සැම්සුන් ශ්‍රී ලංකා නව්‍යකරණයේ අසමසම විශේෂාංග සමඟින් Galaxy A06 එළි දක්වයි

Samsung_LOGO-1

පාරිභෝගික ඉලෙක්ට්‍රොනික හා ජංගම දුරකතන තාක්ෂණයේ ශ්‍රී ලාංකේය ප්‍රමුඛයා වන සැම්සුන් ශ්‍රී ලංකා  පාරිභෝගිකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් ලබා ඇති Galaxy A කාණ්ඩයේ නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන Galaxy A06 ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හදුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. සිය පාරිභෝගිකයින් වෙත සුවිශේෂී smartphone අත්දැකීමක් ලබා දීම අරමුණු කර ගනිමින් නිර්මාණය කර ඇති මෙම නවතම Galaxy A06 උසස් තත්වයේ විශේෂාංග සමඟින් පහසු මිලට ලබා ගැනීමේ හැකියාව උදා කර දී ඇත. විශේෂයෙන් නව තාක්ෂණයට කැමැත්තක් දක්වන පාරිභෝගිකයින්ට හා එදිනෙදා smartphones භාවිත කරන්නන්ට මෙය කදිම අත්දැකීමක් වනු නිසැකය.
 



 

ඉහළ මට්ටමේ විශේෂාංග සමඟින් සුවිසල් පාරිභෝගිකයින් පිරිසකට පහසුවෙන් මිලදී ගත හැකි අයුරින් වෙළෙඳපොලට හඳුන්වා දී ඇති මෙම නවතම ස්මාර්ට් ජංගම දුරකතනය පාරිභෝගිකයින් වෙනුවෙන් නවතම තාක්ෂණික විශිෂ්ටත්වය උරුම කර දීම සඳහා වන සැම්සුන්හි කැපවීම නැවත නැවතත් තහවුරු කරයි. අලංකාර මාදිලියක් සමඟින් නව්‍ය තාක්ෂණය භුක්ති විඳීමේ අවස්ථාව උදා කර දෙන Galaxy A06 ස්මාර්ට් ජංගම දුරකතනයකින් බලාපොරොත්තු වන සියලු සේවාවන් අත්විඳීමේ පහසුව සලසා දී ඇත.

6.7” HD+ PLS LCD පුළුල් තිරයකින් සමන්විත Galaxy A06 පාරිභෝගිකයින් හට පහසුවෙන් ස්මාර්ට් ජංගම දුරකතනය හැසිරවීමේ අවස්ථාව උදා කර දී ඇති අතර එහි 60Hz යාවත්කාලීන කිරීමේ වේගය තුළින් බාධාවකින් තොර අත්දැකීමක් පරිශීලකයින් වෙත ගෙන ඒමට සමත්ව සිටියි. 50MP ප්‍රධාන පසුපස කැමරාවකින් සමන්විත එය සුපැහැදිලි ආකර්ෂණීය ඡායාරූප ලබා ගැනීම වෙනුවෙන් වූ නවීන කැමරා පද්ධතිය ඡායාරූපකරණයට කැමති පරිශීලකයන්ට බෙහෙවින් වැදගත් වනු ඇත. මේ වෙනුවෙන් වූ 2MP ක සංවේදකයක් (sensor) ද ඒ සතු වේ. එය වෘත්තීය මට්ටමේ ඡායාරූප නිර්මාණය කිරීම සඳහා ඉතා වැදගත් වේ. එසේම එහි ඇති 8MP ඉදිරිපස කැමරාව සුපැහැදිලි හා ආකර්ෂණීය සෙල්ෆි ඡායාරූප ලබා ගනිමින් සමාජ මාධ්‍යය තුළ ක්‍රියාශීලීව කටයුතු කිරීමේ හැකියාව පාරිභෝගිකයින් වෙත ලබා දෙයි.

මෙම සුවිශේෂී ස්මාර්ට් ජංගම දුරකතනයේ තවත් විශේෂත්වයක් වන්නේ එය සතු ක්‍රියාකාරීත්වයයි. Helio G85 ප්‍රොසෙසරයකින් සමන්විත එය කාර්යයන් රැසක් සිදු කරන අතරම, gaming හෝ streaming සඳහා සුවපහසු අත්දැකීමක් ලබා දෙයි. 6GB ක RAM සහ 128GB ක අභ්‍යන්තර ධාරිතාවකින් යුත් එහි ධාරිතාව 1TB දක්වා දිගු කළ හැකි වීමද විශේෂත්වයකි. පරිශීලකයින්ට තමන්ගේ ඡායාරූප, වීඩියෝ යනාදිය අවශ්‍ය තරම් එහි ගබඩා කර ගත හැකිවීම මෙහි තවත් පහසුවක් ලෙස සඳහන් කළ හැකිය.

එසේම මෙම ස්මාර්ට් ජංගම දුරකතනයේ නිමාවද පරිශීලකයා වෙත මහත් පහසුවක් සලසා දෙන අතර 8.0mm  ඝනකම හා 189g බර සුරැකිව අල්ලා ගැනීමට හේතුවක් වනු ඇත. එසේම ඒ සතු පැති පෙනුම හා ආරක්ෂිත කවරයද බාධාවකින් තොරව භාවිත කළ හැකි අතර එහි කල් පැවැත්මද ඉහළ නැංවීමට සමත් වේ. තවද පියවර 2ක OS යාවත්කාලීන කිරීම් සහ වසර 4ක ආරක්ෂක යාවත්කාලීන කිරීම් සහතික කර ඇති Galaxy A06 ස්මාර්ට් ජංගම දුරකතනය කල් පවත්නා වටිනාකමක් පාරිභෝගිකයින් වෙත ලබා දෙනු නිසැකය.

මේ සියලු විශේෂාංගයෙන් පරිපූර්ණ Galaxy A06 මාදිලි 3කින් ලබා ගැනීමේ අවස්ථාව සැම්සුන් විසින් පාරිභෝගිකයින්ට උදා කර දී ඇත්තේ 4GB RAM + 64GB සහිත Galaxy A06 ස්මාර්ට් ජංගම දුරකතනයක් රු. 42,009කටද, 4GB RAM + 128GB ධාරිතාව සහිත Galaxy A06 ස්මාර්ට් ජංගම දුරකතනයක් රු. 48,089 කටද, 6GB RAM + 128GB ධාරිතාව සහිත Galaxy A06 ස්මාර්ට් ජංගම දුරකතනයක් රු. 54,159කටද මිලදී ගැනීමේ අවස්ථාව සලසා දෙමිනි. එය සිසුන්ට, වෘත්තිකයින්ට මෙන්ම විශ්වසනීය හා සුවිශේෂී විශේෂංගයන් සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් සොයන ඕනෑම අයෙකුගේ හොඳම තේරීම වනු ඇති බවද නිසැකය.

එසේම සැම්සුන් විසින් හඳුන්වා දෙනු ලබන Break-Free Offer තුලින් මාස 12ක් දක්වා එක්වරක් නොමිලයේ ස්මාර්ට් ජංගම දුරකතනයේ තිරය නවීකරණය කර ගනිමින් රු.15,531ක් දක්වා ඉදිරි කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් වෙත උදා කර දී තිබීම ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකාර අධ්‍යක්ෂ SangHwa Song මහතා සඳහන් කර සිටියේ “සියලු දෙනාට ගැලපෙන ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබා දීමේ අපගේ කැපවීම Galaxy A06 තුලින් මනාව ප්‍රදර්ශනය වනවා. උසස් තත්වයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් දැරිය හැකි මිලකට පාරිභෝගිකයින් වෙත ලබා දීමට හැකිවීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මේ සතු උසස් තත්වයේ කැමරාව, බැටරි ආයු කාලට හා ඉහළ තිර කාර්යසාධනය අපගේ පරිශීලකයින්ට නවතම අත්දැකීමක් එක් කරනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

මෙම නවතම හඳුන්වාදීම සමඟින් ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලේ සිය විශිෂ්ටත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාමට සමත්ව ඇති සැම්සුන් විවිධ පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැලපෙන ගුණාත්මක හා වටිනාකම්වලින් පරිපූර්ණ නවෝත්පාදයන් හඳුන්වා දීමේ ප්‍රමුඛයා ලෙසද කටයුතු කරනු ලබයි.

මිලදී ගැනීමට පෙර පාරිභෝගික විශ්වාසය හා ආරක්ෂාව වෙනුවෙන් සැම්සුන් විසින් නිෂ්පාදන ඇසුරුම මත අලවා ඇති Hologram ස්ටිකරය පරීක්ෂා කර බැලීමෙන් සැම්සුන් බලයලත් සැබෑ අලෙවි නියෝජිතයකුගෙන් මිලදී ගන්නා බව සහතික කර ගත හැකිය.

දැන් මෙරට පාරිභෝගිකයින් හට දිවයින පුරා පිහිටි Samsung වෙළෙඳ ලකුණ ප්‍රදර්ශනය කර ඇති John Keells Office Automation සහ Softlogic Mobile Distribution වෙතින් මෙන්ම Singer, Singhagiri සහ Damro/Network Partner Dialog යන බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන්ද Galaxy A06 මිලදී ගත හැකිය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව