ශ්‍රී ලංකා ටෙලිකොම්විසින් කොළඹ වාණිජ මහාධිකරණ කටයුතු ඩිජිටල්කරණය කරමින් Virtual Hearing Solution හඳුන්වාදෙයි

DSC_5372 (2)

ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) විසින් පවතින COVID 19 වසංගතතත්ත්වය යටතේ තවත් එක් ජාතික වගකීමක් ඉටු කරමින්, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී ලංකා වාණිජ මහාධිකරණ කටයුතු අන්තර්ජාල පරිසරයක් තුළ පවත්වාගෙන යාමේ පහසුකම් සලසමින් SLT නවතම හඳුන්වාදීම වන Virtual Hearing Solution පද්ධතිය හඳුන්වාදී තිබේ. කොළඹ නීති පුස්තකාලය (Colombo Law Library) සමග එක්ව SLT විසින් දියත් කළ පළමු Virtual Hearing Solution පද්ධතිය සතු Video Conferencing තාක්ෂණය ඇතුළු අනෙකුත් තාක්ෂණික ක්‍රමෝපායන් සමග සාම්ප්‍රදායික උසාවි පරිශ්‍රයක ගැවසෙන පුද්ගල ප්‍රමාණය අවම සංඛ්‍යාවකින් පවත්වාගත හැකිය.

සුපුරුදු රාජකාරි කටයුතු ඩිජිටල් පරිසරයක් තුළ පහසුවෙන් ඉටුකරදීමෙහිලා සමත් මෙම නවතම අන්තර්ජාලගත Virtual Hearing Solution පද්ධතිය තුළ විනිසුරුවරුන් හා නීතීඥවරුන් සඳහා වෙනම අවකාශ නිර්මාණය කොට ඇත. ඒ සමග ලියාපදිංචි වීමෙන් පසු නීතීඥවරුන්ට Video Conferencing සහිතව අන්තර්ජාලගතව නිර්මාණය වන උසාවි පරිශ්‍රය තුළදී අදාල උසාවිවල විනිසුරුවරුන් හා සම්බන්ධවිය හැකි අතර එය සියළු පාර්ශ්වයන්ට දැකගත හැකිය. ඒ ඒ නඩුවලට අදාල තොරතුරු Video හෝ Audio මාධ්‍යයන්ගෙන් විනිසුරුවරුන් වෙත ඉදිරිපත් කිරීමේ හැකියාවද එහි අන්තර්ගතය. මෙම අන්තර්ජාලගත අධිකරණ ක්‍රියාවලිය අවසරලත් පුද්ගලයන් හට සවන්දීමට හා නරඹන්නට හැකි අතර යම් අවශ්‍යතාවක් ඇතොත් එම විකාශය මහජනතාව වෙතද විකාශය කිරීමේ පහසුකම්ද පවතියි.

Smart Scheduling පහසුකම යටතේ නඩුවාර සඳහා දින / වේලාවන් සැලසුම් කිරීමේ හැකියාව, පද්ධති කළමනාකරණහා e notice යැවීමේ හැකියාව, Transcript Access සහ Case Status Updates වැනි පහසුකම් රැසක් මෙම Virtual Hearing Solution තුළ අන්තර්ගතය. තෝරාගත් ස්ථානයන් කිහිපයක පුළුල් තිර ස්ථාපනය කර ඇති අතර විනිසුරුවරුන්ට හා නීතීඥවරුන්ට ඕනෑම තැනක සිට තම ජංගම දුරකතනයෙන් හෝ Laptop භාවිතා කරමින් මේ සමග සම්බන්ධ විය හැකිය.ශ්‍රී ලංකා වාණිජ මහාධිකරණය වෙත පළමුවරට නියමු ව්‍යාපෘතියක් ලෙස SLT විසින් හඳුන්වා දුන් මෙම Virtual Hearing Solution ක්‍රමවේදය අධිකරණ ක්‍රියාවලියේ කාර්‍යක්ෂමතාවහා විනිවිදභාවය සුරක්ෂිත වන ආකාරයෙන් සාර්ථකව ක්‍රියාත්මක වේ.

Virtual Hearing System මහාධිකරණය වෙත භාර කිරීමේ අවස්ථාවට SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්ඩිනැන්ඩ්ස් සහ කොළඹ නීති පුස්තකාලය වෙනුවෙන් එහි ලේකම් ශිවාන් කුරේ යන මහත්වරුන් එක්වූහ.

 




 

මෙම අවස්ථාව අමතමින් කොළඹ නීති පුස්තකාලයේ ලේකම් ශිවාන් කුරේ මහතා “2020 මාර්තු මාසයේ COVID 19 වසංගත තත්ත්වය අපිට සම්ප්‍රදායික රාමුවෙන් එහාට ගිහින් හිතන්න සිද්ධ වුනා. අපි දැනගෙන හිටියා විසඳුම තියෙන්නෙ තොරතුරු තාක්ෂණය පදනම් කරගත්ත විසඳුමක කියලා. ඒවගේම අපි දැනගෙන හිටියා වෙනත් රටවල ඒ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා කියලත්. ඒත් අපේ රටට ඒක ගැලපෙයිද කියලා අපි කවදාවත් කල්පනා කලේ නෑ. SLT කළමනාකාරිත්වයත් එක්ක පවත්වපු සාකච්ඡාවකදී අපිට මේ වසංගත තත්ත්වය මැද්දෙ රාජකාරී කටයුතු කරන එක ගැන අලුත් බලාපොරොත්තුවක් ලැබුණා. කොළඹ නීති පුස්තකාලයේ අපි SLT වෙතින් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම කිසිම පැකිලීමකින් තොරව SLT භාරගෙන හුදෙක් මනුෂ්‍යත්වයම පෙරදැරි කරගෙන කිසිදු මුදලක් අය නොකර අපට උදවු කළා. අප දෙගොල්ලන්ගේ එකමුතුවීම නිසා සෞඛ්‍යාරක්ෂිත අධිකරණ ක්‍රියාවලියක් නිර්මාණය වූවා පමණක් ම නොවේ, පෙරටත් වඩා වියදම් අඩුවෙන්, කාර්‍යක්ෂමව සේවාව පවත්වා ගන්නට අපට හැකිවෙනවා. SLT සමග අප ලැබූ අත්දැකීමෙන්, වෙනසක් කරන්න නොපැකිලීමත්, ශ්‍රී ලාංකිකයන් විදිහට අපිටත් ඕනෑම අභියෝගයකදී ධනාත්මකව සිතා ක්‍රියාකරමින් ජය ලැබිය හැකි බවත් තේරුම් ගත්තා” යැයි පැවසීය.

SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා මෙම සම්බන්ධතාවය පිළිබද අදහස් දක්වමින් “ශ්‍රී ලංකාවේ මහාධිකරණ ක්‍රියාවලියට සහයෝගයක් දක්වන්නට ලැබීම ජාතික දුරකතන සන්නිවේදන සේවා සැපයුම්කරුවා විදිහට SLT ලැබූ මහත් ගෞරවයක්. සමාජ දුරස්ථභාවය තබාගැනීම වැදගත් වූ කාලයක මිනිසුන් අතර ආරක්ෂිත සබදතා ගොඩනැගීමේ වැදගත්කම අපට මේ සමග නැවතවරක් වැටහුණා. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවා මහජනතාවට පහසුවෙන් රැගෙනයන්නට තොරතුරු තාක්ෂණික සේවාවක ඇති අවශ්‍යතාව අප දුටුවා.” යැයි පැවසීය.

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව