සිංගර් වෙතින් 2.29 සුවිශේෂි දිනය නිමිත්තෙන් විශේෂ දීමනාවක්

Wadipura dawasata Wadipura wasi

15% දක්වා වට්ටම් සහ  මාස 29ක් දක්වා පොළී රහිත ගෙවීම් පහසුවද සමඟින්

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික භාණ්ඩ සපයන්නා වන සිංගර්, 2.29 සුවිශේෂී දිනය නිමිත්තෙන් ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ආකර්ෂණීය වට්ටම් පිරි නමන බවට දැනුම් දී තිබේ. “වැඩිපුර දවසට වැඩිපුර වාසි” යන තේමාවෙන් යුතුව, 15% ක වට්ටම් සහිතව මෙන්ම, ලැයිස්තුගත අවම මිලදී ගැනීමේ වටිනාකමකින් තොරව, පොලී රහිතව මාස 29 ක් දක්වා ගෙවීම සඳහා Sampath bank,  Commercial bank, Nations Trust bank, HSBC bank හා Pan Asia bank ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙම දීමනාව පිරි නැමීමට සිංගර් සතුට පළ කරයි. පෙබරවාරි 28 හා 29 දෙදින, මෙම කටයුත්ත සමගින් දිවයිනේ ප්‍රමුඛ පෙළේ බැංකු අත්වැල් බැඳගෙන සිටී. මෙම දීමනාව තොග අවසන් කිරීම වෙනුවෙන් පිරි නැමෙන්නක්ම  නොවන අතර, වෙළෙඳ පොළේ ඇති නවතම මාදිලියේ භාණ්ඩ සඳහා වුවත්, වලංගු වේ.

මෙම 15% වට්ටම, Beko, Moulinex, Hitachi, Panasonic, KENWOOD, Whirlpool, Indesit, Sony, Samsung ඇතුළු මාදිලි ගණනාවක නිෂ්පාදන සඳහා පිරි නැමේ. එමගින් ගෘහ උපකරණ, මුළුතැන්ගෙහි උපකරණ, විදුලි උපකරණ, මෙන්ම ගෘහ භාණ්ඩද මිලදී ගැනීමට හැකි වීමෙන්, සිය ක්‍රෙඩිට් කාඩ් පත් ඉතා ප්‍රයෝජනවත් කාර්යයක් සඳහා භාවිත කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව ක්‍රෙඩිට් කාඩ් හිමියෝ වඩාත් කුතුහලයෙන් පසු වෙති.

“පෙබරාවාරි 29 විශේෂ දවසක් වගේම කැලැන්ඩරයට අමතර දවසක් නිසාම, විශේෂයක් කළ යුතුයි කියලා අපි කල්පනා කළා. මෙය ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට ප්‍රයෝජන ගත හැකි ඉතා හොඳ අවස්ථාවක්. සිංගර් මෙගා, සිංගර් හෝම්ස් හා සිංගර් ප්ලස් ප්‍රදර්ශනාගාර වෙත පැමිණ,‍ මෙම දිමනාව ලබා ගන්නා හැටියට අපි හැම කෙනෙකුටම ආරාධනා කරනවා. භාණ්ඩ බෙදා හැරීමේ ප්‍රමුඛයා ලෙසින්, පාරිභෝගික අවශ්‍යතා ඉතා හොඳින් හඳුනා ගැනීම මෙන්ම, හැකි අවස්ථාවන් හිදී සිංගර් වැනි විශ්වාසවන්ත නාමයක් යටතේ වෙළෙඳ පොළට එන නිෂ්පාදන, පහසු මිලට ඔවුන්ට ලබා ගත හැකි මෙවැනි දීමනා පිරි නැමීමට කටයුතු කිරීමත් අවශ්‍යයි ” සිංගර් ශ්‍රී ලංකා අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා සඳහන් කළේය.

සිංගර්,‍ දහස් ගණනක් වන පාරිභෝගිකයින්ගේ භාණ්ඩ අවශ්‍යතා සිහිනය සැබෑවක් කර ගැනීමට අත්වැල සපයමින්, රට තුළ පහසු ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ මිලදී ගැනීමේ සංස්කෘතියක් බිහි කිරීමේ පුරෝගාමියා විය. සැමවිටම පාරිභෝගිකයින් හට නවතම වාසි පිරිනමන සිංගර්, මෙම 2:29 දීමනාව ඉතා සුවිශේෂී දීමනාවක් වනු ඇතැයිද අපේක්ෂා කරයි. පාරිභෝගයින් හා තවදුරටත් සම්බන්ධ වීමේ අවශ්‍යතාවය හඳුනා ගනිමින් සිංගර් ස්වකීය හිතවත් පාරිභෝගිකයින්ගේ සුභ සිද්ධිය පිණිස මෙවැනි දීමනා අඛණ්ඩව ගෙන ඒමටද බලාපොරොත්තු වෙයි.

මේ වන විට සිංගර්  වෙළෙඳ පොළට ඉදිරිපත් කරන නිෂ්පාදන එකතුවට, විදුලි උපකරණ  600 ක ප්‍රමාණයක් හා‍ ගෘහ උපකරණ 1200 ක් ඇතුළත් වන අතර, ඒවා ලොව පිළිගත් විශිෂ්ටතම සන්නාම 50 කට අධික ප්‍රමාණයක් යටතේ වෙළෙඳ පොළට නිකුත් වෙයි. දිවයින පුරා 430 කට අධික ප්‍රදර්ශනාගාර පවත්වාගෙන යන සිංගර්, දක්ෂතම කණ්ඩායමක් මගින් විශිෂ්ටතම අලෙවියෙන් පසු සේවාවක්ද ක්‍රියාත්මක කරයි. ක්‍රෙඩිට් කාඩ් දීමනා හැරුණු විට, කොටස් වශයෙන් හා පහසු ගෙවීමේ ක්‍රම මෙන්ම, මිලදී ගන්නා සෑම භාණ්ඩයක් සඳහාම වටිනා වගකීමේ සහතිකයක්ද සිංගර් හඳුන්වා දී තිබේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව