Arpico Pix 2

 




 

 

ජීවිතයේ අවිනිශ්චිතතාවයන් හමුවේ නොසැලී සිටීමට ඔබට ශක්තිය හා ආත්ම විශ්වාසය ලගා කරදීම අරමුණු කරගනිමින් ආර්පිකෝ රක්ෂණ සමාගම පසුගියදා ‘Arpico HealthCare’ රක්ෂණ සැලසුම හඳුන්වාදෙන ලos. තමන්ගේ සහ තම ආදරණීයයන්ගේ සෞඛ්‍යdරක්ෂාව තහවුරු කරගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ ලබාගත හැකි හොඳම සෞඛ්‍ය රක්ෂණයක් වන Arpico HealthCare රක්ෂණාවරණය, ඉතා සැලකිලිමත්ව සැලසුම් කළ ආවරණ සහිත, සියලු ශ්‍රී ලාංකිකයන් හට විවෘත වූ අමතර ප්‍ර‍තිලාභ සහ ජීවිත රක්ෂණයක් ද පිරිනමන විශිෂ්ට රක්ෂණ සැලසුමකි.

මෙම නව හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ආර්පිකෝ රක්ෂණ සමාගමේ ප්‍ර‍ධාන විධායක නිලධාරී කැළුම් සේනානායක මහතා මෙසේ පැවසීය “ඉතා ගුණාත්මක ‍ප්‍රතිලාභ පිරිනමන මෙම නව රක්ෂණ සැලසුම හඳුන්වාදෙන ලද්දේ සියලුම ශ්‍රී ලාංකිකයින්ටත් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත්  විශිෂ්ටතම සෞඛ්‍ය රක්ෂණාවරණයක් පිරිනැමීම ඉලක්ක කරගනිමිනි. ශ්‍රී ලංකාව තුල හා විදෙස්ගතව ප්‍ර‍තිකාර ලැබීමේ ප්‍ර‍තිලාභය, කාන්තා සෞඛ්‍ය රක්ෂණාවරණය, පිළිකා ආවරණය සහ ආයුර්වේද ප්‍ර‍තිකාර ප්‍ර‍තිලාභය වැනි සියලු අංශ ආවරණය වන පරිදි සැලසුම් කර ඇති මෙම නව රක්ෂණාවරණය සෑම ආකාරයකින්ම රක්ෂණ ඔප්පු හිමියා සහ සැමියා/බිරි‍ද, දරුවන් සහ දෙමාපියන්ගේ යහපත හා සුබසිද්ධිය අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇත”.

රක්ෂිතයා, සැමියා/බිරිද, දරුවන් සහ දෙමාපියන් සඳහා මුදල් නොමැතිව cashless ක%මයට හෝ මුදල් නැවත පියවිය හැකි (reimbursment) රෝහල්ගත වීමේ ප්‍ර‍තිලාභය, රක්ෂිතයා, සැමියා/බිරිද, දරුවන් හෝ දෙමාපියන් රෝහල්ගත වීමකදී දෛනිකව අහිමිවන ආදායම් ආවරණය සහ රක්ෂිතයාට හා සැමියා/බිරිදට බරපතල රෝගාබාධ 40ක් සඳහා රක්ෂණාවරණය සැලසීම වැනි අග්‍රගණ්‍ය ප්‍රතිලාභ රැසක් ආර්පිකෝ රක්ෂණ සමාගම විසින් පිරිනමනු ලබන මේ නව රක්ෂණ විසඳුමට ඇතුළත් වේ.  ඊට අමතරව මෙම නව සැලසුම මගින් අමතර ජීවිත රක්ෂණ ප්‍ර‍තිලාභයක්, සැමියා/බිරිදට ජීවිත රක්ෂණ ආවරණයක්, රක්ෂිතයාට සහ සැමියා/බිරිදට හදිසි අනතුරකින් හෝ රෝගාබාධයක් හේතුවෙන් සිදු වන සදාකාලික, පූර්ණ ආබාධිතවීමකදී හිමි වන ආවරණය ඇතුළු අනගි ප්‍ර‍තිලාභ පිරිනමනු ලබයි. එසේම රක්ෂණ ඔප්පු හිමියාට රක්ෂණ වාරික මුදල මාසිකව, කාර්තු වශයෙන්, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකව තමන් කැමති පරිදි ගෙවීමේ හැකියාව ද ඇත.

