ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ කාබන් ඩයොක්සයිඞ් වායුව නිෂ්පාදනය නතරකිරීමේ ක‍්‍රියාවලියේ පෙරමුණේ පසුවන නාමයන් මොනවාද ?

World Environment Day - Photo 3 - Energy Savers training in progress (LBN)

 



 

 

ශ‍්‍රී ලංකාවේ බලශක්ති ඉතිරිකරන්නන් වන  කර්මාන්ත ක්ෂේත‍්‍රයේ නායකයෝ සහ බලශක්ති කේෂ්ත‍්‍රයේ වෘත්තිකයෝ මෙරට බලශක්ති නාස්තිය සහ හරිතාගාර වායු විමෝචනය අවමකිරීමට උපකාර කිරීමට දැඩි අධිෂ්ඨානයකින් ඉදිරිපත්වී සිටිති. ශ‍්‍රී ලංකාවේ කර්මාන්ත කේෂ්ත‍්‍රයේ කාබන් ඩයොක්සයිඞ් වායුව නිෂ්පාදනය   නතරකිරීමේ ක‍්‍රියාවලිය තුළ ඔවුන් ක‍්‍රියාත්මක කරන වැඩපිලිවෙල සහ මේ සම්බන්ධයෙන් දැන්ම ඉදිරිපත්වී කටයුතු කළයුතු කිරීමේ අවශ්‍යතාව ඔවුහු විස්තර කරති.

දකුණු ආසියාවේ විශාලතම රෙදිපිලි සහ ඇඟළුම් නිෂ්පාදන සමාගමිවලින් එකක් වන ටීජේ ලංකා සමාගමේ ඉංජිනේරු කළමනාකරු මෙන්දක හෙට්ටිතන්ත‍්‍රි මහතා පවසන්නේ, සිදුවෙමින් පවතින විපර්යාස කර්මාන්ත ක්ෂේත‍්‍රය ඒවායේ හරිතාගාර වායුවිමෝචනය අවම කිරීම පිණිස තව තවත් වගකීම් ඉටුකළ යුතු බවට දක්වන නිසැක සංඥාවක් බවයි.

”ගෝලීය උණුසුම අපට අහිතකර අන්දමින්  බලපාන ආකාරය ඔබට දැනටමත් දැනෙන දෙයක් . අප රට කෘෂිකාර්මික රටක්. ගොවීහු අස්වැන්න නෙලාගත යුතු කාලය සහ නැවත වගා කළ යුතු කාලය අකුරටම දනිති. වර්තමානයේ කාලගුණ රටාවන්  අවුල් සහගත තත්වයකට පත්වී ඇත.”

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ඉංජිනේරු සමාගම වන හේලීස් ෆෙන්ටොන්ස් ගෲප් හි ගෲප් කොම්පලයන්ස් සමාගමේ කළමනාකරු නිසල් ලියනගේ මහතා අදහස් පළ කරමින් කාබන් ඩයොක්සයිඞ් නිපදවීම නැතිකිරීම මගින් නිෂ්පාදන පිරිවැය ඉතිරිකරගැනීම වැනි බොහෝ ප‍්‍රතිලාභ කර්මාන්තවලට අත්වන බවයි. ”අප රටක් වශයෙන් අවම හරිතාගාර වායු විමෝචන මට්ටමක් සහ අපට බලශක්ති අංශයෙන් ඉහළ ස්වාධිනත්වයක් කරා ලගාවීමට විභවතාවයක් ඇතිකරගැනීමට කැමැත්තෙන් පසුවෙමු”.

හේලීස් ෆැබ්රික් සමාගමේ පරිසර, සෞඛ්‍ය සහ ආරක්ෂාව පිළිබඳ කළමනාකරු මොහමඞ් අර්ෂාද් මහතා පැවසුවේ ”ජගත් වෙළඳපලෙහි තරඟකාරිත්වයෙන් ව්‍යාපාර කටයුතුවල නිරතව සිටීමට හරිත භාවිතයන්ට අදාළවන ජාත්‍යන්තර නියාමනයන් සහ  අවශ්‍යතා පිළිපැදීමට අපගේ විදේශ ගැනුම්කරුවෝ අපට තව තවත් දිරිගැන්වීම සිදුකරති ”.

දැනුම බෙදාගැනීම

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ නදීරා රාමනායක මහත්මිය පැවසුවේ බලශක්ති කාර්යක්‍ෂමතාව සඳහා පවතින විභවය මුළුමනින්ම සාක්ෂාත් කරගැනීමට සමාගම්වලට ආධාර කිරීමට දැනුම තවතවත් ප‍්‍රගූණ කරගත යුතු බවයි.

යුරෝපීය සංගමයේ ආධාර ඇතිව එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය සහ  ශ‍්‍රී ලංකා ජාතික හරිත නිෂ්පාදන මධ්‍යස්ථානය විසින් පෙරමුණ ගෙන ක‍්‍රියාවට නංවන 12 මසක නව ව්‍යාපෘති ආරම්භණය ගැන ඇය සතුට පළකරයි.

අන්තර්ජාතික වශයෙන් පිළිගත් බලශක්ති කළමනාකරණය ක‍්‍රමවේද පිලිබඳ පාඨමාලාවක් මගින් ඔවුහු බලශක්ති සුරැකීමේ යෙදෙන 70 දෙනෙකු ගෙන් සමන්විත පළමුවැනි  කණ්ඩායමට මගපෙන්වති.

”වර්තමානයේ  රටතුළ පවතින බලශක්ති අර්බුදය මධ්‍යයේ, මෙවැනි ව්‍යාපෘතියකට සම්බන්ධවීම සහ දැනුම ලබාගැනීම ඉතා වැදගත් වෙයි”. නදීරා පැවසුවාය.

වෙනස්වන චර්යාව

කළම්ඹු ඩොක්යාඞ් හි බලශක්ති කළමනාකරු  දමිත සන්දනායක මහතා ප‍්‍රකාශකරන්නේ ව්‍යාරයක බලශක්ති නාස්තිය අවමකිරීමට එහි සෑම තලයකදීම අනුගමනය කිරීමට නව ක‍්‍රියාමාර්ග අවශ්‍ය බවයි. ”බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වන ප‍්‍රධාන සාධකය ලෙස මා දැඩිලෙස විශ්වාසකරන්නේ මිනිසුන් තම චර්යාවේ වෙනස්වීම් ඇති කරගැනීමයි. ඒ නිසයි අපගේ ආයතනයේ පුහුණුකිරීම් සහ සේවකයන් සමූහය දැනුවත්කිරීම මූලික කරගෙන අප එය සිදුකරන්නේ. අපි විධිමත් ලෙස පුහුණුකිරීම් සැසි පවත්වමු. ඒවාගේම අපි බලශක්ති කළමනාකරණ සති වැඩසටහන් පවත්වමු. මෙමගින් බලශක්ති කළමනාකරණයේ වැදගත්කම ගැන සිතා ක‍්‍රියාකිරීම ප‍්‍රවර්ධනය කරන අතර අපගේ කණ්ඩායම් බලශක්ති කාර්යක්ෂමතාවට අදාළවන අරමුණු සාක්ෂාත් කරගැනීමට දිරිගන්වනු ලැබේ”.

පවිත‍්‍ර බලශක්ති භාවිතයට පරිවර්තනය වීම

බලශක්ති නාස්තිය කපාහැරීම මගින් නිෂ්පාදන කේෂ්ත‍්‍රයේ සමාගම්වලට නිතරම ඒවායේ බලශක්ති භාවිතය ගැන මනා අවබෝධයක් ඇතිකරගනිමින් ,ප‍්‍රතිඵල අත්වන පුනර්ජීව්‍ය බලශක්ති විසඳුම් ඇතිකරගැනීමට සවිමත් පදනමක් නිර්මාණයකර ගැනීමට උපකාර වෙයි.

ෆිලින්ටෙක් ට‍්‍රාන්ස්ඩුයුසර්ස් හි නිෂ්පාදන සහ පහසුකම් නඩත්තු භාර ජ්‍යෙෂ්ඨ කළමනාකරු අසංක මනෝජ් මහතා විස්තර කරන්නේ සමාගමේ නිෂ්පාදනාගාරවල වහල මත සූර්ය බල නිෂ්පාදන පද්ධතිය පිහිටුවීමෙන් පසුව දිවා කාලයේ බලශක්ති භාවිතය 65%ත් 70ත් අතර ප‍්‍රමාණයකින් අඩු කරගැනීමට සමත්වූ ආකාරයයි. බලශක්ති කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ  ක‍්‍රියාමාර්ග බලාත්මක කිරීමත් සමඟ ෆිලින්ටෙක් සමාගම ඇරඹු මෙම ක‍්‍රමයෙන් විශාල වශයෙන් ඉන්ධන සඳහා දැරිය යුතු පිරිවැය සහ හරිතාගාර වායු විමෝචන අඩුකර ගැනීමට උපකාරයක් විය.

බලශක්තිය ඉතිරිකිරීමේ නිරත කණ්ඩායමේ එක් සාමාජිකයෙකු කාබන් ඩයොක්සයිඞ් වායුව නිෂ්පාදනය   නතරකිරීම පිණිස ”මැජික් විසඳුමක්” සෙවීමට උත්සාහකිරීමට එරෙහිව අනතුරු අඟයීමක් කරයි. ඊට වඩා විවිධ බලශක්ති ප‍්‍රශස්තිකරණය පිණිස සහ පවිත‍්‍ර බලශක්ති තාක්ෂණයන් යොදාගන්නා  බහුවිධ විසඳුම් අවශ්‍යය.

”වටවල ප්ලාන්ටේසන්ස් හි කේ. එච්. තනුෂ්ක මහතා පවසන්නේ ”අප සාකල්‍ය ප‍්‍රවේශයකින් ක‍්‍රියා කළ යුතුය”. මෙම විභවයේ අඟුළු ඇරිය හැක්කේත් සියල්ලන්ට වඩාත් තිරසර සහ සමෘද්ධිමත් අනාගයක් නිර්මාණය කළ හැක්කේත් ඒ ආකාරයෙන් වැඩකිරීමෙනි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව