ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ප්‍රකෘත්තිමත් කිරීමට ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කිරීම තුලින් ඇති හැකියාව පිලිබඳ පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ 2022 වාර්ෂීක මහසභා රැස්වීමේදී සාකච්ඡා

Copy of POIASL AGM 2022

 



 

 

ශ්‍රී ලංකා පාම් ඔයිල්  සංගමය (POIASL) සිය 4 වැනි මහා සභා රැස්වීම 2022 පසුගියදා කොළඹ දී පැවැත්වන ලදී. ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මැලේසියානු  මහ කොමසාරිස් – Dato Tan Yang Thai, සහ ඉන්දුනීසියානු ජනරජයේ තානාපති, Dewi Gustina Tobing යන මහත්ම මහත්මීන් මෙන්ම, පාම් ඔයිල් වගාකරුවන්, පිරිපහදු කරන්නන්, සැකසුම්කරුවන්, නිෂ්පාදන අලෙවිකරුවන් සහ විකුණුම්කරුවන් සහ පුද්ගලික ආරාධිතයින් ඇතුළු පාර්ශවකරුවන්, පෞද්ගලික මෙන්ම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විවිධ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ විධායක කමිටුව ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, POIASL හි මූලික අවධානය තරඟකාරී, සහ තිරසාර පාම් ඔයිල් වගාව හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික බෝග විවිධත්වය වැඩිදියුණු කිරීමයි. 

පසුගිය කාලවකවානුවේ කොවිඩ්19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී ඇති පෙර නොවූ විරූ අභියෝග පිළිබඳවත්, ඉන් අනතුරුව පොහොර තහනම සහ පාම් ඔයිල් සම්බන්ධයෙන් වන ව්‍යාජ මිථ්‍යාවන් පිළිබඳව ද මෙම මහ සභා රැස්වීමේදී සාකච්ඡා කෙරිණි. මෙම අභියෝග මධ්‍යයේ වුවද, ජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර හරහා වැරදි තොරතුරු සහ මිත්‍යා මත වෙනස් කරන අතරම, දේශීය ආර්ථික අර්බුදය මඟහරවා ගැනීම සඳහා POIASL උපාය මාර්ගික සැලැස්මක් ද සකස්කර තිබේ. එබැවින් දැනට පනවා ඇති සීමා ලිහිල් වීමක් ඉදිරි කාලයේදී බලාපොරොත්තු විය හැකි බවද මෙහිදී සාකච්ඡා විය. 

ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාව සඳහා පනවා ඇති තහනම නුදුරේදීම ඉවත් කිරීමට අවස්ථාවක් ලැබුනහොත්, එය අපේ රටේ  සාර්ව ආර්ථික තත්ත්වය වැඩිදියුණු කර ගැනීමටත්, ආහාරයට ගත හැකි තෙල් සම්බන්ධයෙන් ස්වයංපෝෂිතභාවයක් ඇති කිරීමටත් අවස්ථාවක් ලබා දෙන අතරම, පොල්තෙල් ආශ්‍රිත අගය එකතු කිරීම් වල අපනයන ආදායම ඉහළ නැංවීමට අවස්ථා විවර කර ගැනීමක් වනු ඇතැයි යනුවෙන්  POIASL හි සභාපති ආචාර්ය රොහාන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය. පාම් ඔයිල් කර්මාන්තයට ශ්‍රී ලංකාව තුළ වර්ධනය වීමට ඉඩ හැරීම තුලින් කුඩා වතු හිමියන් සවිබල ගැන්වීමට අමතරව  ග්‍රාමීය ආර්ථිකයන් ප්‍රතිනිර්මාණය කිරීමක්ද එමගින් සිදුවනු ඇත. අපි ආසියානු පාම් ඔයිල් සන්ධානය සමඟ සහයෝගීතාවයක් ඇති කිරීමට කටයුතු කර ඇති අතරම මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ සිටින අපගේ මිතුරන් මෙම වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන සහයෝගය ඉතා අගය කරන බව ඔහු වැඩිදුරටත් පැවසිය. 

මෙම හමුවේ ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු  තානාපතිනිය  Dewi Gustina Tobing මහත්මිය, මෙසේ පැවසුවාය. “පාම් ඔයිල් සඳහා ගෝලීය ඉල්ලුම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින අතර පාම් ඔයිල් කර්මාන්තය පාරිසරික වශයෙන් සහ ආර්ථික වශයෙන් තිරසාර වෙනවා. මෙය අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් ආහාරයට ගතහැකි තෙල්වලින් ස්වයංපෝෂිත වීම සඳහා ශ්‍රී ලංකාවට ස්වර්ණමය අවස්ථාවක් වන අතර, මේ සඳහා අපගේ ශ්‍රී ලාංකික මිතුරන්ට උපකාර කිරීමට අපි කැමැත්තෙමු. මෙම විශේෂ අවස්ථාවෙහිදී, දශක ගණනාවක් පුරා ලෝකයේ ප්‍රමුඛතම එළවළු තෙල් ලෙස පාම් තෙල් පවතින බැවින්, ශ්‍රී ලංකාවේ ඔයිල් පාම් වගාවන් සහ කර්මාන්තයේ දියුණුවට සහාය වීමට සියලුම පාර්ශවකරුවන් දිරිමත් කිරීමට මම කැමැත්තෙමි.” 

එලෙසම ඉන්දුනීසියාව සහ මැලේසියාව වැනි ප්‍රධාන පාම් ඔයිල් නිෂ්පාදක රටවල් ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් කර්මාන්තයේ දියුණුවක් ඇති කිරීම සඳහා තාක්ෂණික සහය, දැනුම සහ හොඳම භාවිතයන් සමඟින් ආර්ථික තත්වය වැඩිදියුණු කිරීම සඳහා සහාය වීමට හැකිවීම පිළිබදව සතුටු වන බව ද මම දැඩිව විශ්වාස කරමිඇය පැවසුවාය.  

කුඩා පරිමාණ වතු හිමියන් මෙම වගාවට සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස්වනවා මෙන්ම පවත්නා ආර්ථික ගැටලු හමුවේඔවුන් සවිබල ගැන්වීම වැදගත් බවත්, ඒ සඳහා පාම් ඔයිල් නිෂ්පාදනය කරන රටවල සහයෝගීතාව, හවුල්කාරිත්වය පෙරදැරි කරගත් සාමූහික පියවරක්  අත්‍යවශ්‍ය වේ.” යැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. 

ඔයිල් පාම් වගාව පිලිබඳ සත්‍ය තොරතුරු මහජනතාවට ලබා දීමේ අරමුණින් සහ ඔයිල් පාම් වගාව සඳහා වූ තහනම ඉවත් කිරීමේ කඩිනම් අවශ්‍යතාව අවධාරණය කරමින් POIASL හි 2022 වාර්ෂික මහා සභා රැස්වීම අවසාන කෙරිණි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව