
ලෝක අගාවුඩ් වංශකතාවට ස්වර්ණමය පරිච්ඡේදයක් එක් කල Pintanna Holdings (Pvt) Ltd අද දින ඔවුන් ලද විශාලතම ජයග්‍රහණයක් ලෙස Unanduwa Prestige Oud සුවඳ විලවුනය ලෝක වෙළඳපොලට ඉතා ආඩම්බරයෙන් ඉදිරිපත් කරන ලදී. මෙම විශිෂ්ට නිර්මාණය සුවඳ විලවුන් ලෝකයට එක් වන්නේ ශ්‍රී ලාංකීය Oud හි අසමසම සාරය ලෝක මට්ටමේ කලාත්මකත්වය සමඟ මුසු කරමින් දේශීය විශිෂ්ටත්වය ලොවට විදහා දක්වන්නක් ලෙසය.
මෙම සුවිශේෂී නිර්මාණයේ අභිමානවත් එලි දැක්වීම අති උත්කර්ෂවත් අන්දමින් 2025 මාර්තු 27 වන දින කොළඹ Kingsbury හෝටල් පරිශ්‍රයේදී ලෝක ප්‍රකට ප්‍රංශ සුවද විලවුන් නිර්මාණකරුවෙකු වන ඩොමිනික් රූපියන් මහතාගේ සහ ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන්ගේ ප්‍රධානත්වයේන් යුතුව සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක අන්දමින් සිදු විය.
ශ්‍රී ලාංකීය ප්‍රථම අගාවුඩ් සුවඳ විලවුනය හඳුන්වා දුන් Pintanna Oud සැම විටම නිෂ්පාදනය කරනුයේ ගුණාත්මක බවින් සහ විශ්වාසවන්ත භාවයෙන් ඉහළම නිෂ්පාදනයන්ය. දේශබන්දු කුමාර ධර්මසේන මහතාගේ විශිෂ්ට සංකල්පයකට අනුව බිහි වුණු මෙම Unanduwa Prestige Oud සුවඳ විලවුනය එතුමාගේ සිහිනයක් යථාර්ථයක් බවට පත්කිරීමක් ලෙස මෙවැනි ආකාරයේ විශිෂ්ට නිර්මාණයක් ලෝකයට හඳුන්වා දෙන ලදී. ඔහුගේ මෙම නව්‍ය සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීමට ලෝකප්‍රකට ප්‍රංශ සුවඳ විලවුන් නිර්මාණකරුවකු වන “Master Perfumer Dominique Ropion” මහතාගේ විශේෂඥතාව හේතුවක් විය.
Unanduwa Prestige Oud Master Perfumer ඩොමිනික් රෝපියන් මහතාගේ සහ Pintanna Oud අතර ඇති වූ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකීය අගාවුඩ් සාරය එක් කර සුවද විලවුන් කලාවේ නව පෙරලියක් සිදු කරමින් මෙලෙස ලෝක සුවද විලවුන් වෙලළදපොලට ශ්‍රී ලාංකීය සිංහල අක්ෂරයකින් යුතුව දේශීයත්වය සහ නව තාක්ෂණය කැටි කරගනිමින් ඉදිරිපත් කරන ලදි.
Unanduwa Prestige Oud ඇසුරුම නවීන සැලසුම්කරණයේ හා ශිල්පීයත්වයේ විශිෂ්ට නිර්මාණයකි. ශ්‍රී ලාංකීය ස්වාභාවික සම්පත් වල විශිෂ්ඨත්වය භාවිතා කරමින් සහ ලෝක සුවද විලවුන් නිර්මාණ තාක්ෂණය භාවිතා කරමින් සකස් කළ මෙය ශ්‍රී ලාංකීය නිර්මාණ කලාව ලෝකය ඉදිරියේ තවත් බැබළු ස්වර්ණමය අවස්ථාවක් ලෙස හා Pintanna සමාගම ලැබූ විශිෂ්ට ජයග්‍රාහණයක් ලෙස මෙලෙස Unanduwa Prestige Oud සුවද විලවුනය දේශිය මෙන්ම විදේශිය වෙළදපොලට එක් විය.