දරුවන් යනු අපගේ වටිනාම සම්පත වන අතර දරුවෙකු බරපතල රෝගාබාධයකට ගොදුරු වුවහොත්, ළමුන් ගොදුරු විය හැකි බරපතල රෝගාබාධ 20ක් සඳහා Arpico HealthCare සැලසුම ආවරණය සලසනු ලබයි. එසේම අද වන විට බහුතර පිරිසක් ගොදුරු වන මාරාන්තික පිළිකා රෝගී තත්ත්වයන්ගෙන් රක්ෂිතයා සහ සැමියා/බිරිද ආරක්ෂා කරගැනීම සඳහා මෙම නව සැලසුම මගින් විශේෂ පිළිකා රක්ෂණාවරණයක් ද සලසා දී තිබේ. Arpico HealthCare සැලසුම මගින් විශේෂ කාන්තා සෞඛ්‍ය රක්ෂණවරණයක්ද ඉදිරිපත් කර ඇති අතර, කාන්තාවන් සීමාවූ පිළිකා තත්ත්වයන්, බරපතල පිළිස්සුම්, ගර්භණී අවධියේ ඇතිවිය හැකි සංකූලතා ඇතුළු තත්ත්වයන් රැසක් එමගින් ආවරණය කෙරේ.

Arpico HealthCare සැලසුමෙහි මුදල් රහිත රෝහල්ගත වීමේ ප්‍ර‍තිලාභය (Cashless benefit) මගින් කාමර ගාස්තු, හෙද ගාස්තු, දැඩි සත්කාර ඒකක ගාස්තු, රසායනාගාර පරීක්ෂණ ගාස්තු, ඖෂධ, විවිධ රෝහල් සේවා ගාස්තු සහ වෙනත් වෛද්‍ය සේවා ඇතුළු රෝහල්ගතවීමේ ගෙවීම් රැසක් ආවරණය කෙරේ. ඊට අමතරව, වීඩියෝ ඇමතුම් හරහා නොමිලේ විශේෂඥ වෛද්‍යවරුන් චැනල් කිරීම (Telemedicine), දේශීය හා විදේශීය වෛද්‍යවරුන්ගෙන් නොමිලේ විකල්ප/අමතර වෛද්‍ය උපදෙස් (second medical opinion) ලබාගැනීම වැනි නවීන ප්‍ර‍තිලාභ සහ වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ මිලදී ගැනීමේදී ඖෂධහල් (ෆාමසි) වෙත ගෙවන මුදල් නැවත ලබාගැනීම (reimbursement) වැනි ප්‍ර‍තිලාභ ද මෙමගින් රක්ෂිතයාට ලැබෙනු ඇත.

එසේම රක්ෂිතයා රෝහල්ගතවීම හේතුවෙන් ඔහුගේ ආදායම බිඳ වැටුනහොත්, දිනකට රුපියල් 25,000 ක උපරිමයක් දක්වා දෛනික ආදායම් ආවරණයක්, රෝහල්ගත වීමට පෙර හා පසු වියදම් ආවරණය, රක්ෂණ හිමිකම් ලබාගෙන නොමැති සෑම වසර දෙකකටම වරක් නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ සහ දන්ත වෛද්‍ය ගාස්තු ආවරණයක්ද මෙම රක්ෂණයට ඇතුළත් වේ. මීට අමතරව යම් වර්ෂයක් තුළ හිමිකම් ලබා නොගතහොත්, cashless රෝහල්ගත වීමේ ප්‍ර‍තිලාභය සෑම වර්ෂයකම 25% කින් (100% ක උපරිමයක් දක්වා) ඉහළ යෑම මෙහි ඇති තවත් වාසියක් වේ.

ඊට අමතරව, රක්ෂිතයා, සැමියා/බිරිද, දරුවන් හෝ දෙමාපියන් රෝහල්ගත වීමකදී, cashless රෝහල්ගත වීමේ ප්‍ර‍තිලාභයට අදාළ රක්ෂණාවරණ මුදල සම්පූර්ණයෙන්ම භාවිත කර අවසන් වුවහොත්, එම රක්ෂණාවරණයේ වටිනාකමට සමාන අමතර රක්ෂණ මුදලක්ද cashless රෝහල්ගත වීමේ ප්‍ර‍තිලාභය වෙනුවෙන් සහතික කෙරේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව