වාර්තාගත ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකාව ලෝක කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ මූලික වටයේදී ‘එෆ්‘ කාණ්ඩයේ තුන්වැනි තැන අත්කර ගනී

IMG-20241002-WA0019 (LBN)

ලෝක බැඩ්මින්ටන් සම්මේලනය විසින් මෙහෙයවනු ලබන පළමු ශ්‍රේණියේ තරගාවලි දෙකක් වන යොනෙක්ස් BWF සුහන්දිනටා කුසලාන ලෝක කනිෂ්ඨ කණ්ඩායම් ශූරතා බැඩ්මින්ටන් තරගාවලියට සහ යොනෙක්ස් BWF අයි ලෙවල් කුසලාන ලෝක කනිෂ්ඨ තනි තරග බැඩ්මින්ටන් ශූරතාවලියට සහභාගි වෙමින් සිටින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම මූලික වටයේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කරමින්  ‘එෆ්‘ කාණ්ඩයේ තුන්වැනි ස්ථානය අත්කර ගැනීමට සමත් වී සිටී. චීනයේ නැංචැං ජාත්‍යන්තර ක්‍රීඩා මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම තරගාවලියේ ඉන්දුනීසියාව, පොලන්තය, මැකාවෝ සහ උතුරු මරියානා දුපත් සමඟ කාණ්ඩ ගතවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම 17 සහ 24 අතර ස්ථානයක් අත්කර ගැනීමේ තීරණාත්මක තරගයට පේරු කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට නියමිතය.

 



 

ශ්‍රී ලංකා කණ්ඩායමට තිළිණ රාජකරුණා, වරංගනා ජයවර්ධන, රෂ්මි මුදලිගේ, රනිත්මා ලියනගේ, ෂෙනුක් සමරරත්න සහ තිඩස වේරගොඩ ඇතුළත් වන අතර, ‘එෆ්‘ කාණ්ඩයේ සිය පළමු තරගයේදී මැකාවෝ පිලට එරෙහිව ලකුණු 110-63ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය. කෙසේ වුවද ප්‍රබල කණ්ඩායමක් වන ඉන්දුනීසියාව හමුවේ ලකුණු 62-110ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම  පෝලන්තය සමඟ පැවැති තුන්වැනි තරගයේදී ලකුණු 1-4-110ක පරාජයක් ලැබුවේ තියුණු සටනකින් පසුවය.

පිට පිට තරග දෙකකින් පරාජයට පත්වූවද උතුරු මරියානා දූපත් කණ්ඩායමට එරෙහිව ලකුණු 110-45ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේ ලකුණු ලබාදීමේ නවතම ක්‍රමවේදයට අනුව පරාජිත කණ්ඩායමට අවම වශයෙන් ප්‍රසාද ලකුණු 45ක් ලැබෙන බැවින් විශාල ලකුණු පරතරයකින් ජයග්‍රහණ අත්කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල වාසියක් අත්කර දී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ විශිෂ්ට දස්කම් හේතුවෙන් අපරාජිතව පෙරමුණේ පසුවන ඉන්දුනීසියාවට සහ පෝලන්තයට පසුපසින් ‘එෆ්‘ කාණ්ඩයේ තුන්වැනි ස්ථානයට පත්වූ අතර, මැකාවෝ සිව්වැනි ස්ථානයටත්, උතුරු මරියානා දූපත් පිල පස්වැනි ස්ථානයටත් පත්වී සිටී. ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ තරගය ලබන 5 වැනිදා පේරු කණ්ඩායම සමඟ පැවැත්වෙන අතර, තරගාවලියේ 17 සහ 24 අතර ස්ථානයක් සඳහා තරග වැදීමට ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබී ඇත්තේ තුන්වැනි ස්ථානය අත්කර ගැනීම හේතුවෙනි. මෙම තරගාවලිය 5 වැනිදා නිමාවට පත්වීමට නියමිතය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව