ශ්‍රී ලංකාව කලාපය තුළ එක්සත් ජනපද සෝයා බෝංචි ආහාර හි ප්‍රධාන අනයනකරුවෙකු ලෙස අඛණ්ඩව පැවත එයි

1- Abby and Kevin (LBN)

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ එක්සත් ජනපද සෝයා බෝංචි ආහාර ආනයනයකරන ප්‍රධානතම රටක්වන අතර ප්‍රෝටීන් මත පදනම් වූ ආහාර සඳහා ඇති ඉල්ලුමේ වෙනස්වීම් සමඟ මෙය කලාපයේ අනෙකුත් රටවල් අතරද එලෙසම ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව අගෝස්තු 19 වන දින සිට අගෝස්තු 21 දින සැන් ෆ්‍රැන්සිස්කෝ හිදී පැවැත්වුණු එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලය (USSEC) විසින් සංවිධානයකරන ලද, දේශීය වෙළඳ කණ්ඩායමක් ද සහභාගී වූ Soy Connext සමුළුව අවධාරණය කළේය.

ජනතාවට අවශ්‍ය සත්ත්ව ප්‍රෝටීන සපයන රටේ ප්‍රමුඛතම පශු සම්පත් කර්මාන්තයවන කුකුළු නිෂ්පාදනවලට අවශ්‍ය සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකාවට සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 210,000-240,000 අතර ප්‍රමාණයක් අවශ්‍යවන අතර එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන සභාවේ දැක්මට අනුව මෙම අගය සෑම වසරකම සැලකිය යුතු ලෙස වර්ධනය වේ.

 

 

2023 දී එක්සත් ජනපද සෝයා බෝංචි ආහාර ආනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 101ක් ලෙස ඇස්තමේන්තුකර තිබේ. වයනගත සෝයා අවශ්‍යතාවය වසරකට මෙට්‍රික් ටොන් 12,000 පමණ වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජානමය වශයෙන් වෙනස් නොකළ (GMO) සෝයා ආහාර නිෂ්පාදනය වන්නේ සෝයා නගට්ස් ය.

ප්‍රෝටීන් සඳහා පාරිභෝගික ඉල්ලුම සෑම වසරකම ගෝලීය වශයෙන් විශාල අගයකින් ඉදිරියට ගෙන යාමත් සමඟ, එක්සත් ජනපද සෝයා ඔවුන්ගේ ප්‍රබල අභ්‍යන්තර වෙළඳපොළට අමතරව ලෝකයේ බොහෝ රටවල් සඳහා ප්‍රමුඛ අපනයනකරුවෙකු ලෙස තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. දැනට, එක්සත් ජනපද සෝයා නිෂ්පාදනවලින් 60% කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කෙරේ. එක්සත් ජනපද ගොවීන් 2024/25 මුළු අස්වැන්න සඳහා සෝයා බෝංචි බුසල් බිලියන 4.6ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂාකරන අතර එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) ට අනුව, සැපයුම් ඇස්තමේන්තු පසුගිය වසරට වඩා 11% කින් ඉහළ ගොස් ඇත.

සෝයා බෝංචි, වෙළඳ භාණ්ඩ තෙල් බීජයක් ලෙස විකුණනු ලබන අතර, එක්සත් ජනපදයේ සෝයා යනු පශු සම්පත් ගොවිපොළවල, ආහාර මෝල්වල සහ තෙල් මෝල් සඳහා මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිකරන අගනා නිෂ්පාදනයක් බව පර්යේෂණ මඟින් අඛණ්ඩව පෙන්නුම්කරන අතර සෝයා ආහාර අංශයේ වඩා හොඳ රස ආකෘති හඳුන්වා දෙමින් සහ අඩුම කාබන් පියවර සමඟින් ගොවිපොළ කළමනාකරණ සහ සංරක්ෂණ ප්‍රයත්න සඳහා උදාහරණ ගෙන එයි.

එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන සභාවේ තිරසරත්වය පිළිබඳ අධ්‍යක්ෂ ඇබී රින් පැවසුවේ ‘‘එක්සත් ජනපද සෝයා විවිධ සාධක කිහිපයක් හේතුවෙන් අනෙකුත් කලාපවල සෝයාවලට වඩා වෙනස් වේ, මූලික වශයෙන් ගොවීන් සියවසකට වැඩි කාලයක් තිරසරභාවය කෙරෙහි අවධානය යොමුකර ඇත. මහා වෙළෙඳ පරිහානි කාලයේ සිට, කර්මාන්තය පාංශු සංරක්ෂණ ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා ඇති අතර පාංශු සංරක්ෂණය සඳහා ඉඩම් හිමියන් සමඟ වැඩ කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව (USDA) විසින් නියෝජිතායතන සංවර්ධනය කිරීම සැලකිය යුතු බලපෑමක් ඇතිකර තිබේ.

ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් තිරසර නිෂ්පාදන තෝරාගැනීමට වැඩි වැඩියෙන් යොමු වෙමින් සිටී. එක්සත් ජනපදයේ සෝයා සතුව අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ආකෘති , ඉහළ දිරවීමේ හැකියාව, අඩු කෙඳි සහ විශ්වාසනීය සැපයුම් දාමය මත පදනම්ව කර්මාන්තය දැඩි අභිමතයක් පෙන්නුම් කරමින්, රට තුළ 70% කට අධික වෙළඳපල කොටසක් භුක්ති විඳියි.

පසුගිය වසරේ ජූලි මාසයේදී, ප්‍රමුඛ දේශීය කුකුළු නිෂ්පාදන නිෂ්පාදකයෙකුවන New Anthoney’s Farms, සමස්ත දකුණු ආසියානු සහ උප-සහාරා අප්‍රිකානු කලාපයේ පළමුවැනි සමාගම බවට පත්කරමින්, ඔවුන්ගේ නිෂ්පාදන සඳහා “Fed with Sustainable U.S. Soy” ලේබලය සම්මතකරගනු ලැබීය. තවත් නිෂ්පාදකයින් දස දෙනෙකු එය අනුගමනය කරමින් බලපත්‍ර ගිවිසුම් අත්සන් කළහ.

“අසල්වැසි රටවලට සාපේක්ෂව කුඩා කර්මාන්ත ප්‍රමාණයක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ කුකුළු හා පශු සම්පත් කර්මාන්තය සිය සමස්ත මෙහෙයුම් සහ සැපයුම් දාමය පුරා තිරසරත්වයක් ඇතිකර ගැනීම සඳහා සැලකිය යුතු ආයෝජන සහ ප්‍රයත්න සිදුකරමින් එහි ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ හැකියා ඉහළ නැංවීමට සහ වැඩි කිරීමට අඛණ්ඩව කටයුතුකර ඇත. එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන සභාවේ, දකුණු ආසියාව සහ උප-ශාරන් අප්‍රිකාව සඳහා කලාපීය අධ්‍යක්ෂ කෙවින් රොප්කේ පැවසීය.

විවිධ රටවල් 18ක සමාගම් 120ක් සහ නිෂ්පාදන 1,000 කට අධික ප්‍රමාණයක් හරහා භාවිතකරන Sustainable U.S. Soy සහ ‘Fed with U.S Sustainable Soy’ ලේබලය භාවිතා කිරීම සඳහා මෙම වසරේ Soy Connext විසින් Sri Lanka’s New Anthoney’s Group සහ Happy Hen (Switz Lanka) ඇතුළු සමාගම් කිහිපයක් පිළිගෙන ඇත.  තවත් නව එකතු කිරීමක් වන්නේ, එක්සත් ජනපද සෝයා හි ජාත්‍යන්තර පාරිභෝගිකයින්ට දැන් ඔවුන් සිදුකරන සෝයා මිලදී ගැනීමේ කාබන් පියවර ඔවුන්ගේ SSAP සහතිකයට ඇතුළත්කරන ලෙස ඉල්ලා සිටිය හැක.

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව