සංජීවනී ආයුර්වේද සමාගම හා ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් BWIO සම්මාන දිනයි

Sanjeewanie Ayurveda IMAGE - 1 (LBN)

ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සංජීවනී ආයුර්වේද සමාගම සහ එහි ප්‍රධාන විධායක නිලධාරී එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා BWIO සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය. එහිදී සංජීවනී ආයුර්වේද සමාගම වසරේ හොඳම ශ්‍රී ලාංකික දේශීය ඖෂධ නිෂ්පාදකයා ලෙසත්, සඳකැලුම් මහතා වසරේ තරුණ ව්‍යවසායකයා ලෙසත් සම්මාන ලැබීය. වසර 200ක පමණ ඉතිහාසයකට හිමිකම් කියන සංජීවනී ආයුර්වේද නිෂ්පාදන ආරම්භ කරනු ලැබුවේ දකුණු පළාතේ හෙළඋඩකන්ද ග්‍රාමයේ ජීවත් වූ හෙළඋඩකන්ද මනන්නලාගේ අන්දිරිස් මහතා සහ ඔහුගේ බිරිඳ විසිනි. 1960දී එච්. එම්. සුවනේරිස් මහතා එය සමාගමක් ලෙස පිහිට වූ අතර එච්. එම්. ඥානරත්න මහතාගේ නායකත්වය යටතේ එය 1992දී ආයුර්වේද දෙපාර්තමේන්තුව පිළිගත් සමාගමක් බවට පත් විය. වර්තමානයේ සාම්ප්‍රදායික දැනුම සහ නවීන තාක්ෂණය මුසු කර ඖෂධ නිපදවන එම සමාගමට නායකත්වය දෙන සඳකැලුම් මහතා සිව්වැනි පරම්පරාව නියෝජනය කරයි.

ISO 9001:2015 සහ GMP තත්ත්ව සහතික ලබා ඇති සංජීවනී ආයුර්වේද සමාගම දේශීය මෙන්ම විදේශීය වශයෙන් පිළිගත් ප්‍රමිතිවලට අනුව ඖෂධ නිපදවයි. නීරෝගිමත් සමබර ජීවන රටාවකට මඟ සලසන ඖෂධ රැසක් ඔවුන්ගේ නිෂ්පාදන අතර වේ. සමබර ජීවන රටාවකට මඟ සලසන සංජීවනී ශ්‍රීමත් මදන මෝදකය, වැඩි වෙලාවක් පවතින වින්දනයක් සහ සුවසෙත සලසන කාමේශ්වරී රසායනය, ලිංගික සෞඛ්‍යය ඉහළ නංවන අශ්වගන්ධ තෛලය ඒ අතර ප්‍රමුඛ වේ.‍‍ M23, Shangri-La One Galle Face Mall, කොළඹ ලිපිනයේ පිහිටි සංජීවනී ආයුර්වේද සමාගමේ ප්‍රධාන අලෙවිසැළෙන් සහ www.sanjeewanieayurveda.com වෙබ් අඩවියෙන් මෙම නිෂ්පාදන මිලට ගත හැකිය. නූතන ප්‍රමිතිවලට අනුගත වෙමින් පුරාණ ආයුර්වේදය සුරැකීමට සංජීවනී ආයුර්වේද සමාගම සතු කැපවීම ඇගැයීමක් ලෙස BWIO සම්මාන උළෙලේදී ලැබූ සම්මාන හැඳින්විය හැකිය. ශ්‍රී ලාංකික දේශීය ඖෂධ නිෂ්පාදනයෙන් ගෝලීය වශයෙන් දස දහස් ගණනකට සුවය සැලසූ ඔවුන්ගේ විශිෂ්ටත්වය මෙම ජයග්‍රහණයෙන් යළිත් තහවුරු වේ.

 




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen + 6 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව