ශ්‍රී ලංකාවේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව මසක් තුළ දිවයින පුරා ලේ දන් දීමේ කඳවුරු 12 ක්

Chairman-Janaka-Ratnayake

 




 

 

– රුධිර හිගය සපුරා ගැනීම සදහා කඩිනමින් සංවිධානය කරන ලේ දන්දීමේ කදවුරු සදහා ජනතාව දක්වන ඉමහත් උනන්දුව සහා පුර්ණ සහාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිය ප්‍රසාදය හා කෘතඥතාව පල කර සීටි

– ජාතික අවශ්‍යතා සඳහා ලේ පයින්ට් 500 ක් දැනටමත් සපයා අවසන්

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ දිස්ත්‍රික් විදුලි කාර්මික සංවිධාන සමග එක්ව, රුධිර හිගය පියවීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ලේ දන් දීමේ කඳවුරු 12ක් සාර්ථකව සංවිධානය කිරීමට සමත් විය. මින් 5ක් මේ වන විට නිමා කර ඇති අතර ඉතිරි කදවුරු  මේ මස තුලදී පැවත්වීමට පියවර ගෙන ඇත.

කඩිනමින් රුධිරය අවශ්‍යව තිබු කුරුණෑගල , පුත්තලම, අනුරාධපුර හා රත්නපුර දිස්ත්‍රික්ක තුල, පලමු ලේ ද න් දීමේ කඳවුරු 05 පැවත්වු වු අතර  ඒ සඳහා රුධිර දායකයින් 800කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි විය.

මෙම කඳවුරු 05 දී ඒ ඒ දිස්ත්‍රික්ක වල රුධිර පාරවිලන මධ්‍යස්ථාන වල අවශ්‍යතාවය අනුව රුධිර පයින්ට් 500කට ආසන්න ප්‍රමාණයක් දායක කිරීමට පියවර ගැනිණි.

ජාතික රුධිර පාරවීලන මධ්‍යස්ථානයෙහි ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ඒ ඒ දිස්ත්‍රික්ක වල විදුලි කාර්මික සංවිධාන සහ අනෙකුත් ප්‍රජා සංවිධානවල ද සහාය ඇතිව සංවිධානය කරන මෙම ලේ දන් දීමේ වැඩසටහන් සඳහා රුධිර දායකයින් ලියාපදිංචි කිරීම, ඔවුන්ට වේලාව ලබාදීම සහ සංචරණ සීමා කාලයෙහි ගමන් කිරීම සඳහා අවසර ලබා දීම ඔන්ලයින් ක්‍රමයට සිදු කෙරේ.

මෙම කඩිනම් ලේ දන්දීමේ කදවුරු පිළිබද අදහස් දැක්වු ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ, සභාපති, ජනක රත්නායක මහතා………..

“ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය කඩිනමින් රුධිරය ලබාගැනීමට අපගේ සහයෝගය ඉල්ලා සිටියේ මැයි මාසය අගදී. ඒ අනුව අප කොමිෂන් සභාව මේ පවතින රුධිර හිගයට විසදුම් වශයෙන් රටේ විවිධ ප්‍රදේශවල අපි පිහිටුවා ඇති විදුලි කාර්මික සංවිධාන වල සහය ඇතිව, මෙම රුධිරය ලබා දීමේ කදවුරු කඩිනමින් සංවිධානය කරා.

දින 10කටත් අඩු කාලයකදී මුල් කඳවුරු 05 සංවිධානය කලේ රුධිර හිගය වැඩියෙන්ම පැවති දිස්ත්‍රික්කවල. ඒ ඒ දිස්ත්‍රික්ක වල රුධිර පාරවිලන මධ්‍යස්ථාන වල අවශ්‍යතාවය අනුව රුධිර පයින්ට් 500කට ආසන්න ප්‍රමාණයක් එම කදවුරු වලදී දායක කිරීමට  අපට හැකිවුනා. අපගේ ඉලක්කය රුධිර පයින්ට් 2500ක ප්‍රමාණයක් කඩිනමින් ලේ බැංකුවට දායක කිරීමයි. මේ මාසය තුලදී රත්නපුර, මහනුවර, පොලොන්නරුව, ගම්පහ, යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්කවල රුධිර අවශ්‍යතා සැපිරීම සදහා තවත් විශේෂ ලේ දන්දීමේ කදවරු 7ක් අප විසින් සංවිධානය කර තිබෙනවා. ඉදිරියේදීත් අවශ්‍යතාවය පරිදි රුධිරය සැපයීමට කදවුරු සංවිධානය කිරීමට අපගේ සහයෝගය අප ලබා දෙනවා.

රුධිරය දායක කිරීම සදහා මෙම ප්‍රදේශවල ජනතාව දක්වන විශාල උනන්දුව හා සහභාගිත්වය පිළිබද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉමහත් ප්‍රසාදය හා කෘතඥතාව ද පල කරන බව කිව යුතුයි. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සංවිධානය කරන තවත් ලේ දන්දීමේ කදවුරු 7ක් මේ මස තුලදී පැවත්වීමට නියමිතයි. ඒ්වා මහනුවර, පොලොන්නරුව, ගම්පහ, යාපනය හා මුලතිව් යන දිස්ත්‍රික්කවල රුධිර අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා සංවිධානය කර තිබෙනවා.”

වැඩි විස්තර සඳහා :- අනුශිකා කඹුරුගමුව , සහකාර අධ්‍යක්ශිකා ආයතනික සන්නිවේදන 0718622800

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව