සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බල ගැන්වීමට විශේෂ වැඩමුළුවක්

SME WORKSHOP - S (2)

ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ජාතික සැමරුම් මාලාවේ ප්‍රධාන අංගයක් ලෙස සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බල ගැන්වීමේ වැඩමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තත්ත්ව සහතිකකරණ අංශය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය එය සංවිධානය කර තිබිණි. ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට, ව්‍යාපාර හිමිකරුවන්ට සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ සිය ව්‍යාපාර ලියාපදිංචි කිරීම බලාපොරොත්තු වන ව්‍යවසායකයන්ට සහාය වීම එම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. ඒ තුළින් මෙරට සංචාරක ක්ෂේත්‍රය තුළ තිරසාර වර්ධනය ඇති කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් දක්වන දායකත්වය තව දුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරන ලදී.

ප්‍රධාන දේශකයෙකු ලෙස ඊට සම්බන්ධ වූ SLTDA තත්ත්ව පාලන සහතිකකරණ අංශයේ අධ්‍යක්ෂ තරංගා රූපසිංහ මහත්මිය ක්ෂේත්‍රයට අදාළ ප්‍රමිතිකරණ සහ තත්ත්ව සහතිකකරණ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් දැක්වූවාය. ECO Treats Tourism සහ PASS Asian යන පෞද්ගලික සමාගම්වල සභාපති සහ The Rivergate Villa පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය සමන්ත පතිරණ මහතා සාර්ථක ව්‍යවසායකයෙකු සහ ආසියානු සංවර්ධන බැංකුවේ iCRIP ව්‍යාපෘතියට සම්බන්ධ තිරසාර සංචාරක විශේෂඥයෙකු ලෙස ඔහු සතු අත්දැකීම් රැස් වී සිටි පිරිස සමග බෙදා ගත්තේය. Lanka Business TV ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත කෝවිලගොඩගේ මහතා මූල්‍ය සැළසුම්කරණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ඉතා වැදගත් ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග පිළිබඳව අදහස් දැක්වූයේය. සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවලට අදාළ මූලික කරුණු, SLTDA සමග ලියාපදිංචි වීමෙන් ලැබෙන වාසි, ලියාපදිංචිය ලැබූ ව්‍යවසායකයන්ගේ අත්දැකීම්, සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමේ වැදගත්කම වැනි බොහෝ අංශ ආවරණය වන ආකාරයෙන් වැඩමුළුව සංවිධානය කර තිබිණි. සහභාගී වූ පිරිසට සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව තත්ත්වවලට අනුවර්තනය වීම, අලෙවිකරණ කටයුතු ඉහළ නංවා ගැනීමට ඩිජිටල් උපාංග යොදා ගැනීම සහ නව්‍යකරණය ප්‍රවර්ධනය වැනි දෑ පිළිබඳව පුළුල් දැනුමක් ලැබිණි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, කුඩා පරිමාණ හෝටල් සහ ගෘහ ආගන්තුක සත්කාර ආයතන හිමිකරුවන්, සංචාරක මාර්ගෝපදේශකයන්, අත්දැකීම් සපයන්නන්, ව්‍යාපාර ආරම්භ කිරීමට බලාපොරොත්තු වන සිසුන්, සංචාරක ඒජන්තවරුන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී වූහ. අන්තර් ක්‍රියාකාරී සැසි අතරතුර අදහස් හුවමාරු කර ගැනීමට සහ සංචාරක කළමනාකරණ හා ව්‍යවසාය සංවර්ධන කටයුතු පිළිබඳව අත්දැකීම් සහිත වෘත්තිකයන්ගෙන් හා විශේෂඥයන්ගෙන් දැනුම ලැබීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි.

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව