ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව USAID නියෝජිතායතනයේ YouLead ව්‍යාපෘතිය සමඟ, තරුණ ව්‍යවසායකත්වය සහ ස්වයං රැකියාවල නියුක්ත කිරීම සහ දිරිගැන්වීම අරමුණු කොට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

Pic (1)

 




 

  • ව්‍යාප්තියේ අරමුණ​ තරුණ සවිබල ගැන්වීමයය​.
  • දිවයින පුරා සිටින විදුලි කාර්මිකයන් 45,000 කට​ නොමිලේ කෙටි කාලයකින් NVQ 3 සුදුසුකම් ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ ජලනල කාර්මිකයන් සඳහාද එය ව්‍යාප්ත කිරීමට සැලසුම්.

29/06/2021 – විදුලිබල අංශයේ නියාමකයා වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව USAID හි තරුණ රැකියා හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන යූලීඩ් (YouLead) සමඟ විදුලි කාර්මිකයන් 45,000 කට වෘත්තීය සුදුසුකම් ලබා දීමේ අවබෝධතා ගිවිසුමකට ජුනි 28 වන දින අත්සන් තැබූහ​. විදුලිබල ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට සහයෝගය දැක්වීම සහ නංවාලීම සඳහා ඒකාබද්ධව​ ප්‍රයත්න දැරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ තරුණ විරැකියාව පිළිබඳ ගැටළුව විසඳීම සඳහා ව්‍යවසායකත්වය දිරිමත් කිරීමත් මෙම වැඩසටහනේ අරමුණයි.

“මෙය ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියක් වන අතර එහිදී තරුණ විදුලි කාර්මිකයින්ට කිසිදු වියදමක් නොමැතිව වෘත්තීය සුදුසුකමක් ලබා ගැනීමට අවස්ථාව ලබා දේ. මෙම වැඩසටහන තුළ තරුණ විදුලි කාර්මිකයෙකුට තුන්වන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ3) සහතිකයක් ලබා දුන් විට ඔහුට හෝ ඇයට පහසුවෙන් දේශීය හෝ විදේශීය රැකියා සොයා ගැනීමටත්, වඩා හොඳ වෘත්තීය පිළිගැනීමක් ලබා ගැනීමටත්, වෘත්තීය ඉණිමඟේ ඉහළට යාමටත් හැකි වනු ඇත. ” ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

“යූලීඩ් හි අරමුණ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර වෘත්තීය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම හා දිරිගැන්වීමයි. පළපුරුදු විදුලි කාර්මිකයින් සඳහා ජාතික වෘත්තීය සුදුසුකමක් ලබා දීම පූර්ව ඉගෙනීම හඳුනා ගැනීමේ  (recognition of prior learning) වැඩසටහන මඟින් විදුලි කාර්මිකයින්ගේ ක්‍ෂේත්‍රය, වෘත්තීයකරණය කිරීමට පමණක් නොව සුදුසුකම් ලත් විදුලි කාර්මිකයින්ට ආරක්ෂිත විදුලි ස්ථාපනයන් තුළින් ජීවිත හා දේපළ ආරක්ෂා කර ගැනීමට වැඩි අවස්ථාවක් ලබා දෙනු ඇත. ” යූලීඩ් හි සම්බන්ධීකරන අධ්‍යක්ෂ, වින්ද්‍යා සිල්වා මෙනෙවිය​ පැවසුවාය.

 




 

 

මෙම  අවබෝධතා ගිවිසුම මගින් තාක්‍ෂණික හැකියාවන් සහ සම්පත් සහයෝගයෙන් හුවමාරු කරගන්නා අතර ඒ තුලින් තරුණ විදුලි කාර්මිකයින්ට පූර්ව ඉගෙනුම් ක්‍රියාවලිය තුළින් තුන්වන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් ලබා දීමට කටයුතු කර වෘත්තීය නිපුණතාවයකින් යුතු තරුණ විදුලි කාර්මිකයින් පිරිසක් දිවයිනේ ඇති කිර්‍රිමට කටයුතු කරයි.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමත් සමඟ, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරාම, වෘත්තීය පුහුණුව හා දැනුවත්භාවය, පුහුණු වැඩමුළු පැවැත්වීම සහ ආර්පීඑල් සහතික කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නායකත්වය දෙන ජාතික මට්ටමේ විදුලි කාර්මික බලපත්‍ර වැඩසටහනට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ YouLead ඒකාබද්ධව සහාය වනු ඇත.

ශ්‍රී ලංකාවේ විදුලි කාර්මිකයන් 45,000 ක් පමණ සිටින ඇති අතර ඔවුන්ගෙන් සියයට 80 ක් පමණ පිළිගත් වෘත්තීය සුදුසුකමක් නොමැති අතර එය ඔවුන්ගේ වෘත්තීය සංවර්ධනයට බාධාවක් වේ. විදුලි කාර්මිකයින්ට NVQ3 ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ එය විදුලි බලපත්‍ර ලබා ගැනීමේ අවම සුදුසුකම ලෙස පිළිගෙන ඇති බැවිනි. බොහෝ විදුලි කාර්මිකයන් දිගු කාලීන පාඨමාලා හැදෑරීමට සහ ඔවුන්ගේ ආදායම් ප්‍රභවය ලෙස තම වෘත්තිය මත යැපෙන බැවින් පාඨමාලා හැදෑරීමට මුදල් ගෙවීමට මැලි වේ. මෙම ගැටළුව විසඳීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) සහ වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) එක්ව ශ්‍රී ලංකාවේ විදුලි කාර්මිකයන් සඳහා දින තුනක වැඩසටහනක් හඳුන්වා දුන්නේ කිසිදු වියදමකින් තොරව සහ අවම කාල සීමාවක් තුළ NVQ3 ලබා ගැනීම සඳහා ය.

YouLead යනු ශ්‍රී ලංකාවේ USAID නියෝජිතායතනය හරහා ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන අතර එය තරුණ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම, තරුණ තරුණියන් පලදායී වෘත්තීන් හා සම්බන්ධ කිරීම සහ ව්‍යවසායකත්වය දිරිගැන්වීමේ අරමුණින් තරුණ තාක්‍ෂණික හා වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය සිසුන්, ගුරුවරුන්, ආයතන සහ ව්‍යවසායකයින්ට සහයෝගය දැක්වීම සහ ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාකාරකම් සිදු කරයි.

USAID යනු ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයයි. USAID විසින් වසර 60 ක් පුරා ලොව පුරා සංවර්ධන හා මානුෂීය ආධාර ලබා දී ඇති අතර 1956 සිට ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ සැලසීම සඳහා LKR බිලියන 350 ක් (ඩොලර් බිලියන 2 ක්) ආයෝජනය කර ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව