විවිධ පාරිභෝගික අවශ්‍යතා සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීමට HNB සහ DIMO අත්වැල් බැඳගනී

DIMOHNB 01 (LBN)

ශ්‍රී ලංකාවේ කාර්යක්ෂම හා පහසු ප්‍රවාහන විසඳුම් සැපයීමට සහ කෘෂි කර්මාන්තයේ දියුණුවට සහාය වෙමින් පුළුල් පරාසයක මගී සහ වාණිජ වාහන සඳහා නව්‍ය ලීසිං විසඳුම් ලබා දීම සඳහා හැටන් නැෂනල් බැංකුව වසර 85 කට වැඩි කාලයක් මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා දිවයින පුරා පාරිභෝගිකයින්ට පුද්ගලික ප්‍රවාහනය, ව්‍යාපාරික අවශ්‍යතා සහ කෘෂිකාර්මික මෙහෙයුම් වැනි විවිධ අරමුණු සඳහා පහසුවෙන් ප්‍රවේශය විය හැකි හා සුදුසු මූල්‍යකරණ විසඳුම් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ.
 



 
මෙම හවුල්කාරිත්වයට මර්සිඩීස් බෙනස් මෝටර් රථ, ටාටා මෝටර් රථ (ඉලෙක්ටි්‍රක්, හයිබි්‍රඩ් සහ පෙට්‍රල් මාදිලි), ටාටා වාණිජ වාහන සහ මහින්ද්‍රා ට්‍රැක්ටර් රථ සහ LOVOL හාවස්ටර් ඇතුළු පුළුල් පරාසයක වාහන සඳහා ලීසිං විකල්ප ඇතුළත් වේ. මෙය ශ්‍රී ලංකා ආර්ථිකයේ විවිධ අංශවලට සහාය වීම සඳහා ආයතන දෙකෙහිම කැපවීම පෙන්නුම් කරයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ ‘’අපගේ පාරිභෝගිකයින්ට පුද්ගලික සහ ව්‍යාපාරික ප්‍රවාහන අවශ්‍යතා යන දෙකටම උපකාර කිරීම සඳහා DIMO සමඟ හවුල් වීමට ලැබීම පිළිබඳව අපි සතුටු වනවා. මෙම හවුල්කාරිත්වය නවෝත්පාදනය, තිරසාරභාවය සහ පාරිභෝගික පහසුව කෙරෙහි වන අප ආයතන දෙකෙහිම ඒකායන කැපවීම ශක්තිමත් කරන අතර වෙනස්වන ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන මූල්‍යකරණ විසඳුම් ලබා දෙනවා.’’ යනුවෙනි.

මීට අමතරව මේ හරහා පාරිභෝගිකයින්ට HNB හි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක ජාලය මගින් දැරිය හැකි ලීසිං පැකේජ, කඩිනම් ලියකියවිලි සේවය සහ විශිෂ්ට සේවාවක් ලබා ගත හැකිය. එමෙන්ම ඉලෙක්ටි්‍රක් සහ හයිබි්‍රඩ් වාහන භාවිතය දිරිමත් කිරීම මගින් තිරසාර ප්‍රවාහනය ප්‍රවර්ධනය කිරීමේ ඉලක්කයට ද මෙම හවුල්කාරිත්වය සහාය වේ.

“මර්සිඩීස් බෙනස්, ටාටා, මහින්ද්‍රා ට්‍රැක්ටර් රථ සහ LOVOL හාවස්ටර් සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් බෙදාහරින ආයතනය ලෙස, විශ්වසනීය අලෙවියෙන් පසු සේවාවක් සහිත උසස් තත්ත්වයේ වාහන ලබා දීමෙන් අපි තිරසාර ප්‍රවාහනය වැඩි දියුණු කිරීමට අඛණ්ඩව කැපවී සිටිනවා. HNB සමඟ ඇති මෙම හවුල්කාරිත්වය මඟින් විනිවිදභාවයෙන් යුතු, කාර්යක්ෂම සහ දැරිය හැකි මූල්‍යකරණ විසඳුම් සමඟින් වැඩි පාරිභෝගිකයින් පිරිසකට ලෝකයේ ඉහළම මෝටර් රථ සන්නාම වෙත ප්‍රවේශ වීමට හැකි වේවි.” යනුවෙන් DIMO සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා පැවසුවේය.

තවද මෙම ලීසිං විසඳුම් සඳහා වැඩි වටිනාකමක් එක් කිරීම සඳහා DIMO, ටාටා වාණිජ වාහන සඳහා විශේෂ වට්ටම්, නොමිලේ ගොවි උපකරණ කට්ටල සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා service සහාය වැනි සුවිශේෂී ප්‍රතිලාභ ලබා දෙයි. මෙම ප්‍රතිලාභ පුද්ගලයින්ට සහ ව්‍යාපාරවලට විශේෂ අත්දැකීමක් ලබා දෙයි.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව