ශ්‍රී ලාංකේය වාණිජ වනවගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා වශයෙන් හර්ෂ අබේවික්‍රම මහතා වැඩ භාර ගනී

Harsha Abewikrama (LBN)

 



 

 

ශ්‍රී ලාංකීය වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සදාහරිත සමූහ ව්‍යාපාරයේ ප්‍රධානතම ආයතනය වන සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් හර්ෂ අබේවික්‍රම මහතා පසුගියදා වැඩ භාර ගත්තේය.

ක්ෂේත්‍ර ගණනාවක වසර 30කට අධික වෘත්තීය අත්දැකීම් සහිත හර්ෂ අබේවික්‍රම මහතා සදාහරිත  ප්ලාන්ටේෂන් සමාගමේ වැඩ භාර ගැනීමට පෙර ජනශක්ති රක්ෂණ සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් කටයුතු කළේය. රජරට විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය ^MBA& හිමිකර ගෙන ඇති අබේවික්‍රම මහතා Life Underwriter Training Council (LUTC – USA) හි සාමාජිකයෙකි. එසේම ඒ මහතා ඇමරිකාවේ LIMRA හි මුල්‍ය කළමනාකරණය පිළිබඳ වරලත් අධීක්ෂකවරයෙක් හා රක්ෂණ ඒජන්සි කළමණාකරණය පිළිබඳ වරලත් සාමාජිකයෙක් (CIAM – USA) ද වේ. සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන්  අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද හිමිකර ගෙන ඇති අබේවික්‍රම මහතා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.

සිය වෘත්තීය ජීවිතය 1989 දී නෙස්ලේ ලංකා ආයතනයෙන් ආරම්භ කල අබේවික්‍රම මහතා 1990දී MERCK  SHARPE, DOME Pharmaceuticals හි සේවය කරමින් ELITE CLUB සාමාජිකත්ව සම්මානයට පාත්‍ර වී ඇත. 1993 සිට සෙලින්කෝ ජිවිත රක්ෂණ සමාගමේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කල ඒ මහතා එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වශයෙන් උපායමාර්ගික මුලපිරීම්, කාර්ය සාධනය, උපායමාර්ගික කළමනාකරණ විකුණුම් හා බෙදාහැරීමේ කළමනාකරණය සහ සංවර්ධනය යන අංශ ගණනාවක සිය වෘත්තීය නිපුණතාවය මානව පිළිබිඹු කිරීමට සමත් වූවෙකි.

සිය නව පත්වීම පිළිබඳ අදහස් දක්වමින් සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ අබේවික්‍රම මහතා මෙසේ පැවසිය.“විවිධ ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කර ඇති මට ශ්‍රී ලංකාවේ වාණිජ වන වගා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන සදාහරිත සමූහ ව්‍යාපාරය හා එක්වීමට ලැබීම විශාල සතුටක් බව කිවයුතුයි. මෙම ආයතනය මුල්‍ය ක්ෂේත්‍රය හරහා පමණක් නොවෙයි පාරිසරික අංශයෙනුත්, රටත් ජනතාවත් වෙනුවෙන් නිහඩව කරනු ලබන සේවය මිල කල නොහැකියි. ලාභයෙන් ඔබ්බට ගමන්කළ තෘප්තිමත් මිනිසුන් පිරිසක් සමග කටයුතු කරමින් තව දුරටත් අපගේ පාරිභෝගික ජනතාව වෙත ඉහළ ප්‍රතිලාභ හිමිකර දීමට අවශ්‍ය නව්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

පුහුණුව සිය පුරුද්ද බවට පත්කරගෙන ඇති හර්ෂ අබේවික්‍රම මහතා MII-LUTC AND LIMRA USA හි පුහුණුකරුවකු ලෙස සිය සේවය ලබාදී තිබේ. එසේම සෙලාන් බැංකුව, සෙලින්කෝ ඉතුරුම් බැංකුව, වයඹ විශ්ව විද්‍යාලය සහ සෙලින්කෝ ස්ටෙලා වැනි බොහෝ පෞද්ගලික සහ රාජ්‍ය ආයතන සඳහා පුහුණු දායකත්වය ලබා දී තිබේ. ඔහු 2001 දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජපානයේ පැවති ෆාලියා සමුළුවට සහභාගී වූ අතර 2008 දී ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගෙනහිර ආසියා රක්ෂණ කොංග්‍රසය ^EAIC& නියෝජනය කළේය. 2015 වසරේ පිලිපීනයේ නායකත්ව සමුළුවට සහ මැකාඕ හි MDRT Experience සමුළුව ඇතුළු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ රාශියක අත්දැකීම් ලබා ඇත.

මැලේසියාවේ GREAT EASTERN INSURENCE හි සංවර්ධනය පිළිබඳ පුහුණුව සහ AIA හි හොංකොං, චීනය, මැලේසියාව, තායිලන්තයේ නියෝජිතායතන කළමනාකරණ සංවර්ධන වැඩසටහනේ අත්දැකීම් ලත් ඒ මහතා 2013 වසරේ සිට AIA ඉන්ෂුවරන්ස් ලංකා හි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී  – විකුණුම් ප්‍රධානී ලෙසත් බඳවා ගැනීම් පිලිබඳ ජාතික ප්‍රධානියා ලෙසත් සේවය කළේය. වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන සහ මූල්‍ය පීඨ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද පත් වීම් ලබා ඇති අබේවික්‍රම මහතා එහි විෂයමාලා සංවර්ධනය පිලිබඳ උපදේශක මණ්ඩලයේද සේවය කර ඇත. එසේම ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ ආරාධිත දේශකවරයෙකු ලෙසද කටයුතු කර තිබේ.

හර්ෂ අබේවික්‍රම මහතාගේ සදාහරිත ප්ලාන්ටේෂන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත් වීම පිළිබඳව සදාහරිත සමූහ ව්‍යාපාරයේ සභාපති සතිස් නවරත්න මහතා මෙසේ අදහස් පළකළේය.“වසර 20කට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය තහවුරු කරමින් මෙරට පාරිසරික හා ආර්ථික සංවර්ධනයට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන සදාහරිත සමාගම මෙරට හරිත යෝජනා ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයේ වැජඹෙමින් සිටිනවා. මේ ගමන් මග තවත් පුළුල් කරමින් අපගේ පාරිභෝගික ජනතාවට  ඉහළ ප්‍රතිලාභ ලබා දීම සඳහා නව්‍යකරණය හා නිර්මාණශීලීිත්වය තුළින් නව සැලසුම් ක්‍රියාත්මක කිරීමට සමාගම බලාපොරොත්තුවෙන් සිටිනවා. අපගේ නව ප්‍රධාන විධායක නිලධාරී හර්ෂ අබේවික්‍රම මහතාගේ ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදුනු වෘත්තීය අත්දැකීම් සහ පරිණතභාවය අපගේ මෙම ගමනට ඉතා වටිනා ශක්තියක් සහ නැවුම් බවක් එකතු කරනවා. ඔහුගේ ඉදිරි කටයුතු වල සාර්ථකත්වය වෙනුවෙන් මා හදවතින්ම සුබ පතනවා.”

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව