විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුහුණු අවස්ථා පිරිනැමීම සඳහා මැලිබන් බිස්කට් සමාගම සහ වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශයේ අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ.

IMG_6130 (LBN)

2025 ජනවාරි 21, කොළඹ: අධ්‍යාපන ක්ෂේත්‍රය හා කර්මාන්ත ක්ෂේත්‍රය අතර සහයෝගීත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, වයඹ විශ්ව විද්‍යාලය සහ මැලිබන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට 2025 ජනවාරි 07 දින එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අත්සන් තැබිණි.

මෙම අවස්ථාවට වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ, එම විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එස්. කේ. ගමගේ, එම විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. චිත්‍රානන්ද සහ ව්‍යාපාර කළමනාකරණ අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය ඩබ්ලිව්. ඩී. එන්. එස්. එම්. තෙන්නකෝන් යන නෝනා මහත්වරුන් ඇතුළුව එම විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම මැලිබන් සමූහය නියෝජනය කරමින් එම සමාගමේ සමූහ ප්‍රධාන මානව සම්පත් සහ පරිපාලන කළමනාකරු ඩබ්ලිව්. ඒ. ඩී. ඩබ්ලිව්. රෝහණ විජේසූරිය, සමූහ කුසලතා සංවර්ධන කළමනාකරු ටී. දිමුත් ලියනගම සහ බඳවාගැනීම් කළමනාකරු සහ මානව සම්පත් හවුල්කරු ප්‍රගීත් දේවසිරිනාරායන යන මහත්වරු ඇතුළු පිරිසක්ද එක්වූහ.

 



 

වයඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීය මට්ටමේ දැනුම හා පළපුරුද්ද ලබාගැනීමට අවස්ථාව සැලසෙන ආකාරයට ඔවුන්ට සීමාවාසික පුහුණු අවස්ථා සහ කළමනාකරණ පුහුණු අවස්ථා පිරිනැමීම මෙම අවබෝධතා ගිවිසුමේ මූලික අරමුණයි. මෙමගින් ඔවුන්ට ප්‍රායෝගික දැනුමක් හා පුහුණුවක් ලබමින්, රැකියාවලට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට තම කුසලතා සහ නායකත්වය හැකියාවන් වැඩිදියුණු කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

“මෙය අපගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ දැනුම හා ප්‍රායෝගික කුසලතා අතර පරතරය අවම කරමින් ඔවුන්ට තම වෘත්තීය ජීවිත සාර්ථක කරගැනීමට වටිනා අවස්ථා රැසක් උදාකර දෙනු ඇතැයි කියා අප සිතනවා.” වයඹ විශ්ව විද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා පැවසී ය.

මෙමගින් මැලිබන් සමාගමටද මෙරට දක්ෂ ශිෂ්‍ය ශිෂ්‍යාවන් රාශියක් සමග සමීපව සම්බන්ධ වීමටත්, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සමග ඇතිකරගෙන ඇති සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් ගැනීමටත්, සමාගමේ වටිනාකම් හා මෙහෙයුම් ඉලක්කවලට සමගාමීව රටේ අනාගත නායකයන් නිර්මාණය කිරීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

“මෙම අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකාවේ අනාගත පරපුරේ වෘත්තිකයන් සවිබල ගැන්වීම තුළින් රටේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා මැලිබන් සමාගම දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියක්.” මැලිබන් සමාගමේ සමූහ මානව සම්පත් සහ පරිපාලන කළමනාකරු ඩබ්ලිව්. ඒ. ඩී. ඩබ්ලිව්. රෝහණ විජේසූරිය මහතා පැවසී ය.

දශක 70 කට අධික කාලයක පටන් මෙරට බිස්කට් කර්මාන්තයේ පුරෝගාමියෙකු වන මැලිබන් නවෝත්පාදනය ඔස්සේ රටේ ප්‍රගතියට සුවිශාල දායකත්වයක් ලබා දෙමින්  සිටින අතර, වයඹ විශ්ව විද්‍යාලය සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එම මෙහෙවරෙහි තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව