වීරසිංහ පීරිස් නිර්මාණය කළ ළමා ගීත සංයුක්ත තැටි දෙකක් එළි දකී

CD (LBN)

සංගීතවේදී වීරසිංහ පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද ළමා ගීත දාසයක් අඩංගු පුංචි පුංචි තරු සංයුක්ත තැටිය එළි දක්වයි. එහි ඇති ගීත අතරින් තොප්පි වෙළෙන්දා, අපි පුංචි පුංචි තරු වගෙයි, යකඩ යකා, මගේ නංගි බෝනික්කෙක් වැනි ගීත අන්තර්ජාලයේ මිලියන පනස් අටකට වඩා නරඹා ඇත. මහරගම Mothers Care දිවා සුරැකුම් සහ පෙර පාසල් පරිශ්‍රයේදී මෙම සංයුක්ත තැටිය එළි දක්වන ලදී. එහි විශේෂත්වය වූයේ ළමා ගීත සංයුක්ත තැටිය පෙර පාසල් දරුවන්ට පිළිගැන්වීමයි. එහිදී එක් ළමා ගීත සංයුක්ත තැටියක් වීරසිංහ පීරිස් මහතා විසින්ද අනෙක් ළමා ගීත සංයුක්ත තැටිය නිෂ්පාදක ආචාර්ය ප්‍රභාත් පීරිස් මහතා විසින්ද දරුවන් වෙත පිළිගන්වන ලදී. හා පැටව් වගේ, සිරිබර ශ්‍රී ලංකා, පෙර පාසලේ, රන් ගොයමේ සහ අම්මේ යන ගීත පුංචි පුංචි තරු 2 සංයුක්ත තැටියේ ගීත අතර ඇත. පුංචි පුංචි තරු 3 සංයුක්ත තැටියේ චූටි කුරුල්ලනේ, තොප්පි වෙළෙන්දයි වඳුරු පැංචයි, සමනළයෝ, මුව පැටියෙක් සහ සෙල්ලම් කරනා ටෙඩී යන ගීත ඇතුළත්ය. මෙම ළමා ගීත සියල්ලේම පද රචනය, තනු නිර්මාණය සහ සංගීතය වීරසිංහ පීරිස්ගේය. මෙහි ඉංග්‍රීසි සහ හින්දි ගීත දෙකක්ද ඇත.

මෙම ගීත එළිදැක්වීමේ උත්සවය පවත්වන ලද්දේ 2025 ජූලි 17ය. Mothers Care දිවා සුරැකුම් සහ පෙර පාසලේ අධ්‍යක්ෂිකා නිශානි ලියනගේ මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම උත්සවය පැවැත්වූ අතර ඇයගෙන් සහ එහි ආචාර්ය මණ්ඩලයෙන් එයට විශාල සහයෝගයක් ලැබිණි. මෙම ළමා ගීත සංයුක්ත තැටි විකිණීමට නොමැති අතර අන්තර්ජාලයේ ප්‍රභාත් ක්‍රියේෂන්ස් යූටියුබ් නාලිකාවෙන් ගීත නැරැඹිය හැකිය.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව