ථාව උදාවීම ශ්‍රී ලංකාවේ සෝනි සන්නාමයට සුවිශේෂි අවස්ථාවක් බවත්, එළඹෙන වර්ෂය තුළදී ඉතා සාර්ථකව සිය නිෂ්පාදන පාරිභෝගිකයා වෙතට සමීප කිරීමට මෙම හවුල්කාරීත්වය මනා ලෙස ඉවහල් වනු ඇති බවත්˜ සෝනි ඉන්ටර්නැෂනල් හි ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලයේ ප්‍රධානි ජස්ටින් වොන්ග් මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
මෙම තානාපතිත්වය පිළිබඳ අදහස් දැක්වූ ප්රවිණ ගායන ශිල්පි භාතිය ජයකොඩි පෙන්වා දුන්නේ සංගීත ශිල්පීන් වශයෙන් තමන් නිරතුරුවම ශබ්දයේ උසස්තම තත්වය පිළිබඳව ඉහළින්ම සැලකිලිමත් වන බවයි. ඒ හේතුවෙන් තත්වයෙන් උසස් නිෂ්පාදන සඳහා වෙළඳපලේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බවත් මෙහිදී Sony ශ්‍රව්‍ය නිෂ්පාදන ඉහළින්ම සිටින බවත්ය. තවද පසු ගිය වසරේදී Sony නිෂ්පාදන සඳහා විශාල පාරිභෝගික ආකර්ශනයක් දක්නට ලැබුණු, මෙම වසරේදී එම නිෂ්පාදන තව තවත් පාරිභෝගිකයා වෙතට සමීප කිරීමට ඔවුන් කැපවී සිටින බවත් හෙතෙම කීහ.
4K OLED TV රුපවාහිනී, Hi-Fi ස්පීකර් සිස්ටම් systems, හෙඩ්ෆෝන්ස් ,හෝම් තියටර් සිස්ටම්, රේඩියෝ සහ වෙනත් උපාංග ඇතුළු පුළුල් පරාසයක විහිදුණු Sony නිෂ්පාදන රැසක් සිංගර් වෙතින් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයා වෙතට රැගෙන ඒ. මෙම සියලුම නිෂ්පාදන දිවයින පුරා පිහිටි සිංගර් ප්ලස්, සිංගර් මෙගා සහ දිවයින පුරා විසුරුණු සිංගර් අලෙවි නියෝජිත ජාලයන් තුලින්ද, මෑතකදී විවෘත කරන ලද One Galle Face Mall හි පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාරය තුලින් ද මිළදී ගත හැක. පාරිභෝගික පහසුව වෙනුවෙන් පොලි රහිත ගෙවීම් ක්‍රම, විශේෂ මිල අඩුකිරීම්, සිංගර් වට්ටම්, පහසු ගෙවීමේ ක්‍රම, ක්‍රෙඩිට් කාඩ් සඳහා පොළී රහිත ගෙවීම් ක්‍රම ආදී වරප්‍රසාද රැසක් මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී හිමි වීම විශේෂත්වයකි.