විරේන් නෙත්තසිංහ ස්ථානගත කිරීමේ සිවුවැනි තැනට රනිත්මා ලියනගේ ප්‍රධාන තරගපෙළ ගැස්ම අතරට

viren (1)

රටවල් 20ක විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වදින Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය මේ මස 5 වැනිදා ගාල්ල, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ. වසර 9කට පසු මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර තරගාවලිය  Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේදී ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ පිරිමි ඒකල ශ්‍රේණිගත කිරීම්වල සිවුවැනි ස්ථානයේ සිටින අතර, සුපිරි ඉන්දීය ක්‍රීඩකයන් වන එම්. මංජුනාත් සහ එස්. සුබ්‍රමනියම් ශ්‍රේණිගත කිරීම්වල පිළිවෙළින් පළමු හා දෙවැනි ස්ථානයේ සහ මැලේසියාවේ ජස්ටින් හොහ් තුන්වැනි ස්ථානයේ පසුවෙති.

 



 

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් 5 වැනිදා ඇරැඹෙන මෙම තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා සහභාගි වන අතර, 11 වැනිදා පෙරවරු 10.00 සිට අවසන් තරග පැවැත්වේ. ජයග්‍රාහකයන්ට අමෙරිකානු ඩොලර්  15,000ක මුදල් ත්‍යාග පිරිනැමෙන මෙම තරගාවලියේ සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සහභාගි වීමට නියමිතය.

වන  Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියට විවෘත පිරිමි ඒකළ සහ යුගල, විවෘත කාන්තා ඒකල සහ යුගල  සමඟ මිශ්‍ර යුගල තරග අංශ ඇතුළත් වන අතර, ප්‍රධාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ කාන්තා හා පිරිමි තරග අංශ ද ඊට ඇතුළත් වී තිබේ. විරේන් නෙත්තසිංහට අමතරව  ශ්‍රී ලංකාවේ ඉහළ දස්කම් අතර සිටින බුවනෙක ගුණතිලක, ආශිංස හේරත්, දුමිඳු අබේවික්‍රම සහ රසිඳු හෙන්දහේවා ද ප්‍රධාන තරගාවලියට එක්වී සිටින අතර, ශ්‍රී ලංකාවේ ජාතික බැඩ්මින්ටන් ශූරිය රනිත්මා ලියනගේ කාන්තා ඒකල ප්‍රධාන තරගාවලියට එක් වී සිටී

අවසන් තරග ඩයලොග් පපරේ ටීවි සහ පපරේ සමාජ මාධ්‍ය ජාලයේ සජීවිව විකාශය කරන අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ Li Ning, Mobil, GAC, 3M සහ McFoil තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර, නිල පානීය ජලය අනුග්‍රාහක ලෙස American Water කටයුතු කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව