ශ්‍රී ලංකාවේ අලුත උපන් දරුවන්ගේ සත්කාරවල ප්‍රමිතිය ඉහළ නැංවීම වෙනුවෙන් Baby Cheramy සහ කාසල් වීදියේ රෝහල අත්වැල් බැඳගනී

Image (LBN)

Baby Cheramy විසින් කාන්තාවන් සඳහා ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රමුඛතම රෝහල වන කාසල් වීදියේ රෝහලෙහි ආරම්භ කරන ලද සිය ව්‍යාපෘතියෙහි පළමු අදියරේ කටයුතු සාර්ථකව අවසන් කරන ලදී. රෝහල වෙත පැමිණෙන දෙමාපියන්ට වඩාත් සුවපහසු සහ ප්‍රසන්න අත්දැකීමක් පිරිනැමීමේ අරමුණින්  ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය ඔස්සේ රෝහල් පරිශ්‍රය තුළ සවිස්තරාත්මක තොරතුරු සහිත සංඥා පුවරු සවි කිරීම වෙනුවෙන් අවශ්‍ය ආධාර සැපයීම සිදුකෙරිණි .

 



 
ඒ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම සංක්ෂිප්තව සහ පැහැදිලිව අවශ්‍ය තොරතුරු සටහන් කළ පුවරු  සකස් කිරීමට සැලසුම් කර තිබේ.එමඟින් රෝහල වෙත පැමිණෙන  භාහිර පාර්ශවයන්ගේ අත්දැකීම් වැඩිදියුණු කරන අතර , ළදරු රැකවරණය සහ රෝගීන්ගේ යහපැවැත්ම වෙනුවෙන් ද  අත්‍යවශ්‍ය මඟ පෙන්වීමක් පිරිනමමින් පහසු   ප්‍රවේශයක් සහතික කරයි.

තවද,මව්කිරි ලබාදීම පිළිබඳ  පුහුණු කිරීමේ ඒකකය සහ අධ්‍යාපන කටයුතු සිදුකරන  ඒකකය ප්‍රතිසංස්කරණය කිරීමට ද මෙම ව්‍යාපෘතිය හරහා කටයුතු කර ඇති අතර   පූර්ව ප්‍රසව , ප්‍රසව හා පශ්චාත් ප්‍රසව සත්කාරවලදී මව්කිරි ලබාදීම සම්බන්ධ ප්‍රශස්ත  ක්‍රමවේදයන්  ප්‍රවර්ධනය කිරීම කෙරෙහි  Baby Cheramy දක්වන මහඟු කැපවීම මෙමඟින් මැනවින් අවධාරණය විය.මෙම සියලුම ප්‍රවේශයන්හි මූලික පරමාර්ථය වන්නේ, ළදරු රැකවරණය සහ රෝගීන්ගේ යහපැවැත්ම පිළිබඳ ඉවහල් වන  තොරතුරු ඵලදායීව සැපයීමේ පහසුකම්  සකස් කිරීම වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Hemas Consumer Brands හි අලෙවි අධ්‍යක්ෂ ශියාන් ජයවීර මහතා මෙසේ සඳහන් කළේය. “ශ්‍රී ලංකාව වෙනුවෙන් අපගේ සෞඛ්‍ය අංශය සහ මෙම රෝහල  සුවිසල් සේවාවක් සිදුකරනවා. එබැවින් ඔවුන්ගේ එක කැපවීමට සහය දැක්වීමට  අවස්ථාවක් ලැබීම  අපට විශාල ගෞරවයක්.  වසර 60ක් පුරාවට මෙරට නව මව්වරුන්ගේ ජීවිතයට සමීප වූ සන්නාමයක් ලෙස  Baby Cheramy වසර ගණනාවක සිට ආරක්ෂාකාරී ළදරු නිෂ්පාදන සැපයීම සඳහා පාරිභෝගික ජනතාව සමඟ ඉතා සමීපව කටයුතු කරනවා.  මීට අමතරව, මෙම ව්‍යාපෘතියේම කොටසක් ලෙස රාජ්‍ය සහ වෘත්තීය ආයතන කිහිපයක්  සමඟ ද හවුල්කාරිත්වයන් ගොඩනගා ගනිමින්  හොඳම ළදරු සහ ළමා රැකවරණය පිළිබඳ මනා දැනුමක් දෙමාපියන්ට ලබා දීම වෙනුවෙන් ද දිවයින පුරා අධ්‍යාපන වැඩසටහන් රැසක් පැවැත්වීමට ද අප සැලසුම් කර තිබෙනවා .”

කාසල් වීදියේ රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා මේ පිළිබඳ සිය අදහස් මෙසේ එකතු කළේය. “මෙම අර්ථවත්  හවුල්කාරිත්වය සඳහා Baby Cheramy සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳව  අපි බොහෝ සතුටු වෙනවා. ඒ වගේම  පරිපූර්ණ රැකවරණයක් සහ සහයෝගයක් ලබා දීම පිළිබඳ  අපගේ උත්සාහයන් අඛණ්ඩව සිදුකිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා.”

මේ පිළිබඳ අදහස් දක්වමින් Hemas Consumer Brands හි Baby Care අංශයේ අලෙවි කළමනාකාරිණී අස්මාරා මන්නන් පෙරේරා මහත්මිය  මෙසේ ප්‍රකාශ කළාය.” මෙම අඛණ්ඩ ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව අවසන් කිරීමට ලැබීම පිළිබඳව අපි නිහතමානීව සතුටු වෙනවා. එමෙන්ම මෙරට ප්‍රධාන රෝහල් නවයක සිටින සියලුම නව මව්වරුන් සඳහා ළදරුවන්ගේ පළමු සත්කාර පැකේජය මාසිකව ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපි බෙහෙවින් සතුටට පත්වෙනවා.මෙය වසර ගණනාවක් පුරා අඛණ්ඩව ළදරු රැකවරණය සම්බන්ධ  ප්‍රමිතීන් ඉහළ නැංවීම වෙනුවෙන් අපි සිදුකළ වෑයමේ එක් පියවරක් ලෙස හැඳින්විය හැකියි. මීට අමතරව නුදුරු අනාගතයේදී  මුල් මාතෘ අවධියේදී මව්වරුන්ට අත්‍යවශ්‍ය බඩුබාහිරාදිය ද  අඛණ්ඩව පිරිනැමීමට අපි අපේක්ෂා කරන අතර  ශ්‍රී ලංකාවේ මව්වරුන් සහ ඔවුන්ගේ පවුල් වඩාත්  හොඳින් රැකබලා ගැනීම සඳහා තවත් රෝහල් රැසක් වෙත අපගේ දායකත්වය ලබාදීම සඳහා මෙම කටයුතු තවදුරටත් දියුණු කිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා .”

මෙරට  අලුත උපන් දරුවන්ගේ සුරක්ෂිත බව සහ යහපැවැත්ම සහතික කිරීමේ පොදු අභිප්‍රාය මුල් කරගනිමින් Baby Cheramy සහ කාසල් වීදියේ කාන්තා රෝහලේ සහයෝගීතාවයෙන් දියත් කරන ලද හවුල් ව්‍යාපෘතියේ ප්‍රථම අදියර මෙලෙස සාර්ථකව නිමාවට පත් වන අතර ඉදිරියටත් මෙවැනි වටිනා ව්‍යාපෘති වෙනුවෙන් සිය දායකත්වය සැපයීමට Baby Cheramy කැප වී සිටියි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව