වෝග් ජුවලර්ස් වෙතින් ජීවිත කාලය පුරාවටම පවතින වගකීමක් සමගින් ‘Golden Friday’ දීමනා

WhatsApp Image 2023-11-17 at 12.59.09_2c5258ea (LBN)

 



 

 

මෙරට රන් ආභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස දශක 6 කට අධික කාලයක පටන් පාරිභෝගික විශ්වාසය දිනා ඇති වෝග් ජුවලර්ස් යනු කාගෙත් මුවග කියැවෙන නාමයකි. උසස් ප්‍රමිතිය සහ ශිල්පීය නිපුණත්වය මෙන්ම අසමසම පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් වෝග් ජුවලර්ස් ආයතනය විශාල ප්‍රසාදයක් දිනා ඇත. එමෙන්ම වෝග් ජුවලර්ස් යනු ආභරණ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ ගුණාත්මකභාවය පවත්වාගැනීම සඳහා වන ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් ලොව පළමු ආයතනයද බවට පත්වෙමින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වී තිබේ.  එහි සෑම ආභරණයක්ම, එකිනෙකට විශේෂිත වූ අවධානයකට භාජනය කරමින් වෝග් ජුවලර්ස් සිය ප්‍රමිතියට අනුකූල බව තහවුරු කරගැනීමට එහි කළමනාකාර අධ්‍යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතා ප්‍රමුඛ තත්ත්ව පරීක්ෂණ කණ්ඩායමේ දැඩි පරීක්ෂාවන්ට ලක් වේ.

වෝග් ජුවලර්ස් සිය ප්‍රතිඥාව වන ‘සැමදා ඔබ සමගයි’ යන්න සැබැවින්ම අර්ථවත් කිරීමට කැප වී සිටී. එම නිසා, ආභරණ ඇතුළුව වෝග් ජුවලර්ස් ආයතනයෙහි සියලුම නිෂ්පාදන සඳහා ජීවිත කාලය පුරාවටම පවත්නා වගකීමක්ද සමගින් පැමිණේ. උසස් ප්‍රමිතිය යනු වෝග් ජුවලර්ස් සමාගම කිසිදා අවතක්සේරු නොකරන සාධකයකි. මේ නිසා වෝග් ජුවලර්ස් ආභරණ නිසැකවම පරම්පරා ගණනාවක් පවතී.

“ජීවිත කාලය පුරාවට පවතින ආභරණ පමණක් නොව, උසස් ප්‍රමිතිය, විශ්වාසය සහ ගෙවන මිලට උපරිම වටිනාකමක් පිරිනැමීම මගින් සදාතනික අත්දැකීම් නිර්මාණය කිරීම අපගේ ඉලක්කය වී තිබෙනවා. ප්‍රමිතිය යන සාධකය අප කිසි විටෙකත් දෙවැනි තැන ලා සලකන්නේ නැහැ. අපගේ සෑම ආභරණයක්ම, උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදාගනිමින් ශිල්පීය නිපුණත්වයෙන් යුතුව නිර්මාණය වී ඇති බව තහවුරු කරගැනීම සඳහා ඒවා දැඩි පරීක්ෂාවන්ට ද ලක්වෙනවා. මෙහි සෑම අදියරකදීම මා එයට පෞද්ගලිකව දායක වනවා. සම්මානයට පාත්‍ර වූ වෝග් ජුවලර්ස් කණ්ඩායම නිසැකයෙන්ම උසස් ප්‍රමිතිය පවත්වාගැනීමට කටයුතු කරයි. එම නිසා, විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවුණු සන්නාමයක් වශයෙන් විශාල ප්‍රසාදයක් දිනාගැනීමට අපට හැකි වී තිබෙනවා.”  යැයි වෝග් ජුවලර්ස් හී කළමනාකාර අධ්‍යක්ෂ අනුර හේමචන්ද්‍ර මහතා පැවසී ය.

ක්ෂේත්‍රයේ පුරෝගාමීන් වශයෙන්ද වෝග් ජුවලර්ස්  ආයතනය මේ වනවිට බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වී ඇත. පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවයන්ට අනුව, පුළුල් පරාසයක පැතිරුණු ආභරණ එකතුවක් මේ වනවිට හඳුන්වා දී තිබේ. උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය වන මෙම ආභරණ, ස්වභාව සෞන්දර්ය, නවීන අදහස් සහ ශ්‍රී ලංකාවේ ඉපැරණි උරුමයන් ආශ්‍රයෙන් ආභාසය ලබා ඇති අතර, ඒවා ඉහළ කලාත්මක අගයකින් ද යුත් නිර්මාණ ලෙස සැලකේ.

වෝග් ජුවලර්ස් ආයතනය නොවැම්බර් මාසය සඳහා හඳුන්වාදෙන ‘Golden Friday’ වෙනුවෙන්  සිය පාරිභෝගිකයින්ට සුවිශේෂී දීමනා රැසක් තිළිණ කර දෙයි.  නොවැම්බර් 23 දින සිට 25 දින දක්වා ක්‍රියාත්මක මෙම වැඩසටහනේදී ‘Buy one get one free’ දීමනාව හිමිවන අතරම එම දියමන්ති සහ මැණික් සඳහා 50% ක් දක්වා වට්ටම්ද, කැරට් 22 රන් ආභරණ සඳහා 17% ක් දක්වා වට්ටම්ද හිමි වේ.

එමෙන්ම මෙම Golden Friday ප්‍රවර්ධන වැඩසටහනේ VIP දීමනාවට අදාළව තෝරාගත් රන් ආභරණ කිහිපයක රන් ටිකට්පත් සඟවා තිබේ. එම ටිකට්පත් හිමිකරගන්නා වාසනාවන්තයන්ට ‘Golden Friday VIP’ අවස්ථාව හිමි වන අතර, ඔවුන්ට තමන් මිලදීගන්නා භාණ්ඩවල වටිනාකමින් රු. 10,000/- දක්වා වට්ටමක් හිමි වන වවුචරයකට අමතරව ගාස්තුවකින් තොරව තමන්ට අවශ්‍ය අලංකරණයන් සහ අකුරු ආදිය ආභරණ මත සටහන් කරන මෙන් ඉල්ලා සිටීමේ අවස්ථාවක් සහ ආභරණ සහ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් නොමිලේ විලාසිතා උපදෙස් ලබාගැනීමේ අවස්ථාවක් වැනි වාසිද  හිමි වේ.

ගුණාත්මකභාවය උදෙසා දක්වන කැපවීම සහ ජීවිත කාලය පුරාවට පවත්නා වගකීමක් ලබාදීම මෙන්ම, ශිල්පීය නිපුණත්වයේ සහ පාරිභෝගික තෘප්තියේ වටිනාකම මැනැවින් වටහාගැනීම තුළින් වෙළඳපොළේ කැපීපෙනෙන ස්වර්ණාභරණ අලෙවිකරුවෙකු බවට පත්වීමට වෝග් ජුවලර්ස් සමත්ව තිබේ. වෝග් ජුවලර්ස් තෝරාගන්නා විට ඔබ සිදුකරනුයේ හුදෙක් ස්වර්ණාභරණ මිලදීගැනීමක් නොව, ජීවිත කාලයක් පුරා ඔබ ළඟ රැඳෙන සුන්දරත්වයේ සහ විශිෂ්ටත්වයේ උරුමයක් වෙනුවෙන් ආයෝජනය කිරීමකි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